තාත්තා ගැන අපූරු සටහනක්

මේත් මට කොහෙන්දෝ හමු වූ මුද්‍රිත ලිපියක්.

මට වයස අවුරුදු 04 දී – මගෙ තාත්තට මේ ලෝකෙ ඕනම දෙයක් කරන්න පුළුවන්. දන්නවද ?
මට වයස අවුරුදු 05 දී – මගෙ තාත්ත නම් ඕනම දෙයක් දන්නවා.
මට වයස අවුරුදු 06 දී – ඕගොල්ලන්ගෙ තාත්තා වගේ නෙවෙයි. අපේ තාත්තා හරිම දක්ෂයි. එයා හරි උසත් එක්ක.
මට වයස අවුරුදු 08 දී – අපේ තාත්තා හැම දෙයක් ගැනම හරියට දන්නෙ නෑ වගෙයි මට හිතෙන්නෙ.
මට වයස අවුරුදු 10 දී – අපේ තාත්තලගෙ කාලෙ මේ හැම දෙයක් ම දැන් වාගෙ දියුණු නෑ.
මට වයස අවුරුදු 12 දී – අපෝ. ඒක අමුතු දෙයක් යැයි. තාත්තට ඒවා මුකුත් තේරෙන්නෙ නෑ. එයාට දැන් එයාගෙ පුංචි කාලෙ මතකවත් නැතුව ඇති.
මට වයස අවුරුදු 14 දී – එයාව ගණන් ගන්න එපා මචං. එයාට හණමිටි අදහස් තියෙන්නෙ.
මට වයස අවුරුදු 21 දී – අපේ තාත්තා. එයා පිස්සු දොඩවන්නෙ. දැන් කාලෙට ඒ පිස්සු ගැලපෙන්නෙ නෑ බං.
මට වයස අවුරුදු 25 දී – තාත්තා ඒ ගැන ටිකක් විතර දන්නවා. මොකද එයා හුඟක් කල් ඒවත් එක්ක වැඩ කළා නෙ.
මට වයස අවුරුදු 30 දී – තාත්තගෙන් ඇහුවොත් හොඳයි වගේ. මොනවා වුණත් තාත්තට හුඟක් අත්දැකීම් තියෙනව නෙ.
මට වයස අවුරුදු 35 දී – අපෝ. මම නම් ඔය වැඩේට අත ගහන්නෙ නෑ. තාත්තගෙන් අහල බලල මිසක්.
මට වයස අවුරුදු 40 දී – මට හිතා ගන්න බෑ තාත්තා කොහොමද මේවට මුහුණ දුන්නෙ කියල. තාත්තා හරිම කල්පනාකාරී කෙනෙක්. ඕනෑ ප්‍රශ්ණයක් විසඳන නිවැරදි විදිය තාත්තා දන්නවා.
මට වයස අවුරුදු 50 දී – දෙයියනේ. තාත්තා හිටියා නම්.

මේ ලිපියෙ තාත්තා වෙනුවට තමා කැමති ඕනෑම නාම පදයක් ආදේශ කළ හැකියි, අවශ්‍ය නම්.

This entry was posted in 04. හැඟීම්, සිංහල and tagged , , . Bookmark the permalink.

One Response to තාත්තා ගැන අපූරු සටහනක්

  1. මං මේ සටහන මීට කලින් කියවලා තිබුණ…..හරිම සංවේදී….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s