BASIC වලින් ඉදිරියට

මම ගත්ත Apple compatible කම්පියුටරයට අළුතින් කාඩ්ස් දෙකක් ගහන්න වුණා ඒ කාලෙ හැටියට අළුත් Software එක්ක වැඩ කරන්න. පළමුවැන්න තමයි 80-Column Card එක. ඒකෙන් කළේ එච්චර කල් තිබූ තීරු 40, 80ක් බවට හැරවීම. දෙවැන්න තමයි CP/M Card එක. ඒකෙන් CP/M කියන Operating System එක ඇතුළු කළ අතර ඒ නිසා CP/M උඩ වැඩ කළ සමහර මෘදුකාංග භාවිතා කිරීමේ හැකියාව ලැබුණා.

මේ කාලෙම තමයි Visicalc කියන පළමු පැතුරුම්පත ලෝකයට බිහි වුණේ. ඒකෙ තිබූ පහසුකම් ඒ කාලෙ හැටියට ඇඟ ලොමු ඩැහැ ගන්වන සුළුයි. BASIC නම් භාෂාවෙන් Home Computers වල වැඩ කර කර හිටි අයට මේ සොයා ගැනීම ව්‍යාපාරික වැඩ කටයුතු සඳහා Home Computers යොදා ගැනීමට මහත් පිටිවහලක් වුණා.

ඊළඟට Multiplan කියන පැතුරුම්පත ලෝකයට බිහි වුණා. ඒකෙන් පළමුවරට ගොනු දෙකක් eXternal යන නියෝගය මඟින් එකට සම්බන්ධ කිරීමේ හැකියාව ලැබුණා.

ඒ එක්කම WordStar කියන පළමු Word Processing package එක ලෝකයට බිහි වුණා. මේ කාලෙමයි අපි 80-Column හා CP/M කාඩ්ස් නිසා Cobol කියන පරිගණක භාෂාව Home Computers වල ඉගැන්වීම ආරම්භ කළේ.

ඕන්න මේ ලිපියෙන් මම, මම ම නිර්මාණය කළ සිංහල Wikipedia ලිපි කිහිපයකුත් එකතු කළා. මුල් කාලෙ සිංහල Wikipedia වල ලිපි අළුතින් නිර්මාණය කරද්දි Log වෙලා නොහිටි නිසා සමහර ලිපිවල නිර්මාපකයා හැටියට සඳහන් වෙන්නෙ එවෙලේ පාවිච්චි කළ කම්පියුටරයෙ IP Address එකයි. ඒකට මොකෝ නේද ?

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල and tagged , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s