ලංකාවේ රාජ්‍ය නායකයෝ

1956දී ලංකාවේ බලයට ආවෙ සුදු ජාතික ඇඳුම ඇඳ ගත් පුද්ගලයෙක්. ඒ තමයි එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමා. එතුමා සංහල භාෂාවට වගේම රටටත් බොහෝම ලෙන්ගතු කෙනෙක්. එතුමා සාහසික වෙඩි පහරකට ලක්වෙලා අකාලයේ අප අතරින් සමු ගත්තා 1959 දී, බලයට පත් වෙලා තුන් අවුරුද්දකට පස්සෙ. 1990දී ලංකාවේ බලයට ආවෙ සුදු ජාතික ඇඳුම ඇඳ ගත් පුද්ගලයෙක්. ඒ තමයි ආර් ප්‍රේමදාස මැතිතුමා. එතුමා සංහල භාෂාවට වගේම රටටත් බොහෝම ලෙන්ගතු කෙනෙක්. එතුමා බෝම්බ පහරකට ලක්වෙලා අකාලයේ අප අතරින් සමු ගත්තා 1993 දී, බලයට පත් වෙලා තුන් අවුරුද්දකට පස්සෙ.

 

බණ්ඩාරනායක මැතිතුමාට පස්සෙ රාජ්‍ය බලය ලැබුනෙ අතිශය නිහතමානී තවත් ජාතික ඇඳුම අඳින නායකයෙකුටයි. ඒ තමයි ගාල්ල හිටපු මන්ත්‍රී ඩ්බ්ලිව්. දහනායක මැතිතුමා. ඒ වගේම ආර්. ප්‍රේමදාස මැතිතුමාගෙ මරණයෙන් පස්සෙ රාජ්‍ය බලය ලැබුනෙ තවත් ඒ වගේම අතිශය නිහතමානී තවත් ජාතික ඇඳුම අඳින නායකයෙකුටයි. ඒ තමයි ඩී. බී විජේතුංග මැතිතුමා.

 

ඩබ්ලිව් දහනායක මැතිතුමාගෙන් පස්සෙ තුන් මාසයක ආයු කාලයක් ඇතිව ඩඩ්ලි සේනානායක මහතා බලයට ආවත් ඊළඟ රවුමෙදි එහෙම දෙයක් උනේ නෑ. ඒකට තමයි පරිනාමය කියන්නෙ.

 

ඊට පස්සෙ 1960 ජූලි මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය බලයට පැමිණියේ ලෝකයේම පළමුවරට කාන්තාවක් අගමැතිණිය වීමේ වාර්තාවකුත් තියලයි. ඒ වගේම 1990 දී චන්ඩ්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බලයට පැමිණියේ ලෝකයේම පළමුවරට කාන්තාවක් ජානාධිපතිනිය වීමේ වාර්තාවකුත් තියලයි.

 

1965 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සෙ බලයට ආ ඩඩ්ලි සේනානායක මැතිතුමා වසර 5ක් අඛණ්ඩව බලයේ හිටියෙ 1964 දී කණ්ඩායමක් විපක්ෂයට එකතු වූ හන්දයි. ඒ වගේම දෙයක් 1993 දී එවැනිම සිදුවීමකින් පසු අගමැති තත්වය ලබා ගන්නට රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුවත් ඒ බලය වසරකට සීමා වූ අතර, තම බලයට ඉහළින් චන්ඩ්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපතිණිය වශයෙන් සිටීම ද විශේෂත්වයක් වුණා.

 

1970 දී දෙවන වරට බලයට ආ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1971 දී සිදු වූ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට ද සාර්ථක ව මුහුණ දී එය මැඬ පැවැත්වූවාය. 2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා වසර 30ක් රටට පිළිලයක් වූ කොටි සංවිධානයට සාර්ථකව මුහුණ දී එය මැඬ පැවැත්වූයේය.

 

මේ Non-Linear Regression වලට දිය හැකි කදිම උදාහරණයෙකි. එය තව දුරටත් දික් කිරීම ඔබ සතු ය.

 

 

 

 

This entry was posted in 08. Forecasting, සිංහල. Bookmark the permalink.

5 Responses to ලංකාවේ රාජ්‍ය නායකයෝ

  1. රංජිත් says:

    “සුදු ජාතික ඇඳුම ” ෙදිවිදියකට ෙත්රැම් ගන්න පුළුවන්

    • නියමයි. මටත් ඕක අහන්න හිතුනා.. මෙතන අර්ථය “සුදු, ජාතික ඇඳුම” විය යුතුය.
      මම දැන් ටික ටික පුරුදු වෙමින් ඉන්න දෙයක් තමයි. දේදුන්න පෙන්නුවම දේදුන්න දිහා මිස අත දිහා නොබලා ඉන්න.
      තාමත් අමාරුයි. උත්සාහ කරනවා.

  2. ruwan says:

    Have you forgotten J.R or …

    • kumudupinto says:

      It is a matter of extending the theory towards Minus direction. I have started mapping 1959 with 1994.

  3. අමිල says:

    Mr. Pinto should have written more.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s