හොරෙන් පැනලා යාම

මට හමු වූ අති විශිෂඨ ගුරුවරයෙක් උත්තම සාදු කියන්නෙ. එතුමා බොහෝ විට හීල් දානයෙන් හා දහවල් දානයෙන් පසු ගිහි අපගේ ප්‍රශ්ණ විසඳීමට බණ මඬුවට වඩිනවා. එදත් හීල් දානයෙන් පසු එතුමා බණ මඬුවට වැඩියා. එදා උදෙන්ම පැමිණි යුවලක් තම දුව ත් සමඟ ඉදිරියෙන් ම වාඩි වී සිටියා. පසුව දැනගත් පරිදි ඒ දෙදෙනාම වෛද්‍යවරු. ඒ දෙදෙනාගේ වැඩිමහළු දියණිය හොරෙන් ගෙදරින් පැන ගොස් ඇති නිසා ඇයව ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රමයක් දැන ගන්නයි ඔවුන් පැමිණ ඇත්තේ. එතැන් පටන් මගේ ගුරුතුමා ඇසූ ප්‍රශ්ණ කිහිපය යි පහත ඇත්තේ.

පියා දෙස බලා

ගුරුතුමා : ඔබ මීට බොහෝ කාලයකට පෙර ඔබ ගෙදරින් පිට වුණේ දියුණු වෙන්න හිතාගෙන. එදා ඉඳන් අද දක්වා තමන්ගෙ දෙමාපියන්ට කළ අල්පෙනෙත්තක දෙයක් හරි දැන් මං ඉස්සරහ මතක් කරන්න පුළුවන් ද ?

ඔහු බිම බලා ගත්තේය.

මව දෙස බලා

ගුරුතුමා : ඔබ ගැනත් කියන්න තියෙන්නෙ එච්චරයි නේද ?

ඇය ද බිම බලා ගති.

පියා : සාදු. අපි දෙමාපියන් සිහි කරලා සංඝීක දානයක් දෙන්න කැමතියි.

ගුරුතුමා (දැඩි මුහුණක් මවාගෙන) : හ්ම්. හිතන්න එපා බුද්ධාගමේ තියෙනව කියල ඉන්නකම් දෙමාපියන්ට සලකන්නෙ නැතුව මැරුණායින් පස්සෙ අපට පගාව දීල ඒ වැරැද්ද හරි ගස්ස ගන්න. ඒව බුද්ධාගමේ නෑ.

(කුඩා දියණිය දෙස බලා) මට ඔයාගෙන් ඉල්ලන්න තියෙන්නෙ, ඔය අම්ම තාත්තගෙ කරුමවලට අක්ක කර ගැහැව්වට ඔයා කර ගහන්න යන්න එපා.

අද අපට ලැබෙන අවවාද එක්ක සෑසඳුවහම මේ අවවාදා මට තවමත් හුඟාක් වටිනවා. මේ උත්සාහය ඒ අත්දැකීම් ඔබ සමඟ බෙදා ගැනීමයි.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

3 Responses to හොරෙන් පැනලා යාම

    • kumudupinto says:

      මා තරයේ අදහන එසේම තේරුම් ගත් දෙයක් නම්, අප බුද්ධ ධර්මය හා අනෙක් සියළු ආගම් වරදවා ගෙන ඇති බවයි. අප එක්කෝ මෙය දර්ශණවාදයක් යැයි හංවඩු ගසමින් අත් හරින අතර එසේත් නැත්නම් ඊළඟ භවයට ප්‍රයෝජනවත් වන ආගමක් යැයි සිතා වයසක අය දෙසට එය තල්ලු කරයි. එහෙත්, බුද්ධ ධර්මය ලෞකික ඕනෑම දෙයකට භාවිතා කළ හැකියි. ඒ සිඟාලෝවාද හෝ පරාභව සූත්‍රවල දැක්වෙන ආකාරයට නොවේ. අනෙක් සෑම කොටසකම, විශේෂයෙන් අභිධර්මයේ දැක්වෙන ආකාරයටයි. ඒ අනුව ඕනෑම කෙනෙකුට තමාට අවශ්‍ය ඕනෑම දෙයක්, විශ්ව නීති නොකැඩෙන ඕනෑම දෙයක්, එමඟින් ලබා ගත හැකියි. ඒ කාරණය සත්‍ය නම් ලෝකයේ කුල වාදය හෝ වෙනත් ඕනෑම තිරශ්චීන තුට්ටු දෙකේ තත්ව අභිභවා යෑමට අපට හැකි විය යුතුය.

  1. rava says:

    අපුරුයි මිත්‍රයා ගොඩ කාලයකින් මම කියවන්න ආවෙ දැනුයි ඔයාව දැක්කෙ.. බුදුදහම ගැනැ මිනිසුන් සිතා සිටින දෙවල ඉතා වැරදි. මමත් පොත පත කියවලා දැනුම ටිකක් රැස් කරගත් කෙනෙක්.. එවා කියවන විට මා බොහො වෙලාවට සිතන්නෙ හාමුදුරුවරු මෙ දැනුම ඇයි අපිට දුන්නෙ නැත්තෙ.. හැමදාම එකම , කිප දහම් කරුණු කිපයක් අල්ලාගෙන නැවත නැවත ප්‍රකාශ කරනවා .. ගිහි මිනිසුන්ට දෙශනා කල ගොඩාක් තැන් තියන්වා කලාතුරකින් අපිට අහන්න දකින්න ලැබෙන…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s