“අනුත්තර” බුදු ගුණය

හැම ගුණයෙන් න ඳා
සම වැඩි සතකු හැම දා
දියතෙහි නැති ස ඳා
අනුත්තර යැයි කියති මුනි ඳා

– බුදුගුණාලංකාරය

හැම හොඳ ගුණයකින් ම අනූන වූ බැවින් ද, ඒ ගුණ ඒ හා සමාන ව හෝ වැඩියෙන් ඇති කිසිදු සත්ත්වයකු ලෝකයෙහි නොමැති බැවින් ද බුදුරජාණන් වහන්සේ අනුත්තර නම් වන සේක.

 

මේ ගුණයෙන් පෙන්වන විශේෂත්වය නම් බුදුරජාණන් වහන්සේ හැම හොඳ ගුණයකින්ම අනූන බවයි.

 

අපේ සමාජයට, සමාජයෙ කුමන ක්ෂේත්‍රයකට වුවත් අද අවශ්‍ය වන්නෙ එක දෙයක් පමණක් දන්නා අය නොවෙයි. බොහෝ දේ දන්නා අයයි. බොහෝ දේ නමට පමණක් දන්නා අය නොවෙයි. බොහෝ දේ කෙළවරටම දන්නා අයයි. කොටින්ම මහාචාර්ය මලලසේකර වගේ අයයි. මහාචාර්ය සරච්චන්ද්‍ර වගේ අයයි.

 

කලකට ඉහත අපේ ආයතනයෙ සේවය කළ ගුරුවරයෙක් හිටියා, බොහෝම නිශ්චල කෙනෙක්, පුංචි ළමයින්ට ඉගැන් වූ. එයාට පුළුවන්කම තිබුණා ඉරි කෑලි කිහිපයකින් එකිනෙකට වෙනස් ඉරියව්වල ඉන්නා මිනිස් රූප නිර්මාණය කරන්න. ඒ හැකියාව එයා පාවිච්චි කළා පරිගණකයෙන් රූප නිර්මාණය කරන්න ළමයින්ව පෙළඹවීමට. තවත් ගුරුවරියක් හිටියා කලා පවුලක කෙනෙක්. එයාගෙ නම ටයිටස් තොටවත්තයන්ගෙ වැඩ සටහනකට එයාගෙ පියා විසින් යොදල තිබුණා. එයත් සරල රූප කිහිපයකින් සංකීර්ණ රූප මතු කළ කෙනෙක්. උදාහරණයක් හැටියට වෘත්ත හා චතුරස්‍ර කිහිපයකින් සීබ්‍රාවකු හෝ ජිරාෆ් කෙනෙකු පරිගණකයෙන් ඇඳීමට හපන්කම් දැක් වූ කෙනෙක්. මම වරක් ඇහුවා කොහෙන්ද ඕවා ඉගෙන ගත්තෙ කියල. එතකොට ලැබුණු උත්තරේ “ඇයි සර්, පුංචි කාලෙ ලැබුණ රූප පොත්වල තිබුණෙ මේ වාගෙ රූප නේද ? ” කියන එකයි. ඒ දෙන්නම පුංචි අයට ඉගැන්වීමට අවශ්‍ය වන හැකියාවන් ප්‍රගුණය කළ දෙන්නෙක්.

 

ඒ වාගෙ වෙනස් ක්ෂේත්‍රවල හැකියාවන් ප්‍රගුණය කළ අය අපට ගුරු වෘත්තියට අවශ්‍යයි. එහෙම ගුරුවරයකුගෙන් ඉගෙන ගත්තු ගෝලයකුගෙ විශේෂ ලක්ෂණයක් දකින්න පුළුවන්. ඒ තමයි ගෝලයත් ඒ වගේ තත්ත්වයකට යාමට උනන්දු වීම. ඒ වාගෙ පුද්ගලයින් පිරුණු රටක ජීවත් වෙන්න ලැබීමත් වාසනාවක් වේවි නේද ?

This entry was posted in 01. තෙරුවන් ගුණ, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s