අපි Blogs ලියන්නෙ ඇයි ?

දැන් දැන් හුඟාක් අය Blogs ලියන්න පෙළඹිලා. ඒකට හේතු මොනවද කියල යම් කෙනෙක් හොයල බලල තියෙනවද ? මම හිතන්නෙ ප්‍රධාන හේතුව වෙන්න ඕනෙ යමක් කියා ගන්න බැරුව හිර වෙලා හිටි, ඒ මත්, ඒ අදහස් ප්‍රකාශ කරන්න මාධ්‍යයක් නැතිව හිටි අයට එබඳු මාධ්‍යයක් ලැබීම. මට නම් ප්‍රධාන ම හේතුව ඒකයි.

අපි ලිව්ව ලිපියකට කාගෙන් හරි, විශේෂයෙන් නන්නාඳුනනා කෙනෙකුගෙන් Comment එකක් ලැබුණහම දැනෙන්නෙ පුදුමාකාර තෘප්තියක්. ලිපියේ කරුණු අගය කරල තිබුණත්, විවේචනය කරල තිබුණත්, ඒ හැඟීමෙ වෙනසක් නෑ.

ඒ හැඟීම ගැන හරියටම දැන ගන්න ඕනෙ නම්, ඔබට ත් Blog එකක් තියෙන්නම ඕනෙ.

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

7 Responses to අපි Blogs ලියන්නෙ ඇයි ?

  1. sahathika aththa….. mata ada wenakanuth kiyaganna bari wechcha dewal godai…….

  2. සහතික ඇත්ත. ඒත් ඒ හේතුව නිසා (කොමෙන්ට්ස් නිසා) බ්ලොග් වලට ඉදිරියක් ඇතැයි ඔබ සිතනවාද ?

  3. kumudupinto says:

    ඇත්තටම ඔව්. මේක වෙනම සාහිත්‍යයක් හැටියට පිළිගැනීම යම් තරමකටවත් සිදුවෙලා නේද තියෙන්නෙ ?

  4. Chejana says:

    තවත් එක හේතුවක් මම දකිනෑක ලංකාවෙන් පිට ඉන්න අය වෙනුවෙන්..
    අපි ලියන්නෙ තනිකම නැති කරගන්න සහ යාළුවො හදාගන්න..

    • kumudupinto says:

      ලංකාවෙ ඉන්න අපට එහෙම හේතුවකුත් තියෙන බව අමතක වෙනව. ඒකට සමා වෙන්න.

  5. එකඟයි. මම ගැන හිතුවම නම් සහතික ඈත්ත. හිතේ තියෙන දේවල් ලියාල දාන්න විතරයි ඉස්සර මම blog පටන් ගත්තේ. ඒත් ලැබුන comment අනුවත් අනිත් අය ලයන දේවල් කියවන්න ලැබුනමත් එක්ක නිකම්ම ලියනවට වඩා දෙයක් කරන්න පුලුවන් වුනා. දැන් නම් මම ලියන්න ඈබ්බැහි වෙලා.. කියවන්නත් එහෙමයි.

    comment එකකින් ලැබෙන සතුට නම් කියන්න වචන නැහැ. හැබෑ යි ඉතින් හොඳ වගේම නරකත් කියනවනම් තමයි මම නම් කැමති.

    ෴ ඔබට ජය ෴

    • kumudupinto says:

      ඔබේ ලිවීම නම් අපූරුයි. ජය පැතීම ගැනත් තුති. ඒ එක්කම ඉල්ලීමක් තිබෙනවා. ඔය ලිවීමේ හැකියාව Blog එකකට සීමා නොකර සිංහල Wikipedia එක පැත්තටත් යොමු කරනවා නම්, විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් ගත්ත දේ ආයෙත් ලෝකෙට දුන්නා වෙනව නේද ?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s