සංස්කාර

අපි කරන කියන හිතන දේවල් නිසා අපට සංස්කාර කියල දෙයක් රැස්වෙනවා. අපි කරන කියන හිතන දේවල් විශ්ව නීතිවලට එකඟ නම් එයින් කාට හරි යහපතක් වුණා නම් අපට රැස්වෙන්නෙ හොඳ විපාක තියෙන සංස්කාර. ඒත් අප කළ යම් දෙයකින් කාට හරි අයහපතක් කරදරයක් හිත් තැවුලක් වුණා නම් අපට රැස්වෙන්නෙ නරක විපාක තියෙන සංස්කාර.

 

උදාහරණයක් හැටියට අපි හිතමු අප කළ යම් දෙයක් නිසා තමන්ගෙ අම්මගෙ හරි තාත්තගෙ හරි හිත රිදුණා කියල. ඒ ගොල්ලො හුඟාක් වෙලාවට ඒ හිත් තැවුල එළියට පිට කරන්නෙ නෑ. තමන්ගෙ ඇතුළෙම දිය වෙලා යන්න ඉඩ දෙනවා. දැන් මේකෙ විපාකෙ එන්නෙ කොහොමද ? මේ සංස්කාරය ගෙවිල යන්නෙ කොහොමද ? අපට දරුවන් ලැබුණහම අපේ මේ සංස්කාර ඒ ගොල්ලො ගාවට යනවා. ඒ ගොල්ලොත් අප කළ දේම කරනවා. අපි අපේ දෙමව්පියන්ට කළා වාගෙ ඒ ගොල්ලොත් ඒ ගොල්ලන්ගෙ දෙමාපියන්ට ඒක කරනවා. මේ විදියට යම්කිසි සංස්කාරයක් ඊළඟ පරම්ප්පරාවට යනකොට ඒකෙ සැර වැඩි වෙනවා. මතක තියා ගන්න, සැර හොඳටම වැඩි වෙනවා.

 

දෙමාපියන් තමයි දරුවන්ගෙ පළමු ගුරුවරු. ඒ වාගෙම තමන්ගෙ දරුවා තමන්ගෙ ගෝලයෙක් වෙනවා. තමන් සිසු-සිසුවියන් කාලෙ තමන් ගුරුවරුන්ට දීපු සියලු වද හිංසා තමන්ගෙ ගෝලයින්ගෙන් වගේම තමන්ගෙ දරුවන්ගෙනුත් තමන්ට ලැබෙන්න ගන්නවා.

 

තමන් තමන්ට කලින් පරම්පරාවෙ හැකියාවන් සුදුසුකම් සමච්චලයට ලක් කළා නම්, තමන්ගෙ අම්ම තාත්තගෙ, අම්ම තාත්ත වගෙ හිටපු ගුරුවරුන්ගෙන් තමන්ට ලැබුණු දේ සමච්චලයට ලක් කළා නම්, අනිවාර්යයෙන්ම තමන්ගෙ දරුවන්ගෙන් තමන්ට ඒක විඳින්න වෙනවා. තාත්ත මොනවද දන්නෙ, තාත්තට කොහෙද මගෙ පාඩම් කියල දෙන්න තරම් දැනුමක් කියල තමන්ගෙ පුතා හරි දුව හරි ඇහුවදාට හැරිල බලන්න තමන්ගෙ අතීතය දිහා. හැබැයි එතකොට තමන් කළ වැරදි නිසා හිත් වේදනා විඳි අය අනෙක් පැත්තට ගිහිල්ල. තමන්ට ඒක නිවැරදි කර ගන්න ලැබෙන්නෙ නෑ.

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

2 Responses to සංස්කාර

  1. මුදිතා says:

    ඒ එක්කම, කෙනෙක් ඒ වගේ කුමන හෝ හේතුවකට තමන්ගේ වැඩිහිටියන්ගේ හිත රිදෙව්වොත්, ඒ අකුසලය එම තැනැත්තාට විපාක දෙන්නේ ඔහුගේ හෝ ඇයගේ දරුවන් හරහා නම් එම දරුවන්ටත් එම අකුසලය රැස් වෙනවා. ඒ නිසා අප අපිට ආදරය රැකවරණය ලබා දුන්, දැනුම ලබා දුන් වැඩිහිටියන් ගැනත්, අපි ගැනත්, ඒ වගේම අපේ මතු පරම්පරාව ගැනත් හිතලා, අපේ ආවේගයන් පාලනය කරගෙන සංසාර චක්‍රය නොනවත්වාම අරගෙන යන සංස්කාර ගොඩගසාගන්න එක නවත්වගන්න උත්සාහ කරන්න ඕනේ.

    • kumudupinto says:

      මුලින්ම මට විශ්වාසයක් තිබුණෙ නෑ මේ Blog එකේ Post වලට Comments වැටෙයි කියලා. ඔබයි ඒ වැඩේ පටන් ගත්තේ. ඒකට හුඟාක් පින්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s