C සඳහා උදාහරණ – 1

අපි C program එකක් නිර්මාණය කරන්න කලින් තේරුම් ගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි C කියන්නෙ Case-Sensitive පරිගණක භාෂාවක්. ඒ කියන්නෙ Uppercase හා Lowercase අකුරු එකිනෙකට වෙනස්. ඒ නිසා gcc program එකකදි අපට හරියටම නිවැරදි අකුරු ටයිප් කරන්න සිද්ද වෙනවා. දෙවැන්න gcc program එක ටයිප් කරන්න ඕනෑම Text Editor එකක් පාවිච්චි කරන්න පුළුවන්. තුන්වැන්න ඒක ටයිප් කිරීම අහවර කරලා එය කොහේ හෝ ගබඩා කර ඉන්පසු එය Compile කරන්න වෙනවා. ඊටත් පස්සෙයි අපට එය Run කර ප්‍රතිඵලය බලා ගත හැක්කේ.

පළමු පියවර
gcc program එකක් එක්කෝ void main() { ලෙස ආරම්භ කර එක ලියා මුලින් විවෘත කළ සඟළ වරහන වසා දමා එක නිම කළ හැකියි. එසේත් නැතිනම් int main() { ලෙස ආරම්භ කර අවසාන නියෝගය ලෙස return 0; යන්න ලියා සඟළ වරහන වසා එය නිම කළ හැකියි.

පළමු ක්‍රමය Turbo C++ හිදී වරදක් නොවේ. Ubuntu උඩ ඇති gcc වලදී warning එකක් දෙයි. අපට ඉදිරියට යා හැක. එහෙත්, Windows මත ඇති MinGW මඟින් install කළ gcc වලදී මෙය නිවැරදි යැයි භාර ගන්නේ නැත. එබැවින් අප දෙවන ක්‍රමයට යමු.

මෙහිදී දැන ගත යුතු තවත් කාරණයක් නම්, සෑම නියෝගයක් අවසානයේ දීම තිත් කොමාවකින් (“;” යන්නෙන් ) එය අවසන් කළ යුතු බවයි. void main(){ යන්න හෝ int main(){ යන්න gcc program එකේ ආරම්භය මිස පූර්ණ නියෝගයක් නොවන බැවින් එය අවසානයේ තිත් කොමාව නොයෙදුවත්, return 0 යන්න අවසානයේ තිත් කොමාව යෙදීම අත්‍යවශ්‍යය.

පළමු පියවර අවසානයේදී අපගේ C Program එක

int main(){

return 0; }

දෙවන පියවර
ඊළඟට මෙහි මදය ලිවිය යුතුය. අප හිතමු අපට අවශ්‍ය වන්නේ “Hello World” යන්න තිරයේ දැක්වීමය කියා. පළමුව මෙය වචනයක් බැවින් Double Quotations ඇතුළත එය ලිවිය යුතුය. මේ සඳහා වඩාත් ම පොදු නියෝගය වන printf යන්න භාවිතා කළ හොත් එය printf(“Hello World”); සේ ලිවිය යුතුය. තිත් කොමාවකින් එය අවසන් කළ යුතුය. දැන් අපගේ C program එක පහත ආකාරයේ වේ.

int main(){
printf(“Hello World”);
return 0; }

නියෝග තුළ යම් වචන හෝ අගයයන් ලියන විට ඒවා වරහන් තුළ ලියන අතර ඒවාට Parameters යැයි කියනු ලැබේ.

තුන්වන පියවර
C Program එක ලියා (හෝ ටයිප් කර ) අවසාන නැත. C වල ඕනෑම නියෝගයක් ඇත්තේ යම් Header File එකක් (හෙවත් ලාච්චුවක්) තුළ ය. එම නියෝහය පාවිච්චි කිරීම සඳහා අදාල Header File එක හෙවත් ලාච්චුව ඇරිය යුතුය. මෙහිදී printf යන නියෝගය ඇත්තේ stdio.h යන Header File එක තුළ වන අතර එය විවෘත කරන නියෝගය #include යන්න වේ. එය ලියන්නේ program එකේ සියළු පේලිවලට ඉහළින් පහත දැක්වෙන ආකාරයටයි.


#include< stdio.h >
int main() {
   printf(“Hello World”);
   return 0; }

මතක තබා ගත යුතු වැදගත්ම දේ නම්, Header File එක ලියනු ලබන්නේ වරහන් තුළ නොව අසමානතා ලකුණු අතර බව ය.

සිව්වන පියවර
දැන් අපගේ C Program එක හමාර ය. දැන් ඇත්තේ එය ටයිප් කිරීම යි. Turbo C++ වලදී නම් විවෘත කළ ගමන් ලැබෙන්නේ Editor එක නිසා කෙලින්ම එය ටයිප් කළ හැක. Ubuntu උඩ ඇති gcc වලදී Ubuntu වල ඇති යම් Text Editor එකක් විවෘත කර මෙය ටයිප් කළ යුතුය. Windows උඩ දී නම් Notepad වැනි Text Editor එකක් වුව ද භාවිතා කළ හැකිය.

ටයිප් කර අවසානයේ තමාට අවශ්‍ය තැනක (අපි ඒ තැන Examples නම් Folder එක යැයි සිතමු.) ඒ C program එක ගබඩා කළ හැකිය. මෙහිදී program එකෙහි extension එක ලෙස .c යෙඩිය යුතුය. එසේ නම් මෙම program එක අප ගබඩා කළේ Test1.c ලෙස යැයි සිතමු.

පස්වන පියවර
දැන් ඇත්තේ මෙය Compile කිරීමයි. Turbo C++ වලදී Menu එකෙහි ඇති Compile – Compile යන නියෝගය මඟින් එය සිදු කළ හැකිය. Ubuntu උඩ දී System යන්න විවෘත කළ යුතු අතර Windows වලදී cmd යන්න විවෘත කළ යුතුය. ඉන්පසු පහත අයුරින් program එක Folderr ඇති එකට ගොස් මෙය Compile කළ යුතුය.

cd Examples
gcc Test1.c -o Answer

මේ එක් එක් නියෝගයක් අවසානයේ Enter එබිය යුතු වේ අවසාන නියෝගයේ gcc හා -o යන්න එසේම විය යුතුය. Test1.c යනු අප ගබඩා කළ C program එකයි. Answer යනු Compile කළ විට අපට ලැබිය යුතු ප්‍රතිඵලයයි.

සයවන පියවර
Turbo C++ වලදී Menu එකෙහි ඇති Run – Run යන නියෝගය මඟින් එය Run කළ යුතුය. ප්‍රතිඵලය බලා ගැනීමට File – DOS Shell මඟින් Command Window එකට යා යුතුය. Ubuntu වල gcc වලදී System හි ./Answer යන්න ටයිප් කර Enter කිරීමෙන් ප්‍රතිඵලය බලා ගත හැකි අතර Windows වලදී cmd හි නිකම්ම Answer යන්න ටයිප් කර Enter කිරීමෙන් එය කළ හැකිය.

මේ ඔබගේ පළමු C Program එකයි.

This entry was posted in 16. C++, සිංහල. Bookmark the permalink.

14 Responses to C සඳහා උදාහරණ – 1

  1. රනා says:

    සෑහෙන්න මහන්සි වෙලා කරලා තියෙන නිර්මාණයක්.
    මේක දිගටම කරගෙන යන්න.
    ඒ වගේම මේ වගේ ලිපියක් ලියනකොට ඒකට පාවිච්චි කරන terms ම පාවිච්චි කළොත් ඒක ඔයාටත් මේක කියවන කෙනාටත් ගොඩක් ලේසි වෙන වැඩක්. උදහරණයක් විදියට තිත් කොමාව කියන්නේ නැතුව “;” කියලා කෙළින්ම කිව්වානම් මට හිතෙන්නේ ඒක සාර්තකයි.
    කොහොම උනත් හොද උත්සාහයක්. නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යන්න.

    ජය වේවා…

    • kumudupinto says:

      දිරි ගැන්වීමට ස්තුතියි. මම උත්සාහ කරන්නම් Terms එහෙමම පාවිච්චි කරන්න.

  2. Wathsala Vithanage says:

    I really appreciate your effort. I consider C as a very special language due to it’s simplicity, power and age.
    It is almost 40 years old and still growing, I simply love this language. It is simple in design yet powerful to express the most complex.
    We see it’s power from Operating System kernel to control systems on space crafts and from Office suites to Particle accelerators.

    At a time all our visionaries with illl visions focus on repeating the Indian success on Sri Lankan soil by making mere information workers employed
    in BPO companies (feel sorry for those who believe in BPO and Sri Lankans mislead by BPO gurus), attempts such as yours will only
    make a difference; A difference that could only be achieved by taking the so called advanced knowledge to the Desktops of kids around
    the country in their native language. Let us empower few bright kids who will make great strides towards building global brands of Sri Lanka like IBM, Google, etc
    and world renowned research institutions.

    I wish we had more people like you who could take the knowledge of science, mathematics, technology, philosophy and arts to the door
    steps of kids in native languages using new cost effective social media like wiki and blogs.

    Once again thank you for starting a series of C articles in Sinhala language targeting Sri Lankan kids.

  3. kumudupinto says:

    Thank you for the comment. Similarly if another person can start a series of Posts on Free Pascal, it will help the audience.

  4. ගීතික says:

    කරල බලන්නම්

  5. ගීතික says:

    Compiler එකක් බා ගැනීමට හොද ලින්ක් එකක් දෙන්න බැරිද ?

  6. ගීතික says:

    මම භාවිතා කරන්නේ වින්ඩෝස් xp. turbo c++ නම් බාගන්න පුළුවන් ඒත් මම කියන්නේ එක් තැනකින් බාගන්න ලින්ක් දෙන්න එතකොට ලේසියි(විවිධ වර්ශන් තියෙන නිසා). ඉන්ටෆේස් එක ගැනවත් දැනුමක් නැතුව Compiler එකක් භාවිතා කරන එක අමාරුයි.

    • kumudupinto says:

      ඔබ “හැඳින්වීම” යටතේ ඇති ඊ-මේල් ලිපිනයට විමසුමක් මට එවන්න. මම RAR හා WinZip කළ MinGW ඔබට එවන්නම්. ඊළඟට එය භාවිතා කරන අන්දම කියා දෙන්නම්.

  7. අමිල says:

    අපිත් උබුන්ටු භාවිතයට හුරු උනොත් හොදද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s