ප්‍රාණඝාතය

එක්තරා අවස්ථාවක කොළඹ ප්‍රධාන පෙළේ පරිගණක අධ්‍යාපන ආයතනයක සාමාන්‍යාධිකාරී තනතුර දරමින් සිටියදී ජීවත් වීමේ අරමුණ ගැන තව දුරටත් හැදෑරීම සඳහා සියළු ලෞකික කටයුතුවලින් ඉවත්වීමේ අවශ්‍යතාවයක් ඇති වූ විටෙක ඒ ගැන මට හමු වූ විශිෂ්ඨම ගුරුවරයා හට පැවසූ විට අප අතර හුවමාරු වූ අදහස් බිඳකි මේ.

 

මම : සාධූන් වහන්ස. මට රැකියාවෙන් අස් වීමේ අවශ්‍යතාවයක් පැන නැඟුනා. ඒක ඉතාමත්ම ඉක්මනින් කර ගන්නයි මගේ බලාපොරොත්තුව. (එකල අප ගුරුතුමා ඇමතුවේ “සාධූන් වහන්ස” යනුවෙනි.)

 

ගුරුතුමා : එහෙම හදිස්සි වෙන්න ගිහිල්ල ඔබ ප්‍රාණඝාත අකුසලේ කර ගන්නව එහෙම නෙවෙයි.

 

මම : රස්සාවෙන් අස් වුනහම ප්‍රාණඝාත අකුසලේ සිද්ද වෙන්නෙ කොහොමද ?

 

ගුරුතුමා : ප්‍රාණඝාත අකුසලයක් කියන්නෙ ජීවත් වන යම් ජීවියකුගෙ ජීවිතය නැති කිරීම. ඔබ සේවය කරන ආයතනය හරියට ජීවියෙක් වාගෙ. උපතක් තියෙනවා. ඒ වගේ ඒ ආයතනය නිසා තව ජීවත් වන දහ පහළොවකුත් ඒ අයගෙ පවුල්වල අයත් ගත්තහම සිය ගණනක් වෙනවා. ඔබේ ඉවත්වීම නිසා ඒ ආයතනය වහන්න වුනොත්, ඔබට ප්‍රාණඝාත අකුසලය ලැබෙනවා, කිසිම අඩුවක් නැතිව.

 

මම : ඒකෙන් ගැලවෙන්න මං මොකක්ද කරන්න ඕනෙ ?

 

ගුරුතුමා : ඔබෙන් පස්සෙ ඔබේ ධුරය බාර දෙන්න කෙනෙක්ව හොයන්න. ඔහු ගැන ඔබත් ඔබේ ඉහළ නිලධාරීන් හා අධ්‍යක්ෂක මණ්ඪලයත් පහළ සේවකයිනුත් සෑහීමකට පත් වෙන්න ඕනෙ. ඊළඟට ඔබත් ඔහුත් යම් කාලයක් එකට වැඩ කරන්න ඕනෙ. ඉතාමත්ම සුමටව ඔබ කරමින් හිටි වැඩ කොටස ඔහුට මාරු වෙන්න ඕනෙ. ඊලඟටයි ඔබට එතැනින් ඉවත් වෙන්න පුළුවන් වෙන්නෙ.

 

ඒ විදියටම මම එතැනින් ඉවත් වුනා.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

5 Responses to ප්‍රාණඝාතය

  1. මුදිතා says:

    සර්, මේ වගේ තත්ත්වයක් උදා උණොත් මොකද කරන්නේ? කෙනෙක් ඉන්නවා බොහොම කැමැත්තෙන්, බැඳීමකින් තමන්ගේ ආයතනයට සේවය කරනවා. එයා සාමාන්‍යයෙන් තමන් ආදරය කරන දේවල් වල, ආදරේ කරන අය තුළ අඩුපාඩු දකින්නේ නෑ, හොඳ විතරමයි දකින්නේ. වරදක් දැක්කොත් ඒක ඒ පැත්තෙන් හිතලා සාධාරණීකරණය කරගන්නවා. ඒත් කාලයක් යන කොට, එයාට ඒ ආයතනය තුළ දිරිමත් වෙන්න තියන ඉඩකඩට (motivate) වඩා අධෛර්යමත් වෙන සාධක (demotivate) වැඩියි කියලා එයාට හිතෙන්න පටන් ගන්නවා. සර්ව සුභවාදීව ආයතනය දිහා බලපු එයා දැන් දකින්නේ එතන අඩුපාඩු විතරමයි. එහෙම දැනුනු මුල කාලේ එයා ඒවා ආයතනය පැත්තෙන් හිතලා සාධාරණීකරණය කරන්න උත්සාහා කළා. ඒත් දැන් එයාට හිතෙනවා සර් කතා කරපු ප්‍රාණඝාත අකුසලයෙන් වැළකෙන්න ගියොත් එයාට සිය දිවි හානි කරගන්න වෙයි කියලා. එයාට වගකීම තියෙන්නේ එයා ගැන විතරක්නම් ඒකේ ගැටළුවක් නෑ, ඒත් එයාට ආයතනය ඇරුණහම තව ගොඩක් දෙනෙක් ගැන වග කියන්න තියනවා. ඒවා හැම එකක්ම ඇත්තටම ආයතනයට වඩා එයාගේ ජීවිතයේ ප්‍රමුඛත්වයක් ලැබෙන්න ඕනේ කාරණා. ඉතින් එහෙම උණාම ඒ වගේ කෙනෙක් අසරණ තත්ත්වයට පත් වෙනවා. ඒක ගැන සර්ගේ අදහස මොකද්ද?

    • kumudupinto says:

      පළවෙනි කාරණේ මගෙ සියළුම ලිපිවලට පාදක වෙන්නෙ බුදු දහම. මම හරිම කැමතියි, මමත්වය නැති කරපු (ඒ කියන්නෙ සෝවාන් වෙච්ච ) පුද්ගලයො එක්ක අඩු තරමින් මමත්වය අඩු පුද්ගලයන් පිරිසක් එක්කෙ වැඩ කරන්න. ඒ පදනමේ ඉඳගෙනයි මම දකින දේ ගැන මත පළ කරන්නේ.

      දෙවෙනි කාරණේ අපි හැමෝටම ප්‍රශ්ණ තියෙනවා. කිසිම කෙනෙක් හොයා ගන්න බැරි වේවි ප්‍රශ්ණවලින් විනිර්මුක්ත වූ. ඒ හන්ද අපි එකිනෙකාට ඇති ඕනෑම ප්‍රශ්ණයක් කතා කරල බේර ගන්න පුළුවන් කියන මතයෙයි මම ඉන්නෙ.

      තුන්වෙනි කාරණේ මම ලියන ලිපිවල පදනම මා දකින හා දැකීමට කැමති ලෝකයයි. වෙනයම් කෙනෙකුගෙන් කෙනෙකුට ඒ මතවාදවල අදාලත්වය වෙනස් වෙන්න පුළුවන්. අපට වෙනස්කම් නැති ලෝකයක් ගැන හිතන්න බෑ. ඒ හන්ද ලිපිවල තියෙන කාරණා ස්ථිතික දේ ලෙස ගන්න එපා.

      සිව්වෙනි කාරණේ මගෙ ගුරුවරයා මට පැවසූ දේ අදාල වෙන්නෙ ඒ අවස්ථාවෙ සිටි මටයි. වෙන සිදුවීම් මැද වෙනයම් අවස්ථාවක සිටින කෙනෙකුට ඒ න්‍යාය අදාල නොවෙන්න පුළුවන්. ඒ මොකද ඕනෑම තත්ත්වයකදි ඒ සිද්ධියට අදාල සෑම පාර්ශවයකම නීත්‍යානුකූල බව හා ධර්මානූකූල බව එහි ප්‍රතිඵලයට අදාල නිසා.

      ප්‍රාණඝාතය වලක්වා ගන්න ගිහිල්ල තවත් ප්‍රාණඝාතයකට මැදි වෙන්න ඕනෑ නෑ. සමහර වෙලාවට වතුර හුඟාක් තියෙන වෙලාවට ගලන ගඟ නෙවෙයි වතුර අඩු වෙලාවට් ගල් උඩින් පැන පැන ගලා යන්නේ. අමාරුවෙන් හරි මුලින් තිබූ බැඳීම ම තියා ගන්න පුළුවන් නම් හොඳයි.

  2. මුදිතා says:

    මං බොහොම අමාරුවෙන් ප්‍රාණඝාත අකුසලයෙන් මිදුණා… ඒක කරද්දි ඉගෙනගත්තු පාඩමක් තමයි සමහර තීරණ ගනිද්දී ආත්මාර්ථකාමී වුණොත් ඒ තීරණ ගන්න ලේසියි… ඒත් මං දන්නෙ නෑ මං කළිං comment එකේ කියපු දේවල් වලට සම්පූර්ණ පටහැනි තීරණයක් අද බොහොම අමාරුවෙන් ගත්තා… ඒත් ඒ තීරණේ එහෙම ගත්තු එක ගැන මගේ හිතට සැනසීමක් දැනෙනවා… මගෙන් යුතුකම් ඉෂ්ඨ වෙන්න ඕන මගේ පවුලේ අයගෙනුත්, ඉදිරියේදී මා එක්ක පවුල් කන්න ඉන්න කෙනාගෙනුත් ඒ තීරණේ ගන්න මට දිරිය ලැබුණා… හොඳ හිතින් යමක් කළොත් වරදින එකක් නෑ කියන විශ්වාසයෙන් මං ඒ අමාරු තීරණය ගත්තා…

    • kumudupinto says:

      මං මෑත කාලෙදි අහපු හොඳම ආරංචිය මේකයි. මිනිස්සු (අපව ) මරණ එක අප අතර පුරුද්දක් වෙලා තියෙද්දි ඔබ ගත් තීරණය අපි කාගේත් සැනසීමකට හේතු වෙයි. ඒ එක්කම මේ තීරණය ගැනීමට ඔබට උදව් කළ සියළු දෙනාටම අපි හැමෝම හුඟාක් පින් දෙනවා.

    • අරුණ says:

      🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s