මගේ බාලාංශ ගුරුතුමිය

මගෙ පහළ බාලාංශ ගුරුතුමිය වුනේ එම්. සී. පෙරේරා ගුරු මහත්මිය යි. ඒ වගේම ඉහළ බාලාංශ ගුරුතුමිය වුනේ එස්. සූරියආරච්චි ගුරුතුමිය යි. මම අදටත් හිතන්නෙ මම අද ඉන්න යම් අධ්‍යාපන හා සමාජීය මට්ටමක් තියෙනව නම් මගෙ දෙම්ව්පියන්ට අමතරව වැඩියෙන්ම වග කියන්න ඕනෙ මේ ගුරුවරු දෙදෙනා කියලයි.

 

මේ ගුරුවරු දෙදෙනාට අමතරව දෙවන ශ්‍රේණියෙ පන්ති භාර ගුරුතුමිය වූ මල්ලවාරච්චි ගුරුතුමිය ත්, තුන්වන ශ්‍රේණියෙ පන්ති භාර ගුරුතුමිය වූ ගුණරත්න ගුරුතුමිය ත් මතක් නොකර බැහැ. ඒ එක්කම මගෙ දියුණුවට බොහෝ සෙයින් බල පෑ සිව්වන ශ්‍රේණියෙ පන්ති භාර ගුරුතුමිය තෙන්නකෝන් මහත්මිය ඊට බොහෝ කාලයකට පසු මගෙ විශ්ව විද්‍යාල ජීවිත කාලය අතරතුර ඉතා දැඩි ව රෝගී වූ අවස්ථාවක ඒ බව ආරංචි වී මා බැලීමට රෝහලට පැමිණි බව අදටත් මං සිහි කරන්නෙ පුදුම ගෞරවයකින්. මේ ළඟකදි මං එතුමිය ව බැලීමට ගිය අවස්ථාවක මාව පිළිගත්තෙ තමන්ගෙම පුතකු පිළි ගන්නා විදියට. ඒ එක්කම පස්වන ශ්‍රේණියෙ පන්ති භාර ගුරුවරයා වූ බන්නැහැක ගුරුතුමාගෙන් හේතුවක් නැතිව ගුටි කෑ වාර තිබුණත් පන්තියෙ හැමෝම දැන ගෙන හිටියා ඒ ගුරුතුමා අපට ආදරේ බව.

 

අපට බාලාංශ පන්තිවල ඉගැන්වූ ගුරුවරු අප සමඟ යම් අමනාපයක් නිසා බැරි වෙලාවත් අපට ඉගැන් වූ දේ ආපහු ඇදල ගත්තොත් ? අපට ජීවත් වෙන්න පුළුවන් වේවි ද් ? කොහොමටවත් බැරි වේවි. අපට අකුරු හඳුනා ගන්න බැරි වේවි. ඉලක්කම් හඳුනා ගන්න බැරි වේවි. ලියන්න කියන්න බැරි වේවි.

 

ඒත් අද පරම්පරාවෙ අය තමන්ගෙ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ ප්‍රතිඵල කියන්නෙ ඒ ඒ පන්තිවලදි තමන්ට ඉගැන්වූ අයට විතරයි.ඒ අයට මතක් වෙන්නෙ නෑ, තමන්ට බාලාංශ පන්තිවල ඉගැන් වූ ගුරුවරුය තමන්ගෙ දැනුමෙ මුල් අත්තිවාරම දැම්මෙ කියල. අකුරු ඉලක්කම් විතරක් නෙවෙයි තමන් ලබා ගත්ත මොනයම් දැනුමක හරි අත්තිවාරම දැම්ම පිරිසක් ඉන්නවා. ඒ අත්තිවාරම දැමීමට මුල් වූ ආයතන තියෙනවා. යමෙක් කියනව නම් ඒ ආයතනවලින් තමන්ට වෙච්ච සෙතක් යහපතක් නෑ කියල, ඒක බරපතල වැරැද්දක්.

 

මම මෙතනදි අවංක ව ම හද පත්ලෙන්ම ප්‍රාර්ථනය කරන්න කැමතියි ම විසින් ඉගැන්වූ යම් ගෝලයෙක් ඒ ඉගැන් වූ දේ පිළි ගන්නේ නැත්නම් – මගෙන්, මා සම්බන්ධ අනෙක් ආචාර්ය මණ්ඩලයෙන් හෝ මා සම්බන්ධ ආධ්‍යාපන ආයතනයෙන් තමාට යමක් ලැබුණා ය කියල පිළි ගන්නෙ නැත්නම් ඒ දේ ප්‍රසිද්ධියේ කියනව නම් – තම තමන්ට දරුවන් ලැබුණු දිනක තමා රැස් කර ගත් ඒ දේ දරුවන්ගෙන් තමාට නැවත ලැබේවා. එදාටවත් තමන්ට අවබෝධය ලැබේවා. ඒ මගේ අවංක ප්‍රාර්ථනය යි.

 

ඒ එක්කම සැරියුත් තෙරුන් වහන්සේ තමන්ට මුල්ම ගාථා ධර්මය කියා දුන් අස්සජි තෙරුන් සිටිනා දිසාවට හිස තබා යි සෑම දිනකම සැතපුනේ. ඒ තමන්ගෙ උතුරා යන ගුරු භක්තිය නිසයි. අපත් ඒ සැරියුත් තෙරුන් වහන්සේ ව ආදර්ශයට ගනිමු. අපේ ජීවිතයවලදි එක අකුරක් හෝ උගන්වා ඇති අය ව ජීවිත කාලයම මතක තබා ගනිමු, ගුරු භක්තියෙන්.

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

5 Responses to මගේ බාලාංශ ගුරුතුමිය

  1. මුදිතා says:

    මේ සටහන කියවාගෙන යද්දී මගේ ගුරු මව්වරුන්ගේ, ගුරු පියවරුන්ගේ ආදරණීය මුහුණු මතකයට නැගුණේ මටත් නොදැනීම. ළදරු පාසලේ ඉඳන් පාසැල් දිවිය නිමා වන තුරුත්, එතැනින් එහාට උසස් අධ්‍යාපනයේදී මට හමු වූ මේ සටහන ලියූ ඔබතුමන් ඇතුළු සියලු ගුරු දෙවිවරුන් සිහිපත් වූ ඒ මොහොතේ හිතට දැනුණේ තෙරුවන් ගුණ සිහිපත් කරද්දී ඇති වෙනවා වාගේ හැඟීමක්. අම්මා තාත්තාගෙන් ඈත් වෙලා ටික දවසකට පිට ගිහින් ඉන්න ගමන් එයාලා ගැන මතක් කරනකොට ඇති වෙනවා වාගේ හැඟීමක්. මේ සටහන කියවන බොහෝ දෙනෙකුට එය සිදු වනු ඇති බව මම සිතනවා.

    ඇත්තෙන්ම ගුරුවරයෙක් සිසුවෙක් අතර ඇති වන බැඳීම, දරුවෙකු හා අම්මා තාත්තා අතර ඇති වන බැඳීම වගේම පූජනීය ගෞරවාන්විත දෙයක් බව මට හරියටම දැනුණේ කෙටි කාලයකට හෝ ඒ පූජනීය තනතුරේ අත්දැකීම් මටත් ලබන්නට අවස්ථාවක් ලැබුණාට පස්සේ. ඒ දහම් පාසලේදී. මගේ සිසු දරුවන්ගෙන් මා ලබාපු ආදරය ගෞරවය, මා සිසුවෙක්ව සිටියදී මගේ ගුරුවරුන්ට ලබා දුන් ආදරය ගෞරවය නිසා ලැබූ දෙයක්ම බව මට වැටහෙනවා.

    • kumudupinto says:

      මෙතනදි මට මතක් වෙන්නෙ කාලෙකට ඉස්සර අප අතර හිටි ගෝලයෙක්. එයාටත් කළු පාට පෙනෙන්නෙ නෑ. පේන්නෙ සුදු පාට විතරයි.

  2. Charith says:

    පොඩි කාලෙ තාත්තගෙන් ගුටි කෑවා මතකයි ගුණ කරන්න්යි, බෙදන්නයි බැරිව. තාත්තා බොහොම තරහෙන් මගෙ කන මිරික මිරික ගණන් ඉගැන්නුව.මම O/L ගණිතයට ඇ එකක් ගත්තෙ ඇස් දෙක පියාගෙන.A/L වල ඹ් එකක් තිබුනෙත් ගණිතයට විතරයි.
    කන්දෙ විහාරෙ පන්සලෙ තිබුන සිරි නිවාස ළදරු පාසලෙ පොඩි ටීචර්ට මාව තාම මතකයි.ඒක අවුරුදු 18ක විතර පරණ මතකයක්.
    හෙමලතා මැඩම් අපෙ ඉස්කොලෙට ඇවිල්ලා මුලින්ම ලැබුනෙ අපෙ පන්තිය,1-B.හෙමලතා මැඩම් අන්තිමට ඉගැන්නුවෙ අපෙ නන්ගිගෙ පන්තියෙ,ගිය අවුරුද්දෙ. මැඩම් එතනදි අන්තිමට කියල තියෙන්නෙ මගෙ හොඳම ගොලය චරිත් කියල.
    කතාවක් තියෙනව කෙනෙක්ට පළමු වෙනි ආදරෙ අමතක කරන්න බැරිලු.
    එහෙනම් මුල් ගුරුවරයා අමතක වෙන්නෙ කොහොමද?

    • kumudupinto says:

      අහන දකින දේ වලින් නම් හිතන්නට වෙන්නෙ එහෙමයි.

  3. samarasinghe says:

    තාම මේ වහල යටට ඇවිල්ලා යනවා සර්ව බලල යන්න. එතකොට අපිට දැනෙනවා අපි තාම පුංචි උන් නේද කියල. ඒකත් ලොකු දෙයක්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s