තමා උපන් ගම

මේ ළඟකදි වෙච්ච සිදුවීම් දෙකක් හන්දයි මේ ලිපිය ලියන්න හිතුනෙ. මම එක්තරා අවස්ථාවකදි සිසුවකුගෙන් ඇහුවා ගම මොකක්ද කියලා. ඔහුගේ උත්තරය වුණේ හිඹුටාන කියලයි. ඒ උත්තරේ නිසා මම ඔහු දිහා බලල හිනා වුණා. ඔහුත් කාරණේ දැන ගෙන හිනා වුණා. ඒ වගෙම තවත් ළමයෙක් ඔය ප්‍රශ්ණෙට දුන්න උත්තරේ කුඩා බුත්ගමුව කියලායි.

මම හිතන්නෙ අපි අපේ ගම මොකක්ද කියල කියද්දි හුඟාක් අය නොදන්න ගමක් වෙනුවට ඒ ගම ඇතුළත් නගරය යි කිය යුත්තෙ. ඒත් අර ළමුන් දෙදෙනා ම ඒ නගරය අංගොඩ වන නිසා එය නොකියා ඒ වෙනුවට වෙනත් උත්තරයක් දුන්නා.

තමන්ගෙ නම, ගම, ජාතිය, ආගම, මව, පියා වගෙ දේ ගැන ලජ්ජා වෙනවා වෙනුවට ඒ ගැන ආඩම්බර විය යුතුයි කියලයි මම හිතන්නෙ. සමහරු තමන්ගෙ දෙමාපියන් කරන කියන දේ, ඒ අයගෙ රැකියාව වගෙ නොසැලකිය යුතු දේ ගැන ලජ්ජා වෙනවා. ඒත් ඒ රැකියාවන් නිසා ම ඒ හැකියාවන් නිසා ම තමන්ට ජාන මඟින් ලැබී ඇති දේ කතාවක් නැතිව පිළි අරගෙන ඒ හැකියාවල් පාවිච්චි කරනවා.

මම ඉපදුනෙ කොලොන්නාව කියන නගරයෙ තියෙන මීතොටමුල්ල කියන ගමේ. අපි ඉපදුනු කාලෙ වගේමයි තවමත් ඒ ගම. ඒත් ඒ ගැන ලජ්ජා වෙන්නවත් කම්පා වෙන්න වත් හේතුවක් මට නැහැ කියලයි හිතෙන්නෙ.

This entry was posted in 04. හැඟීම්, සිංහල and tagged . Bookmark the permalink.

2 Responses to තමා උපන් ගම

  1. මුදිතා says:

    ඇත්තෙන්ම, ඒ එක්කම තමන්ගේ ගම ගැන, රට ගැන ආඩම්බර වෙන්න තියන කාරණා ගැන දැනුවත් වෙලා ඉන්න එකත් ඉතාම වැදගත්. මොකද, ඒ දේවල් කෙනෙක් හෑල්ලුවට ලක් කරන්න හැදුවොත් ඒ වෙනුවෙන් කතා කරන්න අපිට ශක්තියක් තියෙන්න ඕනේ නිසා. උදාහරණයක් විදියට මම ඒ සම්බන්ධයෙන් අපේ ගුරුතුමන්ගේ උදාහරණය වගේම අහලා තියෙන තවත් සිද්ධියක් කියන්නම්. මුල්ලේරියාව කියන ප්‍රදේශය ගැන ඇහැව්වාම අපි කාටත් මතක් වෙන්නේ මානසික රෝහලක් ගැන. නමුත් ඒ ප්‍රදේශයේදී අපේ සිංහල ජාතිය පෘතුගීසින්ව පරාජය කරලා ලබාපු අති විශිෂ්ඨ ජයග්‍රහණය ගැන මතක් වෙන්නේ කී දෙනාටද? ඒ වගේ අපේ රටේ සෑම බිම් අඟලක් පුරාම අපිට ආඩම්බර වෙන්න පුළුවන් කරුණු කාරණා තියෙනවා. සමහර ඒවා හැංගිලා තියෙන්න පුළුවන්. ඒවා ඉස්මතු කරලා ගන්න වගකීම තිබෙන්නෙත් අපේ අතේමයි.

    ඒ එක්කම තවත් කාරණාවක් තියනවා. අපේ ඉතිහාසයේ ප්‍රෞඩත්වය ගැන අනිවාර්යයෙන්ම ආඩම්බර වෙන ගමන්ම අපි සිදු කළ යුතු තවත් දෙයක් තියනවා. ඒ අපේ අනාගත පරපුර වෙනුවෙන් ඒ ඉතිහාසය රැක ගැනීම හා වර්තමානයත් ඒ ප්‍රෞඩත්වයට එකතු කිරීමයි.

  2. හසිත says:

    මම අහල තියෙන විදිහට අංගොඩ රෝහල අපිට දීල තියෙන්නෙත් පෘතුගීසි ආණ්ඩුවෙන්ම තමයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s