මාව කෑ අහවල් විද්‍යාලය

මේ ළඟකදි රූපවාහිනී වැඩ සටහනකට පැමිණි දැරිවියන් පිරිසක් ඔවුන් පැමිණියේ ගා අහවල් බාලිකා විද්‍යාලයෙන් යැයි පැවසූහ. මේ සටහන එසේ පාසලේ නම කියන පුරුද්ද වෙනුවෙනි.

අපි හිතමු මාවනැල්ල නගරයේ ඒ. බී. පෙරේරා ජාතික පාසැල යනුවෙන් පාසැලක් ඇතැයි කියා. මාවනැල්ල අයිති වන්නේ කෑගල්ල ද්‍රිස්තික්කයට බැවින් එය කිය යුත්තේ කෑ මාව ඒ. බී. පෙරේරා ජාතික පාසැල යනුවෙනි. වැරදිලාවත් කෑගල්ල නගරය වී මාවනැල්ල ද්‍රිස්තික්කය වූවා නම් එය මාව කෑ ඒ. බී. පෙරේරා ජාතික පාසැල විය යුතුය.

ද්‍රිස්තික්කයේ නම හා නගරයේ නම කිය යුතුම නම් සම්පූර්ණ නම ම කියන්න බැරි කටට හෙණ ගැහිලා වත් ද ?

මේ විස්තරය කවුරුන් හෝ රූපවාහිනියේදී හෝ ගුවන් විදුලියෙන් කී බවක් සිතේ තැන්පත් ව අද එළියට ආ බවයි.

This entry was posted in 04. හැඟීම්, සිංහල and tagged . Bookmark the permalink.

8 Responses to මාව කෑ අහවල් විද්‍යාලය

  1. Bandaraya says:

    ගණන් ගන්න එපා මල්ලි… ඕනෑම ළමයෙකුගේ පාසැල් කාලයෙන් වැඩි කොටස කන්නේ විද්‍යාල නිසා.. ඕක ප්‍රශ්ණයක් නොවේ….

  2. indika kumara says:

    අහ …..වල් විද්‍යාලය චිකේ කොච්චර උනත් වල් විද්‍යාලය කියන එක කැතයි නේද?

  3. මාතර දිස්ත්‍රික්කේනං සේරම ඉස්කෝල මාරයි!

    මාර/ අහවල් විද්‍යාලය!
    😛

  4. ගිරාපෝතක අධ්‍යාපන රටාවේ ප්‍රතිපල…

  5. ඒකට ඉතින් විද්‍යාත්මකව ඕක ඉන්ග්‍රීසියෙන් කියන්න! එතකොට කන්න දෙයක් නෑනෙ!( ඒ වුනාට අපි සිංහලට මුල් තැන දෙන්න ඕනි )

  6. ශාකුන්තල | Shaakunthala : “ගිරාපෝතක අධ්‍යාපන රටාවේ ප්‍රතිපල…” ; සම්පුර්ණ ඇත්ත , අධ්‍යාපනය දැන් වල් වැදිලා , කාට කියන්නද ????

  7. Hasitha says:

    ඒකත් නියම කතාවක්.

    මට පොඩි ගැටළුවක් තියෙනවා. නිවැරදි වචනය “පාසල” ද එහෙම නැත්නම් “පාසැල” ද ?

  8. kumudupinto says:

    මම හිතන්නෙ පාසල. ඒත් ලියාගෙන යන්නෙ කතා කරන භාෂාවෙන් හන්ද ලියවෙන්නෙ එහෙමයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s