ඔබේ දරුවාව පරිගණක විශේෂඥයකු කළ යුත්තේ ඇයි ?

ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනෙ ඔබ ඔබේ දරුවාව පරිගණක විශේෂඥයකු කළ යුත්තේ ඇයි කියල. මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ල නම් අධ්‍යාපනයෙ ඉහළින්ම වැජඹුනේ ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ගණකාධිකරණය, නීති ක්ෂේත්‍රය හා පරිපාලන ක්ෂේත්‍රය වගෙ ඒවායි. අදටත් හුඟාක් පරණ අදහස් තියෙන අය තමන්ගෙ දරුවා ව යොමු කරන්න හදන්නෙ මුලින් නම් සඳහන් කළ ක්ෂේත්‍රවලටයි.

 

අපි හිතමු අද දරුවෙක් ඉංජිනේරු විද්‍යාව හරි වෛද්‍ය විද්‍යාව හරි තෝරාගෙන විශ්ව විද්‍යාලයට ඇතුල් වෙලා උපාධිය ලබා ගන්නව කියල. එහෙමත් නැත්නම් ගණකාධිකරණය, නීති ක්ෂේත්‍රය හෝ පරිපාලන ක්ෂේත්‍රය යන අංශයකින් මූලික උපාධිය ලබා ගන්නව කියල. ඒත් එහෙම උපාධියක් ලබා ගත්ත කෙනෙකුට වඩා බොහෝම ඉහළ වැටුපක් ලබා ගන්න පුළුවන් වෙනව පරිගණක ක්ෂේත්‍රයෙන් උපාධියක් ලබා ගෙන පෞද්ගලික අංශය බලාපොරොත්තු වන හැකියාවන් වර්ධනය කර ගත්ත කෙනෙකුට. උදාහරණයක් හැටියට පරිගණක ක්ෂේත්‍රයෙ මූලික උපාධියක් හා Java යන පරිගණක භාෂාවෙ මනා පරිචයක් තිබූ අප දන්නා කිහිප දෙනෙකුම උපාධිය ලබා වසර දෙක තුනක් ඇතුළත රුපියල් ලක්ෂය ඉක්ම වූ වැටුපකට හිමිකම් කිව්වා !!

 

අනෙක් අතට අද මොන වෘත්තිය තෝරා ගත්තත් පරිගණකවලින් ගැලවෙන්න බෑ. ගුරුවරයකු වුනත්, ගණකාධීකාරීවරයකු වුනත් වෛද්‍යවරයකු වුනත් නීතීඥයකු වුනත් කොටින්ම ලිපිකරුවකු වුනත් පරිගණකවලින් ගැලවෙන්න බෑ. ඒ වෘත්තියෙ විශිෂ්ඨයකු වීමටම නෙවි. පවතින තත්වයෙන් එළියට වීසි නොවී ඉන්න නම් පරිගණක ගැන හොඳ – ඉතා හොඳ දැනීමක් තියෙන්න ඕනෙ.

 

දැන් ඔබට හිතෙයි ඔබේ දරුවා යම්කිසි සෞන්දර්ය විෂයයකට දක්ෂ නම්, ඔහුට හෝ ඇයට පරිගණකවලින් වැඩක් නෑ කියන එක. ඔබට වැරදිලා. ඔබේ දරුවා දක්ෂ වෙන්නෙ චිත්‍ර විෂයයට වුනත් සංගීතයට වුනත් ලේඛන කලාවට වුනත් පරිගණක පිළිබඳ විශිෂඨ දැනීමකින් ඒ හැකියාව ආලෝකමත් කර ගන්න පුළුවනි.

 

ඒ එක්කම අපේ බොහෝම වැරදි මත තිබෙනවා පරිගණක විද්‍යාව ගැන. එකක් තමයි පරිගණක විද්‍යාවෙ ඉදිරියට යාමට ගණිතය අත්‍යවශ්‍ය ය කියන මතය. පරිගණක විද්‍යාවෙ එක් අංශයකට නම් ඒ මතය හරියටම හරි. ඒත් ඒ හැම අංශයකටම නෙවි. අනෙක් අතට පරිගණක විද්‍යාව පමණක් ම ඉගෙන ගෙන එයින් කෙළවරට යාමට උත්සාහ කළ යුතුය කියන එකත් ඒ වගේම වැරදි මතයක්. අද ලෝකය හුඟාක් විශාලයි. අද ලෝකයට අවශ්‍ය වෙන්නෙ විෂයයන් ගණනාවක් එකිනෙකට බද්ධ කළ හැකි උදවිය. ඒ එක්කම පරිගණක විද්‍යාව පිළිබඳ දැනීම පමණක්ම ඕනෑවන අවස්ථා අද ඉතාමත්ම විරලයි. බොහෝ අවස්ථාවලදි අනෙක් විෂයන්ගෙ පෘථුල දැනීමකුත් පරිගණක විද්‍යාව සමඟම යෙදෙනවා.

 

ආචාර්ය ආතර් සී. ක්ලාක් කියල තියෙනවා, අනාගතයෙ ඉන්නෙ මිනිස්සු වර්ග දෙකයි කියල. ජාති කුලමල, ආගම් වාගෙ අනෙක් සියළු වෙනස්කම් ඒ වෙනකොට මැකිල යනව කියලයි ඒ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා කියල තියෙන්නෙ. අනාගත්යෙ ඉන්නව කියන එක වර්ගයක් පරිගණක පාලනය කරන උදවිය. අනෙක් වර්ගය පරිගණක විසින් පාලනය වෙන උදවිය. ඔබ කැමති ඔබේ දරුවා මේ වර්ග දෙකින් මොන වර්ගයට අයිති වෙනවට ද ?

 

ඔබේ දරුවාව යොමු කරන්න ඉන්නෙ ඍජුවම පරිගණක විද්‍යා ක්ෂේත්‍රයට වුනත් වෙනත් ඕනෑම ක්ෂේත්‍රයකට වුනත් පරිගණක විද්‍යාව පිළිබඳ විශිෂ්ඨ දැනීම අතිශයින් වැදගත් වන බව දැන් ඔබට වැටහිලා ඇති. දැන් තියෙන්නෙ දරුවාට සුදුසු ක්ෂේත්‍රයක් තෝරා ගන්නා එකයි.

This entry was posted in 03. වත්මන්/අනාගත දෙමාපියන්ට, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s