ශිව දෙවියන්ගෙ වැඩේ වැරදි ටික අතු ගාලා දානා එකය කියලයි මං අහල තියෙන්නෙ. හැබැයි ඉතින් හෙනහුරා කරන්නෙත් ඒකලු නෙ. ඒ අතින් නම් ශිව දෙවියනුත් සෙනසුරුත් එකම පොදු මතයක ඉන්නා බව යි පේන්නෙ. ඒ එක්කම මේ දෙන්නාටම පොදු තවත් දෙයක් තියෙන්නවා. ඒ තමයි දුකට වගේම පරිසරයටත් අධිපති වීම.
අපි දැන් බලමු මේ ශිව දෙවියන් මිත්ර කර ගන්නෙ කොහොමද කියල. ශිව දෙවියන් අධිපතිත්වය දරණ මේ කාරණා 3න් තමා කැමති එකක් තෝරා ගන්න. ඊට පස්සෙ සීමාවක් වෙලාවක් කලාවක් නැතුව ඒක කරගෙන කරගෙන යන්න. (තෝරා ගත්තෙ දුක් විඳීම නම් සීමාවක් නැතුව දුක් විඳගෙන විඳගෙන යන්න වෙනවා.)
මුලින් මුලින් ටිකක් බය හිතෙයි. ඊට පස්සෙ තමා කරන දේට ටිකාක් ගෞරවයක් එහෙම ඇති වෙයි. ඔහොම කරගෙන කරගෙන යනකොට තමා ඒ කාරණයට සේවය කරනවා වත් දැයි හිතෙන කාලයකුත් එයි.
මේ යුග 3ම පහු වන තෙක් උහුලාගෙන තමා කරන කාරණය කරගෙන කරගෙන යනකොට ශිව දෙවියන් ත්මාගේ හොඳ යාළුවකු තරමට යාළු වෙයි. ශිව දෙවියන් හට “මචං” යනුවෙන් ආමන්ත්රණය කිරීමට පවා ඔහුත් සමඟ මිත්රත්වයක් ගොඩ නැඟෙයි. ආන්න එතකොට තේරෙයි සෙනසුරා ඉන්නෙත් තමන්ගෙ සාක්කුවේ කියල.
සෙනසුරා එදා වගේම අදත් අපේ සාක්කුවේ තමා 🙂
එක්කෝ එළවමු ඒ ශෙනහුරාව. නැත්නම් වහාම ජය ගත යුතුයි ඔහු ව.