අම්මලා සහ තාත්තලා

ඉස්සර කාලෙ වැඩිහිටි අයව අප ආමන්ත්‍රණය කළේ අම්මා තාත්තා කියල. අපේ යාලුවන්ගෙ අම්මට තාත්තට අපි කට පුරා අම්ම තාත්තා කියල කිව්වා.ඒ කාලෙ අපට අම්මල තාත්තල ගොඩක් හිටියා.අපි කට පුරා ඒ අයට අම්මා තාත්තා කියල කිව්ව වගේම ඒ අයගෙන් අපට හිත පුරා මව් ගුණය පිය ගුණය ලැබුණා.

 

ඒත් දැන් කතන්දරේ වෙනස්. තමන්ගෙ ස්වාමියගෙ භාර්යාවගෙ අම්මට තාත්තට ආමන්ත්‍රණය කරන්නෙ ඇන්ටි අන්කල් කියල. අද ඇන්ටිල අන්කල්ල වැහි වැහැල. අපට ඇන්ටිල අන්කල්ලගෙන් මව් ගුණය පිය ගුණය බලාපොරොත්තු වෙන්න පුළුවන් ද ? අපිම කටක් ඇරල නොකියන මව් ගුණයක් පිය ගුණයක් අපට ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද ?

 

අම්මගෙන් අපට ලැබෙන්නෙ ආදරය, කරුණාව. තාත්තගෙන් ලැබෙන්නෙ ආරක්ෂාව. ඒ ලැබිච්ච අය කවදාවත් හිතින්වත් කයින්වත් තනි වුනේ නෑ. මානසික තනිකම කියන එක ඒ දවස්වල අහන්න නොලැබුනු දෙයක්.

 

මේක හොඳින් තේරුම් ගන්න උත්සාහ කරමු. අද සමාජයෙ අම්මලා සහ තාත්තල අඩු වෙලා තියෙන්නෙ අපේම වරදින් නේද ? අපි අපට ඉන්න අම්මලා සහ තාත්තලා ගණන වැඩි කර ගනිමු. අපට ලැබෙන වැඩිහිටි ආදරය කරුණාව ආරක්ෂාව වැඩි කර ගනිමු. එමඟින් නීරෝගී සමාජයක් හදා ගනිමු.

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

2 Responses to අම්මලා සහ තාත්තලා

  1. danuka says:

    හොඳ අදහසක්…හැබැයි අද කාලෙ අම්මා, තාත්තා ටිකක් මොඩිෆයි වෙලා අම්මි, තාත්ති වෙලා…යාළුවොන්ගෙ දෙමව්පියන්ට අංකල්, ඇන්ටි කියන එක සම්ප්‍රදායක් වෙලා. ඒක නැතිකරන එක නම් ටිකක් අමාරු වෙයි.

    • kumudupinto says:

      අමාරු දේ කළොත් නේද වටින්නෙ. අනෙක් අතට අපේ කාලෙ යාළුවන්ගෙ අම්ම තාත්ත අපෙත් අම්ම තාත්තා. යාළුවන්ගෙ අයිය මල්ලි අපෙත් අයිය මල්ලි. කලින් පරම්පරාවෙ තිබූ හොඳ දේ ඉතුරු කරගෙන නරක දේ අයින් කරමු. එතකොට ඩාවින්ගෙ න්‍යාය හරියටම හරි යයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s