ද්වන්ද්වාත්මක භාවයට උදාහරණයක්

අමතක කරන්න එපා, බෞද්ධ සාහිත්‍යයේදී බුදුරජාණන් වහන්සේට බුදු පියාණන් වහන්සේ නමිනු ත් අමා මෑණියන් වහන්සේ නමිනු ත්නමිනු ත් ආමන්ත්‍රණය කර ඇති බව. ඒ වගේම පොත්පත්වල තියෙනවා එක් දිනෙක බුදුන් වහන්සේ ගාම්භීර ස්වරයෙන් ධර්මය දේශණා කරන අතර ඊළඟ දිනයේ මධුර ස්වරයෙන් ධර්මය දේශණා කරන බව. ගාම්භීර නම් වචනය ගැඹුරු ලෙසත් මධුර යන වචනය මියුරු ලෙස ත් දැක්විය හැකියි. පළමු වචනය පුරුෂ ලිංගාර්ථ විශේෂණ පදයක් වන අතර දෙවන වචනය ස්ත්‍රී ලිංගාර්ථ විශේෂණ පදයක් වෙනවා.

එසේම බොහෝ සූත්‍රවලදී, විශේෂයෙන් ගෝසිංග සාල වනයෙහි දී දේශණා කළ එක් සූත්‍රයකදී බුදුන් වහන්සේ කෙතරම් සාහිත්‍යකාමී දැයි මොනවට පැහැදිලි වන අතර ආලවක දමනයේදී අවසන උන්වහන්සේ කෙතරම් ඍජු දැඩි බවකින් ඒ යකු දමනය කෙළේ දැයි පැහැදිලි වේ. මෙයින් උන්වහන්සේ මුදු බව මෙන්ම දැඩි බවෙන් ද වෙන කිසියම් ම කෙනෙකුට දෙවෙනි නොවන බව හොඳින් පැහැදිලි විය යුතුය.

This entry was posted in 11. Duality, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s