ගාමිණී ෆොන්සේකාගේ පරසතු මල්

“පරසතු මල්” චිත්‍රපටියෙ ගාමිණී රඟපාන්නෙ බොනී මහත්තයගෙ චරිතය. සාමාන්‍ය බාසාවෙන් කියනව නම් සල්ලාලයෙක්. තමා අවට ඉන්නා හැම ගැහැණියක් ම තමාගේ දැලේ දා ගන්න උත්සාහයක් දරන කෙනෙක් හැටියටයි මතුපිටින් බැලුවහම පේන්නෙ. ඒත් ඔහුගේ අභ්‍යන්තරය ඊට වඩා වෙනස්.

මම හිතන්නෙ ඔහු ඉතා ස්ථාවර දැඩි බන්ධනයක් ඇති කර ගැනීමට වෙහෙස ගත් ඒත් එය අසාර්ථක වී මියෑදීමට සිදු වූ කෙනෙක්. ඔහු කිසි විටෙක අනුන්ට හිරිහැර කළේ නෑ. තමන්ගෙ යම් ක්‍රියාවකින් අනුන්ට කරදරයක් වී යැයි හැඟුනහොත් ඒකට වන්දි ගෙව්වා. දුක හා වෙහෙස තනියම විඳ ගත් ඔහු දුක් දුන්නේ තමන්ට මයි.

සුජාතා අත්තනායක ගයන “පරවුණු මල්වල සුවඳ අතීතේ . . ” යන ගීතය ඇත්තෙත් මේ චිත්‍රපටයෙ යි. මේ චිත්‍රපටයෙ ගාමිණීට අමතරව ටෝනි රණසිංහ, පුණ්‍යා හීන්දෙනිය, අනුලා කරුණාතිලක හා ඩී. ආර්. නානායක්කාර යන නළු නිළියන් ද රඟපානවා. සමහර තැන්වල අතිශය සංවේදී දෙබස් තියෙන මේ චිත්‍රපටය පුළුවන් නම් හොයාගෙන බලන්න. අද කාලෙ එන සමහර කඨෝර නිර්මාණවලට වඩා නම් සිය දහස් ගුණයක් හොඳයි.

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s