පොදු ප්‍රේමය

අපි ජීවිතයේදි කිහිප දෙනෙකුටම ප්‍රේම කරනවා. ඒත් එහෙම කරන්නෙ අප ම තෝරා ගත් අපි කැමති අයට විතරයි. බොහොමයක් අය එහෙම තෝරා ගනිද්දි පෙනුම, පැහැය, හැකියාව, උගත්කම වාගෙ බාහිර ගති ලක්ෂණ එකක් එකක් ගානෙ හොයනවා.

 

අපි බස් ඒක හරි කෝච්චියක හරි යද්දි එහෙම නැත්නම් සිනමා ශාලාවක හරි වෙළඳපොළක හරි ඉඳිද්දි අප අවට බොහෝමයක් අය හැසිරෙනවා. සමහරු තරුණයි. සමහරු මැදි වියේ. තවත් සමහරු මහළුයි. කලාතුරකින් කෙනෙක් පැහැපත් ප්‍රියමනාප පෙනුමකින් යුක්ත වුණත් බොහෝමයක් අය සාමාන්‍යයි. ඒත් ඒ අතර ඉන්න පුළුවන් හුඟාක් අයගෙ මිම්මෙන් අප්‍රසන්න අය.

 

කවුරු හරි අපෙන් ඇහැව්වොත් ඒ අප අවට ඉන්න හැමෝවම සිප ගන්න අපට පුළුවන් ද කියල අනිවාර්යයෙන්ම උත්තරේ “අපොයි බෑ” කියන එකයි. හුඟාක් වෙලාවට අපට එක සිප ගැනීමකට රුපියල් සියය ගානෙ, එහෙමත් නැත්නම් පන්සියය ගානෙ දෙනව කිව්වත් ඒ වැඩේ කරන එකක් නෑ. විශේෂයෙන් අවලස්සණ, අප්‍රසන්න අය ව සිප ගැනීමක් ගැන හිතන්න වත් බෑ.

 

එහෙම නම් ඒ වැඩේ කරන්න පුළුවන් කෙනෙක් ගැන අපි හිතන්න ඕනෙ කොහොමද ? අතිශය කාමුක කෙනෙක් හැටියට ද, එහෙමත් නැත්නම් අතිශය මානුෂික කෙනෙක් හැටියට ද ?

 

අතිශය කාමුක කෙනෙක් නම් කාමය කියන්නෙ ලස්සණක් අවලස්සණක් ගැන හිතන්නෙ නැතිව ප්‍රසන්නකමක් අප්‍රසන්නකමක් ගැන හිතන්නෙ නැති හැසිරීමකට කියලයි අපට හිතන්න වෙන්නෙ. ඒත් එහෙම හිතන එක ඒ තරම් තර්කානුකූල නැති වග බොහෝම පැහැදිලියි.

 

අතිශය මානුෂික කෙනෙක් නම්, අපි එබඳු අය දිහා බලන්නෙ මානුෂික හැඟීමකින් ද ? ඇත්තටම න්‍යායක් හැටියට අපපිළි ගන්න නොයෙක් මතවාද අපි ක්‍රියාවට නැඟීමක් නොකරන්නේ ඇයි ?

This entry was posted in 10. ප්‍රේමය, සිංහල. Bookmark the permalink.

7 Responses to පොදු ප්‍රේමය

  1. danuka says:

    අද කාලෙ තරුණ තරුණියන් බොහෝ දෙනෙක් ප්‍රේම කිරිම සදහා යමෙකු තෝරා ගනිද්දි පෙනුම, පැහැය, හැකියාව, උගත්කම වාගෙ ලක්ෂණ එකක් එකක් ගානෙ හොයන එක සාමන්‍ය දෙයක්. නමුත් පෞද්ගලිකව මම හිතන්නෙ මේ දේවල් වලට වඩා අදහස්, ගතිගුණ තමන්ට ගැලපිම හා තමන්ට අයිති වීමට ඇති කැමැත්ත තිබිම සදාකලික ආදරයක් සදහා හේතු වේ කියායි. මගෙ අදහසට විරැද්ධ වෙනවාද?

  2. Wathsala Vithanage says:

    Searching for the beauty, wealth, health and qualities, etc in a potential partner is quite natural (but may be not Ok as an ideal). People tend to do this because still there is an animal living in them; A selfish and a lustful beast that can be satisfied only by a mating partner capable of producing the strongest offspring. This is one of the basic rules of natural selection. Every time you search something that is physical and materialistic in your potential partner the beast is alive in you.
    On the other hand if you are only interested in qualities of a person, similarities to his/her ideals rather than physical appearance and matter he/she posses that is the more evolved humane beast in you. End of the day that is a new form of adaptation for an advanced civilization (If health is improved by medication, why would you bother about your offspring’s sickness? If beauty can be bought for money then why would you bother about your daughter’s beauty, if wealth means knowledge and ideas and education is plentiful why would you bother about your son’s wealth).
    Therefore whatever thing you want to see in your partner is based on the same ideal but at different levels. When you go beyond and refrain from love or start loving everything you are above the human being and you achieve the status of god.

    • Wathsala Vithanage says:

      You look for set X = {x0, x1, … ,xn} in your partner.
      X is a set presnting a combination of n items from the universal set U. (If you like to apply theories of probability then consider X as a random variable; a vector presenting a random permutration. Consider the order as priorities one give for each propery xi)
      X is always a subset of U under the laws of nature .
      Unless your X = {} set or X = U you are a human and live by the rules of nature.
      If your X = {} or X = U, you are more than a human and should be capable of bending the rules of the nature.

    • kumudupinto says:

      Your way of analyzing anything is excellent.

  3. Teshan says:

    The love in its depth is not just a four letter word or lust and sexual behaviors. Because the love means not the ultimate destination which is known as marriage. It is a bonding between two hearts of two separate souls. Whatever the physical appearance is, the love depends only on the trustworthiness and the comfort of that two souls. Because whatever the end is the true love will never die even though at a state of loss of the partner.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s