දෙවියන් දැකීම

දෙවියන් දැකීම නැත්නම් දෙවියන් අවබෝධ කර ගැනීම මූලික පියවර 6කිනුයි සිද්ද වෙන්නෙ. මුලින්ම දෙවියට බය වෙනවා. අපි ඉස්සර ගස් ගල්වලට ඉරට හඳට බයේ ජීවත් වුණා වාගෙ.
ඊළඟට දෙවියන්ට ගරු කරනවා. අර බය ඉවර වෙලා. ඒ බය ගරුත්වයකට හැරිලා. ඊලඟට අපි දෙවියන්ට සේවය කරනවා. ගෞරවය තව ටිකාක් දියුණු වෙලා. ඊළඟට අපි දෙවියන් හා මිත්‍ර වෙනවා. එතකොට තමා හා සම තත්වයෙන් හිතනවා. පස්වන පියවරේදි දෙවියන් හා විවාහ වෙනවා. දෙවියන් අපේ සහකරු ලෙස හිතනවා. අන්තිමට හයවන පියවරේදි දේයන් හා එකතු වෙනවා. නැත්නම් තමන් දෙවියන් බවට පත් වෙනවා.

 

දෙවියන් වෙනුවට අපි ගණිතය ආදේශ කර බලමු. මුලින්ම ගණිතයට බය වෙනවා. ඒත් ගණිතයෙහි ඇති ගාම්ඹ්හීර බව දැක්කහම අපි ගණිතයට ගෞරව කරන්න පටන් ගන්නවා. ඊළඟට අපි ගණිතයට සේවය කරනවා. හතරවන පියවරේදි ගණිතය හා මිතුරු වී පස්වන පියවරේදි ගණිතය තම සහකරු බවට පත කර ගන්නවා. අවසානයේදී ගණිතය තමන් බවට පත් වෙනවා.

 

මගෙ ගෝලයෙක් වරක් කිව්වා, එයා විවාහ වෙන්න කලින් කම්පියුටරය හයිට දැනගෙන හිටියා නම් විවාහ වෙන්නෙ නැත කියලා. ඒ පස්වන පියවර තේරුම් ගත්ත ඒක කම්පියුටරයට ආදේශ කළ කෙනෙක් ! !

 

දෙවියන් වෙනුවට තමන් කැමති වචනයක් ආදේශ කරන්න. තමන් ඉන්නේ කොහේදැයි තේරුම් ගන්න උත්සාහ කරන්න.

This entry was posted in 12. දෙවියනි ඔබ කොහිද ?, සිංහල. Bookmark the permalink.

One Response to දෙවියන් දැකීම

  1. Teshan says:

    දෙවියන් විශ්වාස කළ යුතු බව ඇත්තක්. නමුත් දෙවියන්ගෙන් ආයු සැප බල වර්ණ බලාපොරොත්තු වීමක් බුදු දහමේ හැටියට පිළි ගන්න බෑ. මොකද දෙවියන් සිටිය යුත්තේ තම සිත් තුල වීමයි. ඇදහීමෙන් හූ යැදීමෙන් කිසිවක් ලබා ගන්නට බැරි බව බුදු සසුනේ කියවෙනවා. ඒ නිසා අද කාලයේ බොහෝ දෙනා හින්දු දෙවි වරු පසු පස වැඳ වැටෙමින් යන ගමන බෞද්ධයන් හැටියට තම ආගමට කරනා නිගාවක් ලෙසයි මම දකින්නේ. බුදු දහමේ කියැවෙන දෙවිවරු සිල්වතුන්ගෙන් පුණ්‍යානුමෝදනා ලබා සැපයට පත්ව නිවන් මගේ සිටිනා අය වේ.

    අපි පූජා කරනා කෙසෙල් ගෙඩි, රෙදි පිළි, පොල්, මල්, හඳුන්කූරු පලතුරු වලින් ඔවුනට කිසිසේත් පලක් වන්නේ නම් නෑ. මොකද දිව්‍ය භෝජන තියෙද්දී නරයන්ගේ ආහාර පාන වලඳනවා කියාත් වෙනත් විදියකින් සිතන්නත පුළුවන්. මා දන්නා ආකාරයට සතර මහා දෙවිවරු ලෝකය සිසාරා සිල්වතුන් සොයමින් සැරිසරන බවත් ඔවුනගෙන් පිං අනුමෝදන් වී ඔවුනට ආරක්ශාව සලසන බවත් පැවසෙනවා.

    තම තමන් සිල්වත්ව දුරාචාරයෙන් ඈත්ව වැසීම දෙවියන් හා මිත්‍ර වීමට ඇති එකම ක්‍රමයයි. පන්සිල් රැකීම ඒකට හොඳ උපකාරයක්. දෙවියන් ආශිර්වාද කරනුයේ ඔවුනට ලං විය හැකි අයට පමණයි. දුරාචාරයේ යෙදී සිටිනා අය හෝ වැරදි දිවි පැවතුම් ඇති කෙනෙක් දෙවියන්ගෙන් උදව් උපකාර ඉල්ලා යැදීමක් කරනවා නම් හෝ එසේ උපකාර ලැබේ යැයි බලාපොරොත්තුවෙන් සිටී නම් හෝ එයින් සිසිදු පලයක් ඇති නොවේ. මන්දයත් අර පෙර කියූ කාරණාව නිසා.

    කෙනෙකුට සැපවත් ජීවිතයක් ලබා ගැනීමට අවශ්‍ය සියලු උපදෙස් බුදු දහමේ විස්තරාත්මකව ඇති නිසා දෙවියන්ගේ පිහිටක් බලාපොරොත්තු වන්නේ කුමටද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s