නන්නාඳුනනා ඔබගේ . . අත් අකුරින් ලියනු මැනව

මහගමසේකර ශූරීන් රචනා කළ, අමරදේව ශූරීන් ගායනා කරන “මා මළ සොහොන් කොතේ” ගීතයේ “නන්නාඳුනනා ඔබගේ . .අත් අකුරින් ලියනු මැනව ” යන කොටස Blogs වල ලියන අයට කෙතරම් සමීප ද ? අපි ජීවිතේට මුණ නොගැසුණු නොහඳුනන කෙනෙක්ගෙ Blog එකක් බලල ඒකට Comment එකක් දානවා. අපි දන්නෙ නෑ ඒ අය ගැහැණු ද පිරිමි ද වයස කීයද කොහේද වැඩ කරන්නේ කියල. අඩු වශයෙන් නමවත් දන්නෙ නෑ. ඒත් ඒ ලිපිය එක්කෝ අගය කරල එහෙම නැත්නම් බැනල අපි ඒකට ප්‍රතිචාර දක්වනව. ඒත් හොඳ කියල තිබුණත්, බැනල තිබුණත් ලිපි ලියන අය බලාපොරොත්තු වෙනව කවුරු හෝ කෙනෙක් තමාගෙ අදහසට ප්‍රතිචාර දක්වයි කියල.

මමත් ආදරයෙන් බලාපොරොත්තු වෙනව ඒක ම.

“නන්නාඳුනනා ඔබගේ . . අත් අකුරින් ලියනු මැනව.”

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

7 Responses to නන්නාඳුනනා ඔබගේ . . අත් අකුරින් ලියනු මැනව

  1. ashan says:

    කාගෙවත් කොමෙන්ට් බලාගෙන ලියල වැඩක් තියෙනවද ? තමන් හරිදේ කරනවා නම් ඒක තමයි වැදගත්. කොහොමත් බ්ලොග් ලියන්නෙක්ට කොමෙන්ට් වැටෙන්න ටික කාලයක් යනවා.

    • RanDil says:

      එච්චර හිතන්න එපා. කාලයත් එක්කම නන්නාඳුනනා අය ගොඩක් ඒවි ආ බව සටහන් කරලා යන්න. හැමෝම කැමතියි තමන්ගේ බ්ලොග් රචනා තව අය කියවපු බව දැන ගන්න. ඒ බව තේරුම් ගන්න අය සටහන් කරයි. තව තව ලියන්න අපට කියවන්න.

  2. මාරයාගේ හෝරාව says:

    මුලින් ලියන්න දෙවනුව අපි අපේ කොටස කරන්නම්…

  3. indika kumara says:

    ඔයාල අපිට අපහාස කරන්නෙ නැතිව ලියන්න මොනාහරි…එතකොට පුලුවන් කොමෙන්ට් දමන්න…….

  4. kumudupinto says:

    සමාවන්න. අපහාස කළා නොවෙයි. නන්නාඳුනන අයගෙන් Comments ලැබීම මට නම් අළුත් දෙයක්. ඒ සතුට හා නවමු අත්දැකීම ප්‍රකාශ කළා පමණයි.

  5. තවත් දෙයක්, බ්ලොග් අඩවි වලට ප්‍රතිචාර සෑහෙන්න වැදගත්. හැබැයි ලිවිල්ලට ප්‍රතිචාර ගලපාගන්න එපා. ඒ කියන්නෙ ප්‍රතිචාර ගැන හිතල බ්ලොග් ලියන්න එපා. ලිවිල්ල ලියවිල්ලෙ ලියන්න!🙂 එතකොට ප්‍රතිචාර නිකන්ම ගලාගෙන ඒවි.

    ජය!🙂

  6. anonymous ප්‍රතිචාර සඳහා මම නම් හැමතැනදිම කියන්නෙ කොච්චර හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එළියෙ කියල. ඒ නිසා ‍මම නම් කියන්නෙ ඔය නාදුනන අය ගැන තැකීමක් කරන්න එපා කියල. මන්ද අන්තර්ජාලය තුල නාදුනන අය කොතරම් කමෙන්‍ට් දැම්මත් ඒ අයට තියෙන පිලිගැනීම නම සඳහන් කර කමෙන්ට් දමන්නාට තිබෙන පිළිගැනීමට වඩා අඩු නිසා. සහ ඒ අය ගොන් තර්ක පමණක් කරන නිසා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s