මහළු මිනිසා සහ සොල්දාදුවා

එක්තරා කඩයක් අසළ ඉතාමත්ම මහළු මිනිසෙක් හැමදාම ඇන තියාගෙන වාඩි වී ඉන්නවා. මේ කඩයට පැමිණෙන දඟකාර කොළුවෙක් හැමදාම මේ මහළු මිනිසාට ගල්වලින් ගසනවා. මේ මහළු මිනිසා එයට පිළිතුරු වශයෙන් හැමදාම මේ ළමයාට කාසියක් දෙනවා.

 

මේ දේ බලාගෙන සිටි තවත් තැනැත්තෙක් මේ ගැන මහළු මිනිසාගෙන් විමසුවා. “ඇයි ඔබට ගල්වලින් ගහන ඒ ළමයාට කාසියක් දෙන්නේ ? ” . මහළු මිනිසා මෙසේ පැවසුවා. “මට ඒ ළමයාට දඬුවම් කිරීමට තරම සරීර සක්තියක් නැහැ. කවදා හරි ඒකට හයිය තියෙන කෙනෙක් පැමිණේවි. ”

 

වරක් මෙම කඩයට සොල්දාදුවෙක් පැමිණියා. ඔහු ත් අර මහළු මිනිසා අසළ බංකුවක වාඩි වී සිටියා. අර කොළුවා වෙනදා පුරුද්දට මහළු මිනිසාට ගල් ගසනා අතරේ සොල්දාදුවාට ද ගලකින් ගැසුවා. වහාම කොළුවා වෙත ගිය සොල්දාදුවා ජීවිතයටම අමතක නොවන තරමේ කම්මුල් පහරක් කොළුවාට ගැසුවා.

 

අද සමාජයේ ඉන්නා බොහෝ දෙනා, ඒ කියන්නෙ ගුරුවරු, දෙමව්පියෝ, කළමණාකාරවරු, අධ්‍යක්ෂකවරු මේ කථාවේ එන මහළු සීයා වගෙයි. තමන්ගෙ දරුවෝ, තමන්ගෙ ශිෂ්‍යයන්, තමන්ගෙ සේවකයො වැරැද්දක් කළහම එක්කෝ ඈහැ කණ පියාගෙනා ඉන්නවා. එහෙමත් නැත්නම්, ඒ අය සතුටු වන විදියේ යමකින්, අඩු ගණනේ සිනාවකින් හරි සංග්‍රහ කරනවා. මේත් කවදා හරි සොල්දාදුවෙක් එනකම් බලාගෙන ඉන්න අය ද ?

 

 

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

2 Responses to මහළු මිනිසා සහ සොල්දාදුවා

  1. අපේ සමාජයේ සොල්දාදුවො අඩු වීමයි ගැටළුව. හැමෝම මහළු මිනිස්සු වෙලා…

    • kumudupinto says:

      අඩු ගණනේ තමන්ගෙ Blog එකක තමන් ව විවෘත කරන ඔබ වාගෙ අය වත් සොල්දාදුවො හැටියට සලකන්න පුළුවන්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s