ප්‍රේමය හා අධ්‍යාපනය

ප්‍රේමණීය ප්‍රේමය

ප්‍රේමණීය ප්‍රේමය

හුඟාක් අය හිතන දෙයක් තමයි ප්‍රේමය යි අධ්‍යාපනයයි එකට කළා ට කිසි වරදක් නැත කියන එක, පහත දැක්වෙන මතවාදය බලලා ඔබම තීරණය කරන්න.

අපේ සිරුරේ අපි කරන දේවල් ගොනු වෙන ප්‍රධාන තැන් 6ක් තියෙනවා. ඒවා නම් හිස, හෘදය, බඩ, අක්මාව, ලිංගේන්ද්‍රිය හා පාද යන ඒවා යි. අධ්‍යාපනය තනිකරම හිස මුල් කරගෙන සිද්ධ වෙන දෙයක් වන අතර ප්‍රේමය හදවත මුල් කරගෙන වෙන දෙයක් බව ඔබ ත් පිළි ගනීවි.

ඒ වගේම අප ජීවත්වීම සඳහා යැපීම සඳහා කරන දේ බඩ මුල් කරගෙන ත් අප ඉතිරි කරන දේ වතුපිටි, ගෙවල් දොරවල්, යාන වාහන, බැංකු ගිණුම් වගෙ දේ අක්මාව මුල් කරගෙනත් සිදු වෙනවා. ඒ වගේම තනිකරම අපේ සතුට, කායික සතුට වෙනුවෙන් කරන දේ ලිංගේන්ද්‍රිය මුල් කරගෙනත්, අපේ පදනම සම්බන්ධ දේ පාද මුල් කරගෙනත් සිදු වෙනවා.

හැම තිස්සෙම පහළ ලක්ෂ්‍යයක් ඉහළ එකකට වඩා ස්ථාවර යි. ඒ නිසා ලක්ෂ්‍ය දෙකක් සම්බන්ධ සිද්ධි දෙකකදී පහළ ලක්ෂ්‍යයට සම්බන්ධ සිද්ධියට අපේ හිත මුල් තැනක් දෙනවා. එහෙම නම් වඩා ඉහළ ලක්ෂ්‍යයක් වූ හිස මුල් කර ගත් අධ්‍යාපනයත් ඊට පහළ ලක්ෂ්‍යයක් වූ හදවත මුල් කර ගත් ප්‍රේමයත් අතර සටනේදී පහළින් වූ ප්‍රේමය දිනනවා, අධ්‍යාපනය පරාජය කරමින්.

මේක සිදු නොවෙන්නේ යමකුගේ හිතේ ඉතා ස්ථාවර ව අධ්‍යාපනය ගැන අවශ්‍යතාවයක්, උනන්දුවක් ඇත්තේ නම් පමණයි. ඇත්තටම ඔබේ හිතේ එහෙම දෙයක් තිබෙනවාද ?

This entry was posted in 10. ප්‍රේමය, සිංහල and tagged . Bookmark the permalink.

16 Responses to ප්‍රේමය හා අධ්‍යාපනය

  1. danuka says:

    මම නම් පෞද්ගලිකව අධ්‍යාපනයයි ආදරයි එකට කරන්න යන්නෑ…..

  2. මුදිතා says:

    මම මේ කියන කාරණාව පාසැල් වියේ අධ්‍යාපනයට අදාල නැහැ. මොකද, පාසැල් වියේ ප්‍රේම සම්බන්ධතා ගැන මම පෞද්ගලිකව විරුද්ධත්වය ප්‍රකාශ කරන නිසා. මේ කාරණාවට අදාළ වෙන්නේ උසස් අධ්‍යාපනය හා ප්‍රේමය ගැනයි.

    එකම විෂය ක්ෂේත්‍රයක් හදාරණ දෙදෙනෙකු අතර එවන් සබඳතාවක් ගොඩ නැගුණොත් එය බොහෝ විට අධ්‍යාපන කටයුතු වලටත් රුකුලක් වෙයි කියලා මට හිතෙනවා. අප දන්න හඳුනන වටපිටාවෙන්ම එවන් සාර්ථක උදාහරණ කිහිපයක්ම හොයාගන්නට බැරි වෙන එකක් නෑ. ඔවුන් දෙදෙනාට එම විෂය ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්නට, දන්නා නොදන්නා තැන් බොහොම පහසුවෙන් විසඳාගෙන ඉදිරියට යන්නට, එය රුකුලක් වේවී. ඔවුන්ගේ දරුවන්ටද එම ක්ෂේත්‍රය තුළ හොඳ අනාගතයක් ගොඩ නැගේවී.

    නමුත්, වෙනස් විෂය ක්ෂේත්‍රයන් දෙකක දෙදෙනෙකු අතර එවන් සබඳතාවයක් ගොඩනැගීම මම එයටත් වඩා සුන්දර විදියට දකිනවා. අධ්‍යාපනයේ නිරත වන අවධියේම එලෙස හමු වන දෙදෙනෙක් අනිවාර්යයෙන්ම එකිනෙකාගේ අධ්‍යාපන කටයුතු වලට සහය වීමේදී ඒ තමන්ට පරිබාහිර වූ අනෙක් විෂය ගැනත් ඉගෙන ගන්නවා, තමන්ටත් නොදැනීම. එලෙස ඉදිරියට යන සබඳතාවයක් තුළ මම දකින්නේ අපට උගන්වද්දී ඔබතුමන් කියා දුන් ෂැ ඔලින් සංකේතය. එවන් එකම එක උදාහරණයක් මම හොඳින්ම දන්නවා. තවත් තිබෙන්නට පුළුවන්. නමුත් මම දන්නේ මෙය පමණයි.

    • I call this Love at an intellectual level😉. But I think that falling in love with once own kind is a disaster. Many isolated ancient tribes and species perished because they have failed to expand their gene pool. I believe that skills are a kind of genes (in away something really encoded in to genes) that we pass down to our offsprings.

      If we assume that falling in love is all about a mechanism that facilitates reproduction then those who marry their own kind will have genes of the same type. When this keeps happening for generations they will never get new genes introduced into their pool of genes. Without fresh new genes they are unable to address recent changes in their environment and become vulnerable at the mercy of natural selection.

  3. kumudupinto says:

    සහතික ඇත්ත. ඒත් ඒ කාලයේ එකිනෙකාට ඔවුනොවුන්ගේ අධ්‍යාපනයට සහය දෙනවා වෙනුවට මනෝ ලෝකයේ සැරිසරමින් කාලය නාස්ති කරන්නට පුරුදු වුණොත් ?

  4. sanduni says:

    but love is depend on the fate and destiny…people meet their partners at the right, right place…but that right time does’nt consider whether particular person still doing studies or schooling

    • kumudupinto says:

      Do not assume that you are facing a static pre-written destiny. It is not. Each moment you are facing, will have two paths in front of you. Depending on which path you select and how you progress will define the results. How you progress along a selected path will depend on your attitudes, experience and many more other factors. Therefore your destiny is somehing that you will have to create.

  5. I have done both and won both!

    • මුදිතා says:

      Me too!

      • kumudupinto says:

        May be people with multi-tasking capacities can do both without harming any of them. Or else even though both of you think that you did love and education both, you may have done only education and just had chats with your partner during that time.

  6. මං හිතන්නේ සර්,
    හැම දේම පදනම් වෙන්නේ අපගේ සිතේ ඇති අධිෂ්ඨාන ශක්තිය මතයි “සිත ඇත්නම් පත කුඩාද ” මෙයට කදිමට ගැලපේ,
    එබැවින් ආදරය ඉදිරියේ අධ්‍යපනය පරාජය වීම
    හෝ
    ජය ගැනීම
    එකිනෙකාගේ සිතහි ඇති ශක්ති ප්‍රමණයන් මත පදනම් වන කරුණක් බවයි………………

  7. sokka says:

    ලිපට ගින්දර දැම්මම බත් මුට්ටිය ඉදෙනවා වගේ
    යම් කෙනෙකුට හදවත හරහා මොළයට කතා කරන්න පුලුවන් නම් ඔබ කියන ඔය කතාව වෙනස් වෙනවා නේද ?
    එහෙම උන අවස්ථා තියෙනවා

    • kumudupinto says:

      ඔව්. ඉතාමත්ම කලාතුරෙකින්. උදාහරණයක් හැටියට අපේ ආයතනයේ බාහිර උපාධිය කල පෙම්වතුන් යුවළක් හිටියා. එක් වසරකදී පෙම්වතා සමත් වූ මුත් පෙම්වතිය සමත් වූයේ නැහැ. පෙම්වතා තීරණය කළා, ඔහුත් ඇය සමඟ ම ඊළඟ වසරට යන්න. ඒ දෙදෙනා අවසානයේ ඉතා සාර්ථක ව උපාධිය නිම කළා. කණගාටුවට මෙවන් උදාහරණ ඉතා විරලයි. එහෙත් ප්‍රේමය නිසා අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්නා උදාහරණ ඕනෑ තරම් දැක්විය හැකියි. මෙම ලිපියට ප්‍රතිචාර දක්වා ඇති වත්සල හා මුදිතා ද මේ ගැන ධනාත්මක අදහස් දක්වා ඇති නමුත්, මා පෞද්ගලිකව සලකන්නේ මාරක ළිඳේ සයිකල් ධාවනය හැමෝටම කළ නොහැකි බවයි.

      කෙසේ හෝ හදවත ලිප හැටියටත් මොළයට කතා කිරීම ගින්දර දැමීම හැටියටත් ඔළුව මුට්ටිය හැටියටත් බත් ටික ඔළු ගෙඩියේ ඇති දැනුම හැටියටත් ඔබ ගෙන ඇති උදාහරණය අපූරුයි.

  8. Buddika says:

    one day you will be a nerd just because of knowledge,i’m telling from my experinces,what is the point of life without enjoying it,is life about just grabbing knowledge?the tv series ‘the big bang theory’ shows this😉 worth watching

  9. අමිල says:

    සංවාදය ගොඩනැගුවාට වත්සල, මුදිතා හා අනෙක් හැ​මෝට ස්තුතියි..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s