මා සිතන අන්දමට ලංකාවේ පළමු පරිගණක ප්‍රදර්ශණය

1985 දී පමණ මහනුවර Digitronics ආයතනයේ පාඨමාලාව නිම අළ සිසු සිසුවියන්ට සහතිකපත් බෙදා දීම මුල් කරගෙන අපි නුවර බෞද්ධ මන්දිරයේදී පරිගණක ප්‍රදර්ශණයක් පැවැත්වූවා. පරිගණකවලට සම්බන්ධ පොත්පත්, කාටූන්, කියමන්, අනාවැකි, හා තාක්ෂණික දැනුම ගැන පෝස්ටර් මෙන්ම නොයෙක් විෂයයන් සඳහා නිර්මාණය කරන ලද පරිගණක වැඩ සටහන් ද මෙහිදී ප්‍රදර්ශණය කෙරුණා.

මෙහි ආරාධිත අමුත්තන් වශයෙන් මොරටුව සරසවියේ ජී. ටී. එෆ්. ද සිල්වා ආචාර්යවරයාණන් හට ද ආචාර්ය ලූකස් ආචාර්යවරයාණන් හට, ඒ කියන්නේ මගේ Mathematics හා Theory of Electricity යන විෂයයන්වල ගුරුවරුන්හට ද ආරාධනය කළ මුත් හදිසි කටයුත්තක් නිසා ජී. ටී. එෆ්. ද සිල්වා මහතාට පැමිණිය හැකි වුණේ නෑ.

ආචාර්ය ලූකස් මහතාට අමතරව එඩ්වින් ආරියදාස මහතා ද පැමිණි සිටි අතර උත්සවය මෙහෙයවූයේ රිචඩ් ද සොයිසා මහතා ය. ප්‍රදර්ශණය නැරඹූ ඒ මහතා “අපරාදෙ, මට වඩා හොඳට පරිගණක ගැන කතා කරන්න පුළුවන් කෙනෙක් ගෙන්වන්න තිබුණා.” යැයි ඉතා නිහතමානී ව පැවැසුවා.

ඒ ප්‍රදර්ශණය නැරඹීමට ඇතුළු වන තැන යම්කිසි ප්‍රශ්ණයක් අසා තිබුණා. එය නම් ආතර් සී. ක්ලාක් මහතා ලියූ 2001 ග්‍රන්ථයේ එකම වැකි 2 ක් දෙපොළක ඇති බවත් ඒ කුමක්ද යන්නත් යි. ඒ වැකි 2 ක නම් “තමා ලෝකයට අධිපති බව ඔහු තේරුම් ගත්තේය, කළ යුතු යමක් දැනට සිතා ගත නොහැකි වුවත් පසුවට යමක් සිතා ගත හැකි වනු ඇත. ” යන්නයි. හඳයා ආයුධය හඳුනා ගත් අවස්ථාවෙහි දී ද, බෝමන් අවස්ථා විපර්යාසයකට ගොදුරු වූ අවස්ථාවේ ද මෙම වැකි දෙක පොතෙහි දක්නට ලැබේ.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s