චක්‍රීය සිදුවීම්

මේ කතාව කියවන කෙනෙක් මේක අහඹු සිද්ධියක් හැටියට සලකන්න පුළුවනි. ඒත් මට මේ චක්‍රීය සිදුවීම් ගණනාවක් බව විශ්වාසයි.

මගෙ මව ගුරුවරියක්. පත්වීම ලැබුණු දා ඉඳන් විශ්‍රාම යන තුරුම පහළ බාලාංශයට ඉගැන්වූ ගුරුවරියක්. මම පුංචි කාලෙ කිහිප වතාවක් ම මවගේ පාසැලේ සංවිධානය කළ ප්‍රදර්ශණවලට සෑහෙන උදව් කළා. ඒ කාලෙ අම්මගෙ පන්තියෙ සැරසිලි බොහොමයක් වෙන්නෙ මගෙ අතිනුයි. ඒ සැරසිලිවලට හුඟාක් අගය කිරීම් ලැබුණා.

ඊළඟට මම දහම් පාසැලේ උගන්වන කාලෙ, අපි ප්‍රදර්ශණයක් සංවිධානය කළා. මේ වැඩේට තරඟයක මුහුණුවර දී තිබුණා. තරඟයට හවුල් වුණේ දහම් පාසැලේ නිවාස කිහිපයයි. ඒ කාලෙ ටියුෂන් දීලා හම්බ කරපු සල්ලි ඔක්කොම මම මගෙ නිවාසය වෙනුවෙන් වැය කළා. එහිදී අපේ නිවාසයට ලස්සණම නිවාසයට හිමි තෑග්ග නොලැබුණත්, හොඳම සකස්කිරීම ලෙස අගය කිරීමකට ලක් වුණා.

මේ චක්‍රීය සිදුවීම්වල ඊළඟ රවුම වුණේ Digitronics ආයතනයේ දී සංවිධානය කළ පරිගණක ප්‍රදර්ශණයයි. එයට පැමිණි හැමෝගේම අගය කිරීම ලැබුණා. අවසාන වතාවට මෙයට වසර දහයකට පමණ පෙර OpenArc ආයතනයේදී වීශාල පරිගණක ප්‍රදර්ශණයක් කළා. ඒකටත් ලැබුණු ප්‍රතිචාරයේ වෙනසක් වුණේ නැහැ.

මෙසේ සිදුවීම් චක්‍රීය ලෙස වන්නේ නම් අප කළ යුත්තේ මොකක්ද ? ඊළඟ චක්‍රයට අසු වන සේ අපට අවශ්‍ය සිද්ධියක් කිරීමයි. දරුවන් ලවා කරවීමයි.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, 15. අපේ ආයතනය, සිංහල. Bookmark the permalink.

One Response to චක්‍රීය සිදුවීම්

  1. අමිල says:

    හිත් ඇදගන්නා සිදුවීමක්. මේ චක්‍රය ගැන තවත් නම් දැනගන්න ලැබෙන එකක් නෑ. මම හිතන්නේ සර්ගේ ගෝලයන්ට පුලුවන්නම් සර් කියූදේවල් ගැන ලියන්න ලොකු පිනක්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s