සයිමන් නවගත්තේගමගේ “සුභ සහ යස”

සයිමන් නවගත්තේගම කියන ඒ සොඳුරු මිනිසා නිර්මාණය කළ “සුභ සහ යහ” කියන නාට්‍යයෙ දෙබස් තාම හොඳට මතකයි. අපව නාට්‍යයට ඇද ගත්ත එක් ප්‍රධාන හේතුවක් ඒකෙ දෙබස්. කතාවෙ හැටියට යස කියන්නෙ ඒකාධිපති පාලකයෙක්. දවසක් රටේ ඇවිදින්න යද්දි තමා වගේම කෙනෙකු වන සුභ ව දකිනවා. පහත දෙබස ඔවුන් දෙදෙනා අතරේ සිදු වූවක්.

යස : ඈ බොල. තෝ ත් හරියට මං වගේම නෙ. අපේ පිය රජතුමා වීදි සංචාරය කරන ගමන් තොගෙ ගමටත් යන්න ඇති.

සුභ : එහෙමද, එහෙමත් නැත්නම් ඔබ වහන්සේගෙ තාත්ත වීදි සංචාරය කරන අතරෙ අපේ තාත්ත රජ මාලිගාවෙ වැඩට ගියාද දන්නෙ නෑ.

කතාවෙ හැටියට රජ්ජුරුවො හරිම බේබද්දා. හැමදාම කටේ තියෙන්නෙ “සේවිකාව, මට මිදි යුෂ කුසලානක් ගෙනෙව” කියන එකයි. මේ බේබදු රජ්ජුරුවන්ට විරුද්ධව මහා කැරැල්ලක් ආරම්භ කළ සුභ බොහෝම අමාරුවෙන් රාජ්‍ය බලය අල්ලා ගන්නවා.

සුභ රජ්ජුරුවන්ගෙ ගෙ මුල්ම නියෝගය වෙන්නෙ “සේවිකාව, මට මිදි යුෂ කුසලානක් ගෙනෙව” කියන එකයි.

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

2 Responses to සයිමන් නවගත්තේගමගේ “සුභ සහ යස”

  1. Adhikari says:

    අදටත් ඒෙක ෙලාකු ෙවනසක් නෑ ලංකාෙවනම්…………. හිහීහීහීහී…….

  2. Hasitha says:

    සුභ හා යස දෙන්නා තමන්ගේ තාත්තලා ගැන කියන කතාව නම් මරු. මාත් මේ වේදිකා නාට්‍ය බැලුවේ 8 වසරේ ඉද්දී. ඒ කියන්නේ 2002 අවුරුද්දේදී. දැන් නම් කතාව එච්චර මතක නැහැ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s