නිකම් දීම, නිකම් ගැනීම හා Wikipedia

අපි ලාංකිකයො හැටියට හුඟාක් දේ නිකම් ගන්න හරි නිකම්ම නිකම් දෙන්න හරි බලාපොරොත්තු වෙනවා. නිකම් දෙන්න බලාපොරොත්තු වෙන අය ඒ දේ කරන්නෙ කාරණා කිහිපයක් නිසයි. එක්කෝ ඒ කුසලයක් නිසා කුසල විපාක බලාපොරොත්තුවෙන්. එහෙමත් නැත්නම් තමන් දෙන දෙයෙහි නියම මිල ගෙවා ගන්න තමන් ඒ දේ දෙන අයට බැරි බව තේරුම් අරගෙන ඒ මිල වෙනුවට පස්සෙ ඒ අයගෙන් යම් සේවාවක් බලාපොරොත්තුවෙන්. ඒත් නිකම් ගන්න අය එහෙම නිකම් ගන්න බලාපොරොත්තු වෙන්නෙ මුලින් නම් ඉතාමත්ම හොඳ අවබෝධයකින්. ඒත් හුඟාක් අයට පස්සෙ තමන් ඉහළට නැග්ග ඉනිමඟ අමතක වෙනවා.

 

ඒත්, අප අතර, අන්තර්ජාලයේ තියෙනවා, නිකම් දෙන දේවල් ගොඩාක්, බොහෝ වෙබ් අඩවි තමන් ලෝකයට යම් දැනුමක් තොරතුරු සමූහයක් දෙන්නෙ සම්පූර්ණයෙන්ම නිකම්. ඒ වාගෙ එක වෙබ් අඩවියක් තමයි Wikipedia.org කියන්නෙ. මේකෙ එකම වෙනස මේකෙ තොරතුරු දාන්නෙත් ලෝකය පුරා ඉන්න එහෙම කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තොරතුරු දාන පිරිසක් වීමයි.
මේ වෙබ් අඩවිය ගැන දන්න හුඟාක් දෙනා තමන්ට යම් තොරතුරක් අවශ්‍ය වුණහම ඉස්සෙල්ලාම බලන්නෙ මේ වෙබ් අඩවියෙ. ඕගොල්ලො වුණත් එහෙම ඇති.

 

ඒ එක්කම ඕගොල්ලො දන්නවද දන්නෙ නෑ, මේ වෙබ් අඩවිය භාෂා ගණනාවකින් ලෝකයට තොතුරු ඉදිරිපත් කරනවා. මුලින්ම wikipedia.org යන link එක ඔස්සේ මේ වෙබ් අඩවියට පිවිසුණහම අපට තොරතුරු අවශ්‍ය භාෂාව තෝරා ගැනීමේ පහසුකමක් තියෙනව. හැබැයි මෙතන තියෙන රූපයේ නම් භාෂා තියෙන්නෙ ටිකයි. අපි ඉංග්‍රීසි හාෂාව තෝරා ගත්ත් විට වෙබ් අඩවිය ඉංග්‍රීසි භාෂාවෙන් අපට තොරතුරු ලබා දීම අරඹනවා.
දැන් ඔබ මෙසේ ඉංග්‍රීසි භාෂාව තෝරා ගත් පසු හොඳින් නිරීක්ෂණය කළහොත් එම වෙබ් අඩවියේ ලිපිනය en.wikipedia.org ලෙස වෙනස් වී ඇති බව පෙනේවි. මෙම ලිපිනය si.wikipedia.org සේ දැක්වෙන්නේ භාෂාව සිංහල වූ විටයි.

 

අපි හැමෝම හොඳින්ම දන්නවා මව් භාෂාව තරම් යම් අළුත් දෙයක් තේරුම් ගැනීමට වෙන කිසිම භාෂාවක් සමත් නොවන බව. එහෙම නම් අපට පිළි ගන්න වෙනවා, ලංකාවේ ඉංග්‍රීසි හරි හැටි තේරුම් ගන්න බැරි අයට වගේම තරමක් තේරුම් ගන්න පුළුවන් අයට ත්, සිංහල Wikipedia හි තොරතුරු තිබීම ප්‍රයෝජනවත් බව.
ඒත් Wikipedia හි තොරතුරු දාන්නෙ ස්වේච්ඡාවෙන්. දැනට ත් එහෙම සීමාසහිත පිරිසක් හරි ඉන්න නිසා යම් ප්‍රමාණයක ලිපි සිංහල Wikipedia හි අන්තර්ගත වෙනවා.

 

මගේ ඉතාමත්ම සහෘද ඉල්ලීම මේකයි. අපි සිංහල අය හැටියට, යම් විෂයයක් යම් තරමක් දුරට හරි ඉගෙන ගත් අය හැටියට, අන්තර්ජාලය ගැටළුවක් නැතිව භාවිතා කරන අය හැටියට අපේ රටට, අපේ රටේ සිංහලෙන් වැඩ කරන අයට පුංචි උදව්වක් කරමු ද ? දවසකට එක ලිපියක්, දවසකට බැරි නම් සතියකට එක ලිපියක් අපි සිංහල Wikipedia හි පළ කරමු ද ?

 

ඒ සඳහා අප කළ යුතු දේ මේකයි. මුලින්ම අප සිංහල Wikipedia හි User Account එකක් සාදා ගන්න වෙනවා. ඒ සඳහා ඔබට ඊ-මේල් ලිපිනයක් තිබීම අවශ්‍යයි. එසේ සදා ගත් පසු ඔබ එම වෙබ් අඩවියට ප්‍රවිෂ්ඨ විය යුතු වෙනවා. ඊට පස්සෙ ඇත්තේ ඔබට ඉදිරිපත් කිරීමට අවශ්‍ය ලිපියේ මාතෘකාව search කරන එකයි. එවිට එම නමින් ලිපියක් නොමැති නම් ඒ බව පවසා ඔබට අවශ්‍ය නම් අළුත් ලිපියක් සැකසිය හැකි බව තිරයේ දැක්වේවි. ඒ මොහොතේ ඔබට අළුත් ලිපිය ඉදිරිපත් කිරීම ඇරඹිය හැකි වෙනවා.

 

මෙම ලිපිවලට උප මාතෘකා ඇතුළත් කිරීම, වගුවක් හෝ රූපයක් ඇතුළු කිරීම වැනි දේ ඉගෙන ගැනීම සඳහා එබඳු දේ අන්තර්ගත කර ඇති ලිපියක් විවෘත කරගෙන එය සංස්කරණය කරන්න. ඉන්පසු එය කර ඇති ආකාරය නිරීක්ෂණය කරන්න.
මෙහිදී වැදගත් ම කාරණාව නම් අප පිරිසිදු පැහැදිලි සිතකින් මේ දේ කළ යුතු බවයි. ලෝකයට වැරදි තොරතුරු ලබා දීම මෙන්ම නුසුදුසු තොරතුරු ලබා දීම ද, තමා ගේ නමට ඉදිරියෙන් කළු පැල්ලමක් ඇති වීමට හේතු විය හැකියි.

 

අපි පිරිසක් හැටියට එකතු වෙමු. අප දන්නා යම් කාරණයක් ගැන, උදාහරණයක් හැටියට ඇන්තූරියම් මල් ගැන හෝ අපේ ගමේ ඇති පන්සල ගැන පුංචි විස්තරයක් අපි සිංහල Wikipedia එකට ඇතුළු කරමු. එමඟින් රටට අප ගෙවිය යුතු ණයෙන්, අපට නොමිලේ ඉගැන්වූවාට, නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබා දුන්නාට අප ආපසු ගෙවිය යුතු ණයෙන් කොටසක් හෝ ගෙවා දමමු.

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

13 Responses to නිකම් දීම, නිකම් ගැනීම හා Wikipedia

  1. budhajeewa says:

    හොඳයි, හැබැයි කරන වැඩේ වගකීමෙන් කරන්න බැරි නම් නොකර සිටීම හොඳයි කියායි මම නම් කියන්නේ.

    • kumudupinto says:

      අනිවාර්යයෙන් ම. ඒ වගේම අපට පුළුවන් ඉඳල හිටල, සිංහල විකිපීඩියා එකේ අහඹු ලිපි කියවල, වැරදි හෝ අඩුපාඩු තියෙනව නම් ඒවත් හදන්න. අපි එකතු වෙලා ඒ වැඩේ කළොත් අනාගත පරපුරට ඒක ලොකු උදව්වක් වේවි.

  2. bckurera says:

    හොද වැඩක් එකතු වෙලා සින්හල ලිපි ගනන වැඩි කරමු ඕනේ උදව්වක්.

  3. This is really good.. I have done a few articles in english.

    Let’s try to do some sinhala as well.. I’ll try my best

  4. Hasitha says:

    ඉතාමත්ම වටිනා යෝජනාවක්. අද ඉදන් මාත් පුළුවන් විදිහට ඔය වැඩේට එකතු වෙනවා.

    • kumudupinto says:

      එකතු වෙමු, එකතු වෙමු. ඒ වගේම යම් තැනක අපි එක එක්කෙනා Wikipedia වලට දාන දේ වලත් රෙකෝඩ් එකක් තියා ගන්නව නම් හොඳයි නේද ?

  5. Pingback: Tweets that mention නිකම් දීම, නිකම් ගැනීම හා Wikipedia « තම තම නැණ පමණින් -- Topsy.com

  6. අපි පුරුදු වෙලා ඉන්නෙම නිකන් ගන්න තමයි. ගත් දේ වෙනුවෙන් යමක් ආපසු දෙන අය බොහොම අඩුයි. වටිනා අදහසක් ගුරුතුමනි!

    • kumudupinto says:

      තමන්ගෙ Blog එකේ එක පෝස්ට් එකක් දන කොට සිංහල Wikipedia එකෙත් එක Article එකක් දමු.

  7. මම බ්ලොග් ගැන තිබුණු අසම්පූර්ණ ලිපිය තරමක් දුරට සංවර්ධනය කළා.

    • kumudupinto says:

      ස්තුතියි. අපි එකතු වෙලා මේ වැඩේට බහිමු. වෙනත් ජාතීන් තමන්ගෙ ජාතිය හෝ භාෂාව ගැන කරන දේ අපි අතින් තවම වෙලා නෑ නෙ. ඒ වැරැද්ද අපි ටික එකතු වෙලා හෝ හරි ගස්සමු.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s