පිස්සා

රෝහණ බැද්දගේ කලාකරුවාණන් විසින් රචිත “ලොකු අයට පුංචි කතන්දර” යන පොතේ (මට එහෙමයි නම මතක ) බොහෝම ලස්සණ ලොකු ලොකු තේරුම් තියෙන කතා ගොඩක් තිබුණා. ඒ පොතේ තිබුණු කතාවකුයි පහත දැක්වෙන්නෙ.

එක දවසක් ලොකු උපාසක නෝනා දුවගෙන දුවගෙන පන්සල පැත්තට ආවා. “හරි වැඩේනෙ හාමුදුරුවනේ, ” ඇය පන්සලේ ලොකු හාමුදුරුවන් ඇමතුවාය. “අර පිස්සා හරි පුදුම කතාවක් කිය කිය ගම වටේම යනවනෙ.”

“ඒ මොකක්ද උපාසක නෝනා” හාමුදුරුවෝ විමසූ සේක.

” ඒ පිස්සා කියනවා. ලොකු හාමුදුරුවො මැරෙනවලු. පන්සලේ අනෙක් හාමුදුරුවරුත් මැරෙනවලු. ලොකු උපාසක මහත්තයා මැරෙනවලු. මේ මං මැරෙනවලු. ගමේ අනෙක් ඔක්කොමත් මැරෙනවලු. එයත් මැරෙනවලු.”

“එයාට පිස්සු නෙ උපාසක නෝනා. ඕවා ගණන් ගන්න එපා”. හාමුදුරුවෝ පිළිතුරු දුන්හ.

ලොකු උපාසක නෝනාට යාන්තම් සැනසුම් සුසුමක් හෙළිණ.

මෙ මට මතක තිබූ හැටියට ලියූ එකක්. වචන නම් හරියටම ඒවාම දැයි මතක නෑ.

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

4 Responses to පිස්සා

  1. pabalu says:

    🙂🙂🙂🙂

  2. Purasanda says:

    ඇත්ත තමයි.. ඕක ගනන් ගන්න නරකයි… හිකිස්..

  3. Isuru says:

    පිස්සට පිස්සු උනාට කියපු කතාව ඇත්ත……..

  4. ```Outsider``` says:

    පිස්සෙක් කිව්වට මිනිහ කියල තියෙන්නෙ ඇත්තනෙ. කවුරුත් මැරෙණවනෙ. පිස්සු මිනිහට නෙවෙයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s