ආරම්භය

මීට අවුරුදු ගණනාවකට ඉස්සර, හරියටම කියනව නම් 1982 පමණ, මම ඉංජිනේරු උපාධිය අවසන් කරල රජයේ කර්මාන්තශාලාවෙ සහකාර වැඩ කළමණාකරුවෙක් (Assistant Work Manager) හැටියට වැඩ කරමින් හිටියා. ඒ කාලෙ මගෙ ඥාති සහෝදරයෙක් උසස් පෙළින් පස්සෙ පරිගණක පාඨමාලවකට ගියා. එයාට ඒකෙ කියල දෙන දේ තේරෙන්නෙ නැතුව මගේ ළඟට ආවා BASIC Computer Programming ගැන අහ ගන්න.

ඇත්තටම කියනව නම් උපාධියට අපට ඉගැන්වූ FORTRAN කියන පරිගණක භාෂාව සඳහා වූ දේශණයට මම ගියේ නෑ. මගෙ බලාපොරොත්තුව වුණේ ගණිතය Paper එකේ ඒ කොටස මඟ හරින්නයි. ඒ හන්ද මගෙ උත්තරේ වුණේ “අපොයි, මම Computer Programming දන්නෙ නෑ ” කියන එකයි. මට ගැලවෙන්න ලැබුණෙ නෑ. “මෙච්චර වියදම් කරල මට ඒ විභාගෙ ෆේල් වෙන්න බෑ. ඔයා කොහොම හරි Computer Programming ඉගෙන ගෙන මට උගන්වන්න. ” ඒ මට ලැබුණු උත්තරයයි.

 ඒ කාලෙ සුවාරිස් කියලා මගේ බැචෙක් NIBM එකේ උගන්වමින් හිටියා. මිනිහ B.Sc. Engineering ඉවර කරනවත් එක්කම CIMA ත් Charted හා LLB ත් ඉවර කළා. M.Sc. එකට >Economics හා P.hD. එකට Computer Science >කළා. ඒ එක්කම මිනිහා Black Belt කාරයෙක්. කැම්පස් එකේ Union එකේ Secretary. මාර පොරක්. මම ගියා මිනිහව හම්බ වෙන්න. ඔහුගෙන් ලැබුණෙ BASIC පරිගණක භාෂාව ගැන ලියැවුණු අපූරු පොතක්. “මේකෙන් BASIC Programming ඉගෙන ගන්න අමාරු වෙන එකක් නෑ.” ඒ ඔහුගෙන් ලැබුණු උපදෙසයි.

 ඒ පොතෙන් BASIC Programming ඉගෙන ගත් මම අර මගේ ඥාති සහෝදරයට ඒක කියල දුන්නා. ඔහුගෙන් ආවෙ මාර යෝජනාවක්. “ඔයා හොඳට තේරුම් කරනවා. අපි Computer Class එකක් දාමු ද ? ” මම ත් එකඟ වුණා.

 
අපි නුවර වැව රවුමේ සරණංකර පාරේ මගේ මිතුරකුගේ ගෙදර මම පන්තිය ආරම්භ. ආයතනයෙ නම වුණේ “Digitronics”. මුලින් මුලින් සෙනසුරාදා හා ඉරිදා පන්ති කළා. ඊට පස්සෙ ිකුරාදා නිවාඩු දාලා පන්ති කළා. ඊට පස්ස span>
තේරුණා ඊට වැඩිය නිවාඩු ාන්න බැරි බව. ඒ හන්ද Pension පවා තිබුණු ඒ රස්සාවෙන් අයින් වෙලා කම්පියුටර් පන්ති කළා. ඕන්න මගේ පරිගණක ජීවිතයේ ආරම්භය .

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

9 Responses to ආරම්භය

  1. danuka says:

    wow…. කොහොමද O.Arc එකට Join උනේ???? මටත් ලොකු ආසාවක් තියනවා O.Arc ekata join වෙන්න…

  2. kumudupinto says:

    නුවර Digitronics ආයතනය ටික ටික අභාවයට ගියා. ඊළඟට මම කොළඹ Amaran Computers ආයතනයේ Software Manager/Training Manager හැටියට වැඩ භාර ගත්තා. ඊළඟට Computerlink සමූහ ව්යාපාරයට සම්බන්ධ Institute of Computing ආයතයනට සම්බන්ධ වුණා. එතනින් East West Computer Training Centre ආයතයෙ General Manager හැටියට වැඩ භාර ගත්තා. ඊට පස්සෙ ස්වයං අවබෝධයක් ලබා ගැනීම සඳහා තෙවසරක් සියළු කරුණුවලින් ඉවත් ව සිටියා. ඊට පස්සෙ Metropolitan Computers ආයතනයෙ Consultant කෙනෙක් හැටියට ත්, ටික කාලයක් Lyceum ආයතනයෙ පරිගණක ගුරුවරයා ත් ව ඉඳලයි හෙට්ටිආරච්චි මහතාගේ ආරාධනයෙන් OpenArc ආයතනයට සම්බන්ධ වුණේ.

    වහාම කාර්යාලයේදී මා හමුවන්න. මේ දවස්වල ඉගැනීම සඳහා අළුත් ගුරුවරුන් කිහිප දෙනෙකු බඳවා ගැනීමටයි අපි අදහස් කරන්නෙ.

    • danuka says:

      අම්මෝ දැන්ම බෑ මම තාම Semester 2 වල ඉන්නෙ. හැබැයි මගෙ ලොකු බලාපොරොත්තුවක් තියනවා O.Arc එකෙ උගන්වන්න.මම උගන්වන්න ආසයි. බලමු මොකක් වෙයිද කියලා…ආරාධනාවට ගොඩාක් ස්තූතියි….

  3. Chaminda says:

    that mean, even though you have a degree in engineering, you haven’t done a job as a pure engineer.. well. iwould like to know, in wich disceplene you get your engineering degree?

    • kumudupinto says:

      Actually, at Government Factory, even though the designation is “Assistant Works Manager”, it was a role of an Engineer. And the discipline is Mechanical !!

    • kumudupinto says:

      Actually, at Government Factory, even though the designation was “Assistant Works Manager”, it was a role of an Engineer. And the discipline is Mechanical !!

      And I would like to reveal another fact. Mr. Daya Hettiarachchi, our chairman is also a Mechanical Engineer graduated from University of Peradeniya. He has a M.Sc. in Computer Science and he is FCMA. And Mr. Vijith Singhabahu, our Managing Director too is a Mechanical Engineer graduated from University of Peradeniya and he has a M.Sc. too.

      That is why I am here for the last 13 years (from 1997 onwards), happily.

  4. chaminda says:

    ඒ කියන්නෙ ඔබතූමාට ඉන්ජිනෙරු උපාධියක් තිබුනට ඉන්ජිනෙරුවෙක් විදිහට රස්සවක් කලෙ නෙති බව නෙද? වඩි කාලයක් ගුරුවරයෙක් විඩියට කටයුතු කලා කියල ද?

  5. kumudupinto says:

    ඇත්තටම මම උගන්වන්න පටන් ගත්තෙ 1970 දී. පරිගණක ගැන උගන්වන්න පටන් ගත්තෙ 1983 දී. ඉංජිනේරු වෘත්තියේ හිටියෙ අවුරුදු 3යි. ගුරු වෘත්තියෙ කාලය ගණන් හදල බලන්න.

  6. Chaminda says:

    ධනුක වගේම මමත් කැමතියි උගන්වන්න. හැබැයි උගන්වන දෙය ගැන හොඳටම දැනගත්තාට පස්සෙ. මොකද අපෙන් ඉගෙනගන්න අය අපිට වඩා දුර යන්න ඕනෑ නිසා. අපිට හොඳින් උගන්වන්නවා වගේම ඔබතුමාලා අපිට තව කෙනෙකුට උගන්වන්න අවස්ථාවක් ලබාදෙයි කියලත් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී…….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s