ස්ථිතිකය වෙනුවට ගතිකය – පළමු අභ්‍යාසය

අපි දරුවා ව පොළඹවමු ගමන් කරන වාහන නිරීක්ෂණය කරන්න. නිකම්ම නිරීක්ෂණය කිරීමක් හෙම නෙවි – හොඳින්, ඉතා හොඳින් නිරීක්ෂණය කිරීමක් හැටියට. මෙහිදී අප කියා දෙන්න ඕනෙ දරුවා දැකගත් යුතු දේවල්. උදාහරණයක් හැටියට කෝච්චියක් යද්දි පෙට්ටි ටික ඉදිරියට ඇදෙනවාත් එක්කම එක් එක් පෙට්ටියක් දෙපැත්තට වැනෙන විදිය – ඒ ලතාව. ඒ පැද්දෙන දිශා – රේල් පාර දිවෙන අතට වගේම රේල් පාර හරස් අතටත් පැද්දෙන විදිය.

ඒ වෙලාවෙදි, ඒ නිරීක්ෂණයන් එක්කම, අපට පුළුවන්කමක් තියෙනව නම්, ඒ රිද්මයට අනුකූල ගීත හඬ නඟා කියන්න – එකක් නෙවි දෙක තුනක් ම. එතකොට අර රිද්මය දරුවාගෙ හිතට යනවා ගීතයත් එක්කම. මෙතනදි භාවිතා කළ හැකි එක ගීතයක් තමයි, අපේ සාම්ප්‍රදායික “උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක” කියන එක. ඊට වඩා හොඳ ගීතයක් තියෙනවා නාරිලතා චිත්‍රපටයෙ. ඒ තමයි “ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන” කියන ගීතය.

ඒ වගේම කෝච්චිය ඈත එනකොට ටික ටික ලොකු වෙලා පේන හැටි. ඒ එක්කම අපව පහු කරගෙන යනකොට ටික ටික කුඩා වෙන හැටි. ඒ එක් එක් පෙට්ටියක් අප ළඟ ඉන්නෙ මොහොතක් බවත්, ඒ ලක්ෂ්‍යය අපෙන් ඉවත් වන්නා හා ම, තවත් ලක්ෂ්‍යයක් අප වෙත පැමිණෙන බවත්, මේ ඉවත්වීම හා පැමිණීම කෝච්චිය ගමන් කර අවසාන වන තෙක් ම පවතින බවත් නිරීක්ෂණය කිරීමට අප දරුවා ව පොළඹවමු.

ඒ එක්කම කෝච්චිය ඈතින් එද්දි හඬ ඇහෙන්නෙ අඩුඑන් බවත්, එක්තරා දුරකට එය ලං වූ පසු හඬ එකවර වැඩි වන බවත්, ඉන්පසු අපව පසු කරගෙන එක්තරා දුරකට ගමන් කළ පසු නැවතත් හඬ ලොකු ප්‍රමාණයකින් අඩු වන බවත් දරුවා ලවා නිරීක්ෂණය කරවමු.

දැන් ඔබට හිතෙනවා ඇති, ඔබවත් මීට පෙර මෙබඳු නිරීක්ෂණ හරියට – මෙතරම් විස්තර සහිතව නොකළ බව. ඒ හන්දම තමයි, මේ අභ්‍යාස මාලාව අවසානයේ විශ්ලේෂණාත්මක හැකියාවනුත් ඔබ තුළ පිහිටා නැත්තෙ. මතක තබා ගන්න, තේරුම් ගන්න, මේ අභ්‍යාසය තුළ අභ්‍යාස ගණනාවක් ම ඇති බව. මේ කිසිදු අභ්‍යාසයක් එක්වරක් පමණක් කිරීම කොහෙත්ම සෑහෙන්නෙ නෑ. කරන වාර ගණ වැඩි වන තරමටයි ඒ නිරීක්ෂණ ප්‍රගුණය කිරීමෙන් අප බලාපොරොත්තු වන ප්‍රතිඵල අපට ලැබෙන්නෙ.

This entry was posted in 03. වත්මන්/අනාගත දෙමාපියන්ට, සිංහල and tagged , . Bookmark the permalink.

2 Responses to ස්ථිතිකය වෙනුවට ගතිකය – පළමු අභ්‍යාසය

  1. indika kumaara says:

    දරුවා තැනීම…කියන එක ඇත්තටම ඕනෙද? හරියට අලුතින් ගත්ත මැසිමක් අලුත්වැඩියා කරනව වාගෙ..කොම්පියුටර ප්‍රෝග්‍රෑම් ඒකකින් වාගෙ දරුවො හදන්න ඕනිද??ඒත් එක දෙයක්…ඔය අමාරු ප්‍රෝග්‍රැමින් වලට යන්නෙ නැතිව දරුවට මනුස්සකම චුට්ටක් කියල දෙන්න ඒක වැදගත්…මම Eයෙ සිල් ඇත්තන්ට දානෙ බෙදනකොට දැක්ක කෑම පෝලිම පැනගන්න සමහර අම්මල ලමය්ටත් කතාකරනව පැනගනිපු තැනින් එන්ටර්‍ වෙන්න..

  2. kumudupinto says:

    ඇත්ත. අපට ගුණ ධර්ම අත්‍යාවශ්‍යයි. ඒ වගේම ලෞකික ජීවිතේ වැඩ කටයුතු කරගෙන ඉන්න නම් රැකියාවක් කරගෙන ඉඳීම සඳහා හොඳ දැනුමක් අවශ්‍ය යි නේද ? ඒ වගේම රටක් හැටියට අපට ඉදිරියට යන්න නම් නව තාක්ෂණ දැනුම Update කර ගැනීම අවශ්‍යයි. මම හිතන්නෙ නම් අප දරුවන්ගේ දැනුම හා හැකියාවන් දියුණු කර ගැනීම සඳහා උදව් කිරීම අවශ්‍යයි කියලයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s