C++ හා Java

අපට හුඟාක් හීන, බලාපොරොත්තු, තියෙන්න පුළුවන් තවම ඉෂ්ඨ නොවෙච්ච. සමහර විට අපේ අම්ම ළඟ හරි තාත්ත ළඟ හරි තිබුණු ඉෂ්ඨ කර ගන්න බැරි වූ හීන අපට ආවා වෙන්න පුළුවන්. සමහර විට ඊට කලින් පරම්පරාවෙ, අපේ ආච්චිල හා සීයල දෙන්න ළඟ තිබුණු ඉෂ්ඨ කර ගන්න බැරි වූ හීන වෙන්නත් පුළුවනි. එහෙමත් නැත්නම් අප ම මවා ගත්ත හීන වෙන්නත් පුළුවනි.

ගැටළුව තියෙන්නෙ සමහර විට මේ හීනවලින් දෙකක් හෝ කීපයක් එකිනෙකට ප්රතිවිරුද්ධ වීම යි. සරල උදාහරණයක් ගත්තොත් අම්මට ඕනෙ දරුව ව දොස්තර කෙනෙක් කරන්න. ඒත් තත්තට ඕනෙ දරුව ව ඉංජිනේරුවරයෙක් කරන්න. හීන දෙක ම එකවර ඉෂ්ඨ වෙන්න බෑ. ලංකාවෙ ඒකට ඉඩක් නැති තරම්. මීට වඩා සංකීර්ණ උදාහරණ ඕනෑ තරම් තියෙන්න පුළුවන්.

මට උණත් 1990 ට ඉස්සෙල්ල ඒ වාගෙ හීන ඕනෑ තරම් තියෙන්න ඇති. ඒත් 1990 දි මට අති විශිෂ්ඨ ගුරුවරයෙක් හම්බ වුණා. ඒ ගුරුවරය මාව විශාල වෙනසකට භාජනය කළා. ඇත්තටම කියනව නම් ගුරුවරයට මාව වෙනස් කරන්න මම ඉඩ දීල තිබුණා. ගුරුවරයා මගේ හීන ඔක්කොම තනි හීනයකට ගෙනාවා. අද ට වුණත මගේ තියෙන හීන ඔක්කොම එකිනෙකට සම්බන්ධයි. ඒ කියන්නෙ වෙනත් වචනවලින් කියනව නම් මට තියෙන්න තනි හීනයයි. ඒ හන්ද ඇතුළෙ කිසිම ගැටුමක් නෑ.

මේක තවත් විදියකට විස්තර කරන්න පුළුවන්. ඇත්තටම අප තුළ ඇති එක් එක් හීනයක් හරියට යම් දිශාවකට හැරිච්ච කාන්දමක් වගේ. අපේ හිතේ (නැත්නම් ඇඟේ) මේ විදියට එක් එක් දිශාවලට හැරුණු කාන්දම් ගොඩාක් තියෙන්න පුළුවනි. සමහර විට එක් කාන්දමක් තවත් කාන්දමකට බාධා කරන්නත් පුළුවනි. ඒ හන්ද අර වාගෙ ගුරුවරයෙක් හොයාගෙන ඒ කාන්දම් ටික ඔක්කොම එක දිශාවකට හරව ගන්න. එතකොට කිසි අවුලක් වෙන එකක් නෑ.

මේකත් හරියට C++ හා Java කියන පරිගණක භාෂා වාගෙ. C++ අවසර දෙනව Multiple Inheritance වලට. ඒ කියන්නෙ Super Classes එකකට වඩා වැඩි ගණනකින් Inherit වෙන්න. ඒත් Java වල ඒක බෑ අඩු ගණනෙ නමටවත්. Inherit කරන්න පුළුවන් වෙන්නෙ එක Super Class එකකින් පමණයි. අප ඉපදුනු ගමන් ලැබිච්ච C++ වාගෙ වෙමු ද ? එහෙමත් නැත්නම් මහන්සි වෙලා ගුරුවරයෙක් හොයාගෙන Java වාගෙ වෙමු ද ?

පසුව ලිවීම : අර කලින් හමු වූ ගුරුවරය දැන් අප අතර නෑ. ඒත් තවමත් එබඳු ගුරුවරයකුගෙන් මම ජීවිතයට අවශ්ය උපදෙස් ලබා ගන්නවා.

This entry was posted in 04. හැඟීම්, සිංහල and tagged , . Bookmark the permalink.

5 Responses to C++ හා Java

  1. danuka says:

    කවුද ඒ ගුරුවරයා??? මම කැමතියි සර්ව මගෙ ගුරුවරයා කරගන්න. ඒ ගුරුවරයාගෙන් ලැබුණු උපදෙස් මට උගන්වන්න කාලෙ ඇවිත්…😀

  2. dprashan says:

    මේකෙ alignment අවුල් නේද???

    • kumudupinto says:

      ස්තුතියි, වැරැද්ද පෙන්නුවට. මම ඒක හරි ගැස්සුවා.

  3. danuka says:

    සර් මාව හඳුනනවා..:-D BIT semester 2, sat batch එකේ spects දාන හින්දි නළුවෙක් වගේ ඉන්න එකම කොල්ලා….Danuka…..😀😀😀😀

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s