ඔබේ දරුවාට ගැලපෙන ක්ෂේත්‍රයක් තෝරා ගන්නේ කෙසේද ?

ඔක්කෝටම ඉස්සෙල්ල ඔබේ දරුවාට ගැලපෙන ක්ෂේත්‍රයක් තෝරා ගන්න ඕනෙ, ඒ පරිගණක ක්ෂේත්‍රය වුණත් වෙන මොකක් හරි ක්ෂේත්‍රයක් වුණත්. තෝරා ගන්නේ පරිගණක ක්ෂේත්‍රය හැර වෙන මොකක් වුණත් පරිගණක පළිබඳ දැනීම අත්‍යවශ්‍ය බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඔබේ දරුවා සඳහා ඔබ වෘත්තීමය ක්ෂේත්‍රයක් තෝරා ගැනීමට යන්නේ නම් ඔබ එය කෙසේ කළ යුතු දැයි සාකච්ඡා කිරීමටයි දැන් අප බලාපොරොත්තු වෙන්නෙ.

 

ඉස්සෙල්ලාම තේරුම් ගන්න, ඒ තේරීම කළ යුත්තෙ ඔබ නොව, ඔබේ දරුවා බව. හැබැයි ඔබට පුළුවනි, ඔබට අවශ්‍ය තීරණය දරුවා විසින් ගන්නා තැනට ඔහුව හෝ ඇයව ගෙන එන්න. ඒත් ඔබේ දරුවාගේ පූර්ණ කැමැත්ත නැතිව ඔබ දරුවා සඳහා වෘත්තීමය ක්ෂේත්‍රයක් තෝරන්න යන්න එපා. ඔබ හිතෙන් මවා ගන්න, ඔබේ අත් පා බැඳලා ඔබේ මව්පියන් ඔබට ඇට පිටින් වහල්ල පිටින් කොහොල්ලෑ පිටින් මුළු කොස් ගෙඩියක්ම ගිල්ලන්න යනව කියල. ඒ ගොල්ලො කියයි ඒ දේ කරන්නෙ ඕගොල්ලන්ගෙ යහපතටයි කියල. ඒ ගොල්ලො ඔබේ යහපතටම කියන සුපිරිසිදු චේතනාවෙන් ඒක කළත්, ඒ මොහොතෙ ඔබට මොකක් හිතෙයි ද ? ඒ වගේමයි ඔබේ දරුවාගෙ කැමැත්ත නැතිව ඔබ දරුවා සඳහා වෘත්තීමය ක්ෂේත්‍රයක් තෝරන්න ගියොත්.

 

දැන් ප්‍රශ්ණෙකට තියෙන්නෙ ඔබේ හිතේ තියෙන යම්කිසි ක්ෂේත්‍රයක් ගැන දරුවගෙ හිතේ කැමැත්තක් ඇති කරවන්නෙ කොහොමද කියන එකයි. ඔබේ අතීතය සිහි කරන්න. ඔබේ දෙමාපියන් කැමති යම් දෙයක් හෝ යම් කෙනෙක් ගැන ඔබට බලෙම් කැමැත්තක් ඇති කරන්න ගිය වෙලාවල ඒක හරි ගිහිල්ල තියෙනවද ? එහෙම නම් බලෙන් දරුවගෙ හිතේ කැමැත්තක් ඇති කරන්න යන්න එපා.

 

එහෙම නම් මේ වැඩේ කරන්නෙ කොහොමද ? මේකට විසඳුම් කිහිපයක් ම තියෙනවා.

 

එකක් තමයි, ඔබ හිතාගෙන ඉන්න ක්ෂේත්‍රය දරුවා තෝරා ගන්නෙ, ඒ ක්ෂේත්‍රය තුළ සෑහෙන දුරක් ගිය පුද්ගලයකු දිහා බලල නම් ? එහෙම නම් ඉබේම ඒ පුද්ගලයව දරුවා, තමා ඉස්සරහින් තියා ගන්නවා තමන්ගෙ වෘත්තියට අදාල සියළු කරුණුවලදී. මෙතනදි ඒ පුද්ගලයා කෙරෙහි දරුවා දක්වන ආදරය හා ගෞරවය මත ඒ පුද්ගලයා ගිය දුර දරුවා යන්නෙ කිසිම මහන්සියකින් තොරවයි.

 

මේකට මා ළඟම හොඳ උදාහරණයක් තියෙනවා. මගේ මවගෙ එක් බාල සහෝදරයකු, ඒ කියන්නෙ මගේ මාමා කෙනෙකු, ඉංජිනේරුවරයෙක්. හැබැයි අම්පාරෙ හාඩි කාර්මික විද්‍යාලයෙනුයි සුදුසුකම් ලබල තිබුණේ. ඒ සුදුසුකම අද සමාන වෙන්නෙ ඉංජිනේරු උපාධියක පළමුවන වසරටයි. මා කුඩා කළ, මා ඉදිරියේ මගෙ දෙමාපියන් මේ ඉංජිනේරු මාමාගෙ උගත්කමට ගෞරව කරන හැටි මං බලාගෙන හිටියා. (හැබැයි මං හිතන්නෙ නෑ, ඒ අය එහෙම කළේ මාව ඒ දිශාවට යොමු කරවීමට කියලා.) ඒ වගේම අපට සාමාන්‍ය පෙළ විභාගයට උසස් ගණිතය හා ව්‍යවහාරික ගණිතය කියන විෂයයන් දෙකත් තිබුණා. මේඉ විෂයයන් දෙක ගැනත් ඒ විෂයයන් ම උසස් පෙළ පන්තියේදි ලැබුණහම එතනදිත් අමාරු දේ මාමාගෙන් අහ ගන්න මම පුරුදු වුණා. මෙහි ප්‍රතිඵලය වුණේ මාමා මගේ අධ්‍යාපනය හා වෘත්තිය සඳහා දැවැන්ත ප්‍රතිරූපයක් ලෙස මා ඉදිරියේ සිට ගැනීම. ඒ නිසාම සාමාන්‍ය පෙළත් උසස් පෙළත් ඉංජිනේරු උපාධි පළමු වසරත් ආයාසයකින් තොරව ඉතාම පහසුවෙන් සමත් වීමට මට පුළුවන්කම ලැබුණා. ඒත් ප්‍රශ්ණය වුණේ ඊට පස්සෙයි. උපාධියෙ ඉතිරි ටික මං ඉවර කළේ ඉතාමත්ම ආයාසයකිනුයි. මේ නීතිය ඒ කාලෙ මං නොදැන සිටි නිසාත්, කිසියම් මහා පුරුෂයකු මා ඉදිරියට නොවැටුණු නිසාත් මගේ ම මහන්සියෙන් ඉතිරි ටික ඉවර කරන්නයි මට සිද්ද වුණේ.

 

ඇත්තටම වෙන්නෙ කලින් කෙනෙක් මහන්සියෙන් විවෘත කරගෙන ගිය පාරක ඊට පස්සෙ කෙනෙක් පහසුවෙන් යාමයි. දැන් කියන්න එපා මේ පාරවල් ඔක්කොම දැනටමත් විවෘත වෙලා ය තියෙන්නෙ කියල. කතාව ඇත්තයි. ඒත් ඒ පාරවල් අපට පෙනෙන්නෙ නැති එකයි තියෙන්නෙ. ඒත් අපි යම් පුද්ගලයකුට අසීමිතව ආදරය
කරන්න හෝ ගෞරව කරන්න පෙළඹුනොත්, ඉබේම ඒ පුද්ගලයා ඇර ගත්ත පාරවල් අපට
ත් පෙනෙන්න පටන් ගන්නවා. අපි ඒ පාරෙ ගියොත් ඒ ඇරිච්ච දුර යන්නෙ කිසිම ආයාසයකින් තොරවයි. කලින් පුද්ගලයා ඒ පාරෙ ගිහිල්ල තිබුණෙ ආයාසයකින් තොරව
නම්, පස්සෙ යන කෙනා යන්නෙ සතුටකිනුයි. කලින් පුද්ගලයා ඒ පාරෙ ගිහිල්ල තිබුණෙ සතුටකින් නම්, පස්සෙ ඒ පාරෙ යන කෙනා යන්නෙ සින්දුවකුත් කියාගෙනයි. පරිනාමය කියන්නෙ ඒකයි.

 

ඉතින් මේ විදියට යම්කිසි මහා පුරුෂයකු දරුවා ඉදිරියෙන් තියා ගන්න දරුවා ව පොළඹවන්නෙ කොහොමද ?

 

පළමුවන ක්‍රමය ජානවලට කෙලින්ම සම්බන්ධයි. ඔබ හිතේ තියාගෙන ඉන්න ක්ෂේත්‍රය දරුවගෙ මව්පියන්ගෙන් කෙනෙක් ඉහළටම ගිය ක්ෂේත්‍රයක් නම් ප්‍රශ්ණ හුඟාක් අඩුයි. එතකොට කැමැත්ත ඇති විය යුත්තෙ දෙමාපියන්ගෙන් කෙනෙකු හරහා යි. හැබැයි මෙතනදි කාරණයට අදාල මව හෝ පියා, තම ක්ෂේත්‍රය ගැන සතුටින් සිටිය යුතුවාක් මෙන්ම, දරුවාට ඔබ හරහා ඒ ක්ෂේත්‍රයට කැමැත්තක් ආදරයක් ගෞරවයක් ඇති විය යුතුයි. එසේ ඇතිවීම සඳහා ඔබ එසේ සිතිය යුතුයි. කිව යුතුයි. අදාල දේ කළ යුතුයි. සමහර විට ඔබේ යම් යම් හැසිරීම් හෝ සිදුවීම් මත දරුවාගේ සිතේ ඒ ක්ෂේත්‍රයට යම් අකමැත්තක් ඇති වී ඇත්නම්, කරුණු කාරණා පහදා දී ඒ අකමැත්ත ඉවත් කළ යුතුයි. මෙහිදී ඒ කැමැත්තට අමතරව ජනවලත් ඒ හැකියාව තිබෙන නිසා කාරණය හුඟාක් සරල වෙනවා.

 

මෙයින් කියවෙන්නෙ නෑ පියා වඩු බාසුන්නැහැ කෙනෙක් නම් පුතාත් එහෙම විය යුතුයි කියල. එහෙම වෙනව නම් පුතා ඒ ක්ෂේත්‍රයෙ ඉහළටම යාවි. උදාහරණයක් හැටියට මම මගෙ එක් මාමා කෙනෙකු නිසා මගෙ වෘත්තීය සුදුසුකම හැටියට ඉංජිනේරු උපාධිය ලබා ගත්තා. ඒත් මම රැකියාව හැටියට තෝරා ගත්තෙ මගෙ මවගෙ වෘත්තිය වූ ගුරුකමයි. දැනටමත් මේ ආයතනයෙ දෙමාපියන් එක් අයකු හෝ ගුරුවරයකු වන පස් දෙනෙකුම ඉගැන්වීමේ යෙදෙනවා. සාමාන්‍යයෙන් සිසුන් මේ පස්දෙනා ගැනම තෘප්තිමත්.

 

ඒ එක්කම කිය යුතු තවත් දෙයක් තියෙනවා. විශේෂයෙන්ම පරිගණක ක්ෂේත්‍රයේදි හරිම අපූරු දෙයක් වෙනවා. තමන්ට මව්පියන්ගෙන් මොන විදියෙ ජාන ලැබුණත් ඒවාට ක්‍රියාත්මක වෙන්න ඉඩක් මේ ක්ෂේත්‍රයේදි ලැබෙනවා. උදාහරණයක් ලෙස වඩු බාසුන්නැහැ කෙනෙකුගෙ දරුවකු, පරිගණකයෙන් හොඳට ප්‍රයෝජන ගන්නා සැලසුම් ශිල්පියෙකු වන්නට පුළුවනි. විදුලි කාර්මිකයකුගෙ දරුවකු පරිගණක දෘඩාංග ඉංජිනේරුවරයකු වන්නට පුළුවනි.

මෙතනදි හොඳ උදාහරණයක් මතකයට එනවා. මෙයට වසර ගණනාවකට පෙර පැස්කල් නම් පරිගණක භාෂාව යොදාගෙන නොයෙකුත් ග්‍රැෆික්ස් නිර්මාණය කරන අයුරු ඉගැන් වූ පසු එක් දරුවකු ඉතා විශිෂ්ඨ අන්දමින් වර්ණ සංයෝජනය කර අපූරු නිර්මාණයක් කර තිබුණා. එච්චර ප්‍රබල දක්ෂතාවයකට හේතුව හොයාගෙන හොයාගෙන යනකොට අහුවුණේ ඔහුගේ පියා තොරණ්වලට විදුලිය සපයන අති දක්ෂ නිර්මාණ ශිල්පියෙකු බවයි. පියා තොරණ්වල කළ දේ පුතා ග්‍රැෆික්ස්වලින් පරිගණක තිරයේ කළා.

 

මේ විදියට ක්ෂේත්‍රය තෝරා ගන්න මව්පියන්ගෙන් උදව්වක් ලැබෙන්නෙ නැත්නම් ? එහෙම නම් තමන් දන්න කෙනෙක් දරුවා ඉදිරියේ දැවන්ත ප්‍රතිරූපයක් හැටියට නැඟිටුවීමට උත්සාහ ගන්න පුළුවනි, එහෙම පුද්ගලයකු ඉන්නවා නම්. හැබැයි දරුවා ඉදිරියෙ ඒ පුද්ගලයගෙ දැනුමට හැකියාවට ගෞරව කරන්න ඕනෙ අවංකවමයි. මතක තියා ගන්න ඔබ කරන දේ එක්කම කියන දේත් කියන දේ එක්කම හිතන දේත් එක වාගෙ වැදගත් බව. මතුපිටින් තේරුම් ගන්න බැරි වුණාට කෙනෙක් හිතන දේ ඊට අදාල තවත් ඕනෑම කෙනෙකුගෙ යටි හිතට තේරෙනවා. විශේෂයෙන් හිත් කුරුවල් වෙලා නැති දරුවන්ට මේ දේවල් හොඳහැටි තේරෙනවා. ඒ හන්දා හිතන්නත් හුඟාක් පරෙස්සම් වෙන්න ඕනෙ.

 

තමන් තෝරා ගත්ත ක්ෂේත්‍රය ජය ගත්ත දන්නා හඳුනන කෙනෙක් නැත්නම් ? එහෙම නම් තෝරා ගන්න පාරවල් දෙකක් තිබෙනවා. එක්කෝ ඒ ක්ශේත්‍රය ජය ගත්ත හැමෝම දන්නා හඳුනන ප්‍රසිද්ධ පුද්ගලයකු දරුවා ඉදිරියේ දැවන්තයකු හැටියට දැවැන්ත ප්‍රතිරූපයක් හැටියට තබන්න පුළුවනි, ඒ පුද්ගලයා ජීවතුන් අතර හිටියත් නැතත්. එහෙම නැත්නම් මේ වැඩේ පුද්ගල මැදිහත්වීමක් නැතිව කරන්න ඕනෙ.

 

තමන් තෝරා ගත්ත ක්ෂේත්‍රය ජය ගත්ත දන්නා හඳුනන කෙනෙක් නැත්නම් ? එහෙම නම් තෝරා ගන්න පාරවල් දෙකක් තිබෙනවා. එක්කෝ ඒ ක්ශේත්‍රය ජය ගත්ත හැමෝම දන්නා හඳුනන ප්‍රසිද්ධ පුද්ගලයකු දරුවා ඉදිරියේ දැවන්තයකු හැටියට දැවැන්ත ප්‍රතිරූපයක් හැටියට තබන්න පුළුවනි, ඒ පුද්ගලයා ජීවතුන් අතර හිටියත් නැතත්. එහෙම නැත්නම් මේ වැඩේ පුද්ගල මැදිහත්වීමක් නැතිව කරන්න ඕනෙ. ඒ කරුණු ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.

 

 

 

This entry was posted in 03. වත්මන්/අනාගත දෙමාපියන්ට, සිංහල and tagged . Bookmark the permalink.

2 Responses to ඔබේ දරුවාට ගැලපෙන ක්ෂේත්‍රයක් තෝරා ගන්නේ කෙසේද ?

  1. නියමයි! ඔබේ අදහස් ගැන කියනවනම් විශිෂ්ටයි. මෙවැනි මාතෘකා ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා බොහෝ අඩුයි. ඔබ ඔබේ දැනුම තමාට හැකි උපරිමයෙන්ම බෙදා දෙනවා. මම මේ දවස්වල ඕබේ සියලුම ලිපි කියවමින් ඉන්නේ. ඉතින් බොහොම ස්තූතියි!

  2. Wathsala Vithanage says:

    An excellent piece of writing… This and other related articles should be published on a weekend news paper as most of the parents do not browse Internet (at least on a regular basis).

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s