සරවන බව කඳ සුරිඳුගෙ තෙද බල

රූපයේ පෙනෙන හැටියට නම් කතරගම දෙවියන්ට නැතිනම් ස්කන්ධට මූණු හයකුයි අත් දොළසකුයි තියෙන්වා. ඒකෙන් හැඟවෙන්නෙ හිස් හයෙන් එකවර කාරණා හයකට ඔළුව යොදවන්නත් අත් දොළසෙන් එකවර කාරණා දොළසක් බැරි නම් අඩු ගණනෙ හයක්වත් කරන්නට හැකියාවක් ඇති බවයි.

මුලින් නම් කතරගම දෙයියන්ට මහා බයක් ඇතුව ජීවත් වෙන්න ඇති. ඒකට කමක් නෑ. අපි හෝඩියෙ ළමයින්ට හිනා වෙන්නෙ නෑ නෙ. ඊළඟට කතරගම දෙයියන්ට තියෙන ගෞරවය හන්ද කතරගම ගොහින් බාරහාර වෙන එක පුද පූජා පවත්වන එකත් සමහර විට වසරක් පාසා කරන්නත් ඇති. ඒකත් කමක් නෑ නෙ. අපි දෙකේ පන්තියෙ දරුවෙක් එකතු කරන්න අඩු කරන්න ඉගෙන ගන්න කොට ඒවා දිහා බලලා ඒ අයට ඔච්චම් කරන්නෙ නෑ නෙ.

ඊළඟට සමහර විට බාර ඔප්පු කිරීම සඳහා කාවඩි නටන්න ඇති. එහෙම නැත්නම් පේ වෙලා කතරගම දෙයියන් වෙනුවෙන්, අනේකවිධ පුජාවන් කරන්න ඇති. කොටින්ම ස්කන්ධට සේවය කරන්න ඇති. ඒක හරියට පහේ ශිෂ්‍යත්වයට ළමයෙක් නා නා ප්‍රකාර දේවල් පාඩම් කරනවා වාගෙ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කවදාවත් පහේ ශිෂ්‍යත්වයට වාඩී වෙන ළමයකුගෙ උත්සාහයට හිනා වෙන්නෙ නෑ නෙ.

අපි දැන් කරන්න ඕනෙ ඕවා නොවෙයි. අපි තේරුම් ගන්න ඕනෙ ඒ වාගෙ පුදුම ජවයකින් හරියට මිනිස්සු හය දෙනෙකුගෙ ඔළුයි අතුයි එකතු වුණා වාගෙ වැඩ කරන එක මරේ මරු කියන එක. ඒ ශක්ති මට්ටමට යන්න ඒ ශක්ති මට්ටම එක්ක යාළු මිත්‍රකමින් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනෙ. හැබැයි තමන්ට පහළ මානසික තත්ත්වයෙන් ඉන්න අයට හිනා නොවී, අපහාස නොකර.

හෝඩියේ ඉන්න ළමයෙකුට හිනා වුණා අපහාස ක්ළා කියල කවදාවත් ඒ ළමය ඊළඟ පන්තියට උසස් වෙන්නෙ නෑ. අඩු ගණනෙ අවුරුද්දක්වත් ඒ පන්තියෙ ඉඳගෙන ඒ පන්තියට අදාල වැඩ කොටස කරන්න ඕනෙ විභාගයට පෙනී සිටින්නත් ඕනෙ. එතකොට ඊළඟ පන්තියට පාස් වෙන්න පුළුවනි. ඒ වගේමයි කතරගම දෙයියන්ට බයේ ජීවත් වෙන කෙනෙක්. අපි එයාට හිනා වුණාට අපහාස කළාට එයාට තමන්ගෙ මානසික තත්ත්වය ඊළඟ මට්ටමට උස්සා ගන්න බෑ. පළවෙනි කාරණේ යම් කාලයක් ඒ ශක්ති මට්ටමේ ඉන්න ඕනෙ. දෙවෙනි කාරණේ ඊළඟ ශක්ති මට්ටමට යෑමට අවශ්‍ය දේ කරන්න ඕනෙ. තුන්වෙනි කාරණේ අදාල විභාගයට පෙනී හිටින්නත් ඕනෙ. පාස් වුණොත් ඊළඟ මට්ටමට යන්න පුළුවන්.

අපි ක්‍රම ක්‍රමයෙන් ඉහළටම යමු. කතරගම දෙයියන් හා මිත්‍ර වීමෙන් අපගේ ක්‍රියාවලිය නොනවත්වමු. කතරගම දෙයියන් වීම දක්වා අප ඉදිරියටම යමු.

This entry was posted in 12. දෙවියනි ඔබ කොහිද ?, සිංහල. Bookmark the permalink.

3 Responses to සරවන බව කඳ සුරිඳුගෙ තෙද බල

  1. Dev says:

    ඔයාගෙ මේ පෝස්ට් එකෙන් දෙවියන්ව යම්කිසි ප්‍රමාණයකට හෑල්ලුවට ලක්වෙලා කියල හිතෙන්නෙ නැද්ද?

    කොහොම උනත් දෙවියන්ව ඔය විදියට යොදා ගන්නෙ නැතිව මිනිසුන්ව දිරිමත් කරන්න වෙනත් ක්‍රම ඕනතරම් තියෙනව.
    මම ඔයාව විවේචනයට ලක්කරනව නෙමෙයි. නමුත් දේව භක්තිකයෙක් හැටියට මට ඔය පෝස්ට් එක හරියන්නෙ නෑ.

    • kumudupinto says:

      කතාවක් තියෙනවා දැන් කතරගම ඉන්නෙ කතරගම දෙවියන් නොවේය , කඩවර දෙවියන් ය, කතරගම දෙවියන් පොළොවට බැස බවුන් වඩනවාය බුද්ධත්වය පතා කියල. ඒ වගේම අප අදහන බුදුන් වහන්සේ සියල්ලන්ටම ඉහළින් ශේෂ්ඨ පුද්ගලයෙක් ලෙස යි ඉන්නෙ. ඉතින් ඕනෑම කෙනෙකුට පෙරුම් පුරන්න පුළුවන් නම් බුද්ධත්වය පතාගෙන, යම්කිසි නිශ්චිත දේවත්වයක් ලැබීමට සැලසුම් කිරීම නොකළ හැකි දෙයක් යැයි මා සිතන්නේ නෑ. අනෙක් අතට මම පිළි ගන්නේ දේවත්වය යනු අපට ළඟා විය හැකි යම්කිසි ශක්ති මට්ටමක් ය කියා. එක් එක් දෙවිවරුන්ගේ නාමයෙන් හඳුන්වන්නේ එක් එක් ශක්ති මට්ටම්. ඒ හන්ද ඒ යම් යම් ශක්ති මට්ටමකට ළඟා වීමට උත්සාහ දැරීමේ වරදක් මට නම් පෙනෙන්නේ නෑ.

      එසේම මේ ලිපි පෙළින් මම දෙවියන්ට හෝ දේව භක්තිකයන්ට කිසිදු අගෞරවයක් කිරීමට බලාපොරොත්තු වූයේ වත් කළේ වත් නොමැති බවයි මා හිතන්නෙ. මගේ එකම අරමුණ ඒ දේව තත්ත්වයට ළඟා විය හැකි බව කීමයි.

    • Wathsala Vithanage says:

      You may find gods in your palm as well, just search for it (Vishnu, Ganesh, Lakshmi, Shiwa etc…).

      If they can get into your palm why can’t you get them into your head, toe, eye, heart, brain, every cell and your entire being? Ultimately you will become him.
      😀

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s