Home Computers ගැන වචනයක්

නුවර Digitronics ආයතනය පටන් ගත්තෙ Sinclair කියන Home Computer වර්ගයෙන්. ඒකෙ මුලින්ම ආවා Sinclair ZX 81 කියන මොඩ්ල් එක. ඒක එන්නෙ කිලෝ බයිට් 1 ක RAM එකක් එක්ක. මතක තියා ගන්න 1KB . ඒ කියන්නෙ යම්කිසි Program එකක අකුරු තියෙන්න පුළුවන් 1024 ක් ිතරයි.

ZX81

ZX81

මේ කම්පියුටරය ඉහත රූපයේ දැක්වෙන පරිදි ඉතා පුංචි එකක්. ඒ වාගෙම ඒකෙ Keyboard එක මතට තදින් ඇඟිල්ලක් එබුවොත් Key එක හිල් කරගෙන යනව. ඒ තරමට තුනී ප්ලාස්ටික් තහඩුවකිනුයි Keyboard එක හැදිල තිබුණෙ .

මේ කම්පියුටරයෙ දිග හා පළල තමන්ගෙ වියතක් විතර වූ අතර මෙම කම්පියුටරයේ මිල වුණේ රුපියල් 1200 ක්. ඊළඟට මේ කම්පියුටරයෙ RAM එක 16K දක්වා වැඩි කර ගන්න පුළුවන් වුණා. මේ අමතර RAM එක පහත රූපයේ පරිදි පිටුපස සවි කළ පෙට්ටියක් වගේ වුණා.

ZX81 16K

ZX81 16K

මේ RAM එකේ මිල ඒ කාලෙ රුපියල් 1800ක් වුණා. අලියා රුපියල් 1200 යි. හෙණ්ඩුව රුපියල් 1800 යි. ඒ කාලෙ මම මේ කම්පියුටරයෙ ආ BASIC නම් පරිගණක භාෂාව පාවිච්චි කරල හෘදය වස්තුවෙ ක්‍රියකාරකම සජීවීකරණයක් සහිතව හැදුවා, 16K RAM එකක් එක්ක. හැබැයි මේ කම්පියුටරයෙ තිබුණෙ කළු හා සුදු කියන පාට දෙක විතරයි.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල and tagged . Bookmark the permalink.

2 Responses to Home Computers ගැන වචනයක්

  1. danuka says:

    අමාරු වැඩක් කරලා තියෙන්නෙ. u r a genius.මේකෙ Touch Pad එක පේන්නවත් නෑනෙ.

    • kumudupinto says:

      Touch Pad කිව්වට ඒක Keyboard එකක්. ඔය සුදු පාට පොඩි කොටු කොටු හැටියට පේන්නෙ ඒ Keyboard එකයි. ඒක Membrane Keyboard එකක් හැටියටයි සැලකෙන්නෙ.ඕනෙ නම් ඉංග්‍රීසි Wikipedia එකේ Membrane Keyboard කියල ටයිප් කරල බලන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s