ගණනය කිරීම් කෙටියෙන්

අපි මේ මාතෘකාව යටතේ ඇති Blogs වලින් බලාපොරොත්තු වන්නේ කෙටි ක්‍රම මඟින් බොහෝම ඉක්මනට ගණිතයෙ හා පරිගණක විද්‍යාවෙ එන නොයෙකුත් ගණනය කිරීම් කරන හැටි ඉගෙන ගන්නයි.

 

ඇත්තටම ගණනය කිරිම් එක් පැත්තකින් විනෝදයක් වෙන්න ඕනෙ. අනෙක් පැත්තෙන් ඉතාම ඉක්මනට ගණනය කිරීම් සඳහා කෙටි ක්‍රම භාවිතා කිරීම මඟින් අපේ ගණනය කිරීමේ වේගය වැඩි කර ගන්න ඕනෙ. යමෙකුට තර්ක කරන්න පුළුවන් මෙච්චර දියුණු කාලෙක කැල්කියුලේටරයක් පාවිච්චි කරල ගණනය කිරීම් කරනව මිස කෙටි ක්‍රම ඉගෙන ගන්නෙ මොකටද කියල. එහෙම හිතන්නෙ කැල්කියුලේටරයට සහ කම්පියුටරයට යට වෙන්න කැමති අයයි.

 

සමහර අවස්ථාවලදි අප ලියන පරිගණක වැඩ සටහන් කෙටි කර ගැනීම සඳහා අපට ඕනෙ වෙනව සමහර සංඛ්‍යා සමූහයන්හි සම්බන්ධතා අවබෝධ කර ගැනීමට. මේ වාගෙ වෙලාවක කෙටි ක්‍රම දන්නා කෙනෙකුට ඒ සංඛ්‍යා සමූහයන් දැක්ක ගමන් පෙනෙන්න ගන්නවා ඒවා අතර තියෙන සම්බන්ධතාවය. ඒ සඳහා මේ වාගෙ කෙටි ක්‍රම හදාරල තියෙන්න ඕනෙ. පාවිච්චි කරල තියෙන්න ඕනෙ. එක එක විධි මඟින් සංඛ්‍යා එක්ක සෙල්ලම් කරල තියෙන්න ඕනෙ. සංඛ්‍යා කියන දේ බාහිර දෙයක් නොවී තමන්ගෙම කොටසක් බවට පත්වෙලා තියෙන්න ඕනෙ. අන්න එතැනට එන්න ඔබට උදව් කිරීමයි මේ Blogs පෙළෙහි අරමුණ.

 

අපි මේ ක්‍රියාවලිය පටන් ගනිමු අපට විශේෂයෙන් හඳුනා ගත හැකි ලක්ෂණ තියෙන සංඛ්‍යාවක් වර්ග කිරීම සඳහා භාවිතා කළ හැකි කෙටි ක්‍රම මඟින්.

This entry was posted in 05. කෙටි ක්‍රම, සිංහල. Bookmark the permalink.

One Response to ගණනය කිරීම් කෙටියෙන්

  1. දනුක says:

    මම ගණන් වලට ආස නැති වුණත් මෙ post එක කියෙව්වම counting technique වලට ආස හිතුණා මොකද මේකට IT ගාවලා තියන නිසා. සර්ට පුලුවන්නම් ඉතුරු post ටික ඉක්මනට දාන්න. මේකෙ “වර්ග” කියන එකෙත් අවුලක් තියනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s