අසූ ගණන්වල සංවර්ධන බැංකු

මම නුවර වැව රවුමේ සරණංකර පාරේ මගේ පරිගණක අධ්‍යාපන ආයතනය වන Digitronics හි සේවක මඬුල්ල හා එක් වී අපූරු දෙයක් අත්හදා බැලුවා. ඒ තමයි සිංහල භාෂාවෙන් නොයෙකුත් විෂයයන් හැදෑරීම සඳහා පරිගණක වැඩ සටහන් නිර්මාණය කිරීම. මෙයට පෙර ලිපියකදී සඳහන් කළ පරිදි සාමාන්‍ය පෙළ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හා ගණිතය කියන විෂයයන් සඳහා අපි පරිගණක වැඩ සටහන් ගණනාවක් හැදුව. ඒ වැඩ සටහන් වලදී යම්කිසි ප්‍රශ්ණයකට වැරදි පිළිතුරක් ටයිප් කළහොත් “අමු කැවිල ද ?” හෝ “දෙයියන්නෙ හාල් කැවිල ද ?” වැනි වැකි තිරයේ වැටෙන්නත් සැලැස්සුවා.

ඊළඟට ඕනෑ වුණේ මේ උත්සාහය ව්‍යාපාරයකට හරවන්නයි. එකල ප්‍රසිද්ධ සංවර්ධන බැංකුවකට අප මේවා රැගෙන ගිආ. එහිදී අපගේ ව්‍යාපෘතිය භාර නිලධාරියාට අවශ්‍ය වූයේ මෙම ව්‍යාපෘතිය කෙරෙන එකක් බවට පත් කිරීම නොවේ. එම වැඩ සටහන්වල භාවිතා කර ඇථි නොයෙක් සිංහල වචනවල වැරදි නිවැරදි බව සෙවීමටයි.

උදාහරණයක් ලෙස එහි මම කුලක ඉගැන්වීම සඳහා ගත් එක් උදාහරණයක “පුරුතුගීසිකාරයෝ” යන්න සඳහන් කර තිබුණා. එහි නිරවද්‍යභාවය ගැන විමසූ විට මා කියා සිටියේ එනමින් ඇති ගීතය නිසා කනට වඩා හුරු එම වචනය බැවින් එසේ යෙදූ බවයි. නමුත් එබඳු අහුමුළු අල්ලාගෙන ප්‍රශ්ණ දික් ගැස්සීමට මිස එය කෙරෙන ව්‍යාපෘතියකට හැරවීමට ඒ නිලධාරින්ට අවශ්‍ය උණේ නෑ. සමහරවිට මට ඔවුන් ඒත්තු ගැන්වීමට හැකියාවක් නොතිබෙන්න ඇති. අවසානයේ මා ඒ වෑයම අත් හැරියා.

ඊට වසර විසි පහකට පමණ පසු අද මා සේවය කරන ආයතනය එම ක්‍රියාවලිය නැවත ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයෙහි ඉතිහාසය, භූගෝලය, විද්‍යාව හා ඉංග්‍රීසි යන විෂයයන් සඳහා පරිගණක වැඩ සටහන් නිර්මාණය කිරීමට අප ආයතනය ද තේරී පත් වූ අතර ඒ අභ්‍යාසය අප ඉතාමත්ම සාර්ථකව කරගෙන යමින් සිටිනවා.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

2 Responses to අසූ ගණන්වල සංවර්ධන බැංකු

  1. indika kumara says:

    ඔබේ ව්‍යාපෘතිය හොඳයි ඒත් ඔයා ඒ සඳහා තෝරාගත් රට හරිද කියල පොඩ්ඩක් හිතල බලන්න..රේ විජේවර්ධන මහත්මය ලෝකෙ ප්‍රථම වතාවට ලOකාවට අත් ට්‍රැක්ටරය හදුන්වාදෙන්න හැදුවහම ඒ කාලෙ ආණ්ඩුව කියල තියෙන්නෙ ලOකාවෙ ඇතිපදO මී හරක් ඉන්නව ඔව්ව ඕනි නෑ කියල…ඊට පස්සෙ ඒ මහත්තය ඒ තාක්ෂණය ජපානෙ කුබෝටා සමාගමට විකුනල…හැබැයි අදත් හොඳම අත් ට්‍රැක්ටරය විදිහට කුබෝටා එක තෝරගන්න ලOකාවෙ ගොඩක් අය දන්නෙ නැතිව ඇති ඒක ලOකාවෙ මිනිහෙකුගෙ නිර්මාණයක් බව…..

  2. kumudupinto says:

    අසූ ගණන්වල ඒ අදහස වැඩ නොකළාට අද හුඟාක් ආයතන ඒ අදහස ක්‍රියාවට නඟමින් ඉන්නවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s