පුරුෂ ලිංගික පරිගණක භාෂා සහ ස්ත්‍රී ලිංගික පරිගණක පැකේජ

අප මොහොතකට පරිගණක භාෂා (Computer Languages) සහ පරිගණක පැකේජ Computer Packages) වල ගති ස්වභාවය ගැන සලකා බලමු. පරිගණක වැඩ සටහන් සම්පාදකවරුන් (Programmers) බොහෝ ගණනක් පුරුෂ පක්ෂයට අයත් වන අතර ස්ත්‍රී පක්ෂයේ බොහෝ දෙනෙක් එම ක්ෂේත්‍රයේ ටික කාලයක් රැඳී සිට වෙනත් රැකියාවන් සොයා ගනිති.

අනෙක් අතට බොහෝ පරිගණක පැකේජ ස්ත්‍රී පක්ෂය කැමති ඒවා වෙයි. බොහෝ අධ්‍යාපන ආයතනවල වචන සැකසීම (Word Processing) ඉගැන්වීමට යොදා ගන්නේ බොහෝ විට ස්ත්‍රී පක්ෂේ කෙනෙකි.

පරිගණක භාෂාවල අවශ්‍යතාවය සඳහා තමා වැඩ සටහන නිර්මාණය කළ යුතු අතර එය බොහෝ විට් විශ්ලේෂණාත්මක ක්‍රියාවක් වෙයි. එහෙත්, නිර්මාණය වී ඇති පරිගණක පැකේජයක් භාවිතා කිරීම බොහෝ විට නිර්මාණශීලී කාර්යයක් වෙයි.

මෙහි සුන්දරම දේ වන්නේ දැන් දැන් එන පරිගණක පැකේජවලට සම්බන්ධ පරිගණක භාෂාවක් (Scripting Language) ඇති අතර එම පැකේජය සාර්ථකව භාවිතා කිරීමට ඒ දැනුම ද අවශ්‍ය වීමයි. උදාහරණ වශයෙන් Flash හා Flash Script ද Photoshop හා Photoshop Script ද Office Suites හා Office Macros ද දැක්විය හැකිය.

එසේම ඕනෑම ව්‍යාපාරික අවශ්‍යතාවයක් වෙනුවෙන් නිර්මාණය කෙරෙන පරිගණක වැඩ සටහනක පරිගණක භාෂාවක් මෙන් ම පරිගණක පැකේජයක් වන යම්කිසි දත්ත ගොනුවක් (database) ද යොදා ගැනේ.

මෙයින් පෙනී යන්නේ පරිගණක මෘදුකාංග සම්බන්ධ කටයුතුවලදී ස්ත්‍රී පුරුෂ සංයෝගය වැදගත් වීම පමණක් නොවේ. සාර්ථක මෘදුකාංගයක මෙම ආකාර දෙකම, එනම් ස්ත්‍රී හා පෘෂ ආකාර දෙකම අඩංගු වීමයි !

This entry was posted in 11. Duality, සිංහල and tagged . Bookmark the permalink.

4 Responses to පුරුෂ ලිංගික පරිගණක භාෂා සහ ස්ත්‍රී ලිංගික පරිගණක පැකේජ

  1. indika kumara says:

    ෆඬිවරු කියල තියෙන්නෙ ගෑනු ජාතිය ජරා ජාතිය ගලේ ගහලා මරා දාපිය…ඕක මම නෙමෙ පැරැන්නො කියපු දෙයක්….

    • Wathsala Vithanage says:

      That pandiya must be so gay or homophilic to the extent that he doesn’t even mind destroying the entire human kind to satisfy his eternal lust for men.

  2. kumudupinto says:

    ගැටළුව තියෙන්නෙ එහෙම කියන හැමෝටමත් ජීවිත කාලයෙන් බාගයක් ඒ ජරා ජාතියෙ සාමාජිකයෙක් (කාවක්) වෙලා ඉන්න සිදුවීමයි.

  3. viduruvan says:

    පරිගණක මෘදුකාංග නිර්මාණයෙදි සලකාබලන ප්‍රධානතම දෙයක් වන්නේ භාවිතා කරන පරිශිලකයෝ ගැන.ඕකට පරිගණක මෘදුකාංග නිර්මණයේදි පමණක් නෙමේ අන් හැම දෙයටමත් අදාලයි.උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙනු බාර් එකේ අයිටම් 5 – 9 (සාමන‍යෙන් 7 ක් ) තියෙන්නේ ඇයි කියලා හිතුවද ? එතකොට ස්ටාර්ට් බටන් මොකද එතනම තියෙන්නේ කියලා හිතුවද ඔන්න ඔය හේතුව හුගක් වෙලාවට බලපානවා හුගක් අය මයික්‍රෝසොෆ්ට් වලින් ලිනක්ස් වලය යද්දී.අපි නොදැනම අපි මයික්‍රෝසොෆ්ට් වලට ඇබ්බැහිවෙලා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s