දැවැන්ත ප්‍රතිරූපයක් දරුවා ඉදිරියේ තැබීම

තමන් තෝරා ගන්න ක්ෂේත්‍රය ජය ගත්ත සුවිශේෂ පුද්ගලයකු දරුවා ඉස්සරහ තැබීම සඳහා ඔබට හුඟාක් වැඩ කරන්න වෙනවා. ඒ පුද්ගලයා කළ නිර්මාණ, කළ කී දෑ, ජීවන තොරතුරු, පින්තූර වගේ හුඟාක් දේවල් ඔබට එකතු කරන්න වෙනවා. එදා තමන්ගෙ ගෙදර පුද්ගලික පුස්තකාල දා ගත්ත අය මේ දේ කළා, දැන හෝ නොදැන. අද පොත්පත් කියවීම අඩු වුණාට ඒ වෙනුවට අන්තර්ජාලය ඇවිල්ලා. ඇත්තටම මේ වාගෙ දේකට අන්තර්ජාලය හොඳට පාවිච්චි කරන්න පුළුවන්.

 

උදාහරණ හැටියට ඔබ තෝරා ගත් චරිතය අද ජීවතුන් අතර නැති ආතර්. සී. ක්ලාක් නම් මහා විද්‍යාඥයා හා ලේඛකයා වුවත්, එසේත් නැතිනම් ස්ටීවන් ස්පිල්බර්හ් නම් මහා චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වුවත් බිල් ගේට්ස් නම් මහා පරිගණක විශේෂඥයා වුවත්, ඒ අය ගැන අවශ්‍ය සියළු විස්තර පින්තූර සමඟම අන්තර්ජාලයෙන් ඉතා පහසුවෙන් හොයා ගන්න පුළුවන්.

 

ඔබට මෙවැනි චරිතයක් දරුවා ඉදිරියේ තැබීමට නම්, ඔබ මේ චරිතය හොඳින් හදාරන්න වෙනවා. ඒ පුද්ගලයා ගැන ලියැවුණු පොතපත කියවන්න හා එකතු කරන්න වෙනවා. ඒ පුද්ගලයා ගැන නිපදවුණු චිත්‍රපට ඔබ බලන්නත් දරුවාට පෙන්වන්නත් වෙනවා.
ඒ වගෙ නිර්මාණයක් රස විඳිද්දි ඒ ගැන දරුවා සමඟ සංවාදයක යෙදෙන්නත් වෙනවා. නිකම්ම සංවාදයක නෙවෙයි, නිර්මාණශීලී සංවාදයක.

 

ප්‍රශ්ණය වෙන්නෙ මෙහෙම පුද්ගලයකු ඔබට හොයා ගන්න බැරි වුණොත් ? එහෙම නම් ඔබට සිදු වෙනවා පුද්ගල මැදිහත්වීමකින් තොරව, ඔබ තෝරා ගත් ක්ෂේත්‍රය දරුවාගේ හිතට අල්ලන විදියට ඒ ක්ෂේත්‍රය ගැන දරුවාට කියා දෙන්න, ඒ ගැන ලියැවුණු පොතපත බලන්න හා ඒ ගැන නිපදවුණු චිත්‍රපට බලන්න වාගෙ දේවල්.

 

මෙඔ මොන විදියකින් වුවත් දරුවා තමන්ම ඒ ක්ෂේත්‍රය තමන්ගෙ අනාගත වෘත්තිය හැටියට තෝරා ගන්නා තරමටම තද ඇල්මක් ඒ ක්ෂේත්‍රය ගැන ඇති වුවහොත් ඒ ඔබේ දක්ෂකම නිසා මයි.

 

දැන් පි කුඩා කාලයේ පටන් දරුවාට දිය යුතු, දරුවා ප්‍රගුණයට පත් කළ යුතු අභ්‍යාස මොනවාදැයි බලමු. මේ අභ්‍යාස කාණ්ඪ 3ක් යටතේ වර්ග කරලා තියෙනවා. ඒ කාණ්ඩ නම්

  • අසාමාන්‍ය ප්‍රවීනතා සඳහා අභ්‍යාස
  • ඉන්ද්‍රියයන් තියුණු කිරීම සඳහා අභ්‍යාස
  • විෂයානුබද්ධ ප්‍රවීනතා සඳහා අභ්‍යාස

යන ඒවායි. දැන් අපි මේ එක් එක් කාණ්ඩයක් යටතේ එන අභ්‍යාස වෙන වෙනම ඉගෙන ගනිමු.

This entry was posted in 03. වත්මන්/අනාගත දෙමාපියන්ට, සිංහල and tagged . Bookmark the permalink.

One Response to දැවැන්ත ප්‍රතිරූපයක් දරුවා ඉදිරියේ තැබීම

  1. මුදිතා says:

    ඇත්තෙන්ම එවන් වීරයන් සිය ප්‍රතිරූපයන් විදියට තෝරාගන්නට දරුවන්ට පෙළඹවීමක්, ආදර්ශයක් ලැබෙන්නේ නැති නිසාම වන්නට ඇති ඔවුන් සුපර් මෑන්, ස්පයිඩර් මෑන් වාගේ මනෝමය වීරයන් පසුපස දුව යන්නේ. ඒ වෙනුවට සැබෑ ලෝකයේ ජීවමාන වූ, සමාජයට ආදර්ශ ලබා දුන් ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ අඩිපාරේ යමින් හැදෙන වැඩෙන දරු පරපුරක් බිහි වුවහොත් අපේ ලෝකයේ අනාගතය ගැන සුභ සිහින දකින්නට හැකි වේවි…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s