අපි හුඟාක් අය හිතාගෙන ඉන්නෙ නිවන් දකින්න නම් ඉස්සෙල්ල සෝවාන් වෙලා ඊළඟට සකෘදාගාමී වෙලා ඊළඟට අනාගාමී වෙලා අන්තිමට රහත් වෙන්න ඕනෙ කියල නෙ. ඒත් අපේ උත්තම සාදු කියන්නෙ එහෙම නෙවෙයි.
උන්වහන්සෙ කියන්නෙ මේ මාර්ග හතරක් බවයි. පස්සෙ කල්පනා කරන කොටයි ඒක සම්පූර්ණයෙන්ම පිළි ගත හැකි යැයි හැඟුණෙ. පතපොතේ සඳහන් වෙන අන්දමට සෝවාන් සකෘදාගාමී අනාගාමී අර්හත් කියන මාර්ග හතරෙම ගිය චරිත කිහිපයයි අපට හමු වෙන්නෙ.
මුලින්ම සිදුහත් තාපසතුමා. එතුමා ඇසතු බෝ රුක මුලදී පළමුව සෝවාන් වෙලා ඊළඟට සකෘදාගාමී වෙලා ඊළඟට අනාගාමී වෙලා ඊළඟට අර්හත් වෙලා ඊලඟට සම්‍යක් සම්බෝධිය ලැබුවා ය කියලයි පොතපතේ සඳහන් වෙන්නෙ. ඊළඟට සුද්ධෝධන රජතුමා. එතුමා අවස්ථා හතරක දී මේ මඟ ඵලවලට පත් වුණා කියලයි සඳහන් වෙන්නෙ.
පුදුමයි නේද ?
ඇත්තටම මට උත්තම සාදු මුණ ගැහිලා මේ කරුණු කාරණා දැන ගත්තට පස්සෙ කිසිම අවස්ථාවක්දි ඒ කරුණු ගැන සැක කරන්නට වෙලා නෑ. අදටත් එහෙමමයි.
මට නම් මේක තේරුනේ නෑ සර්. මමත් හිතාගෙන ඉන්නෙ 1,2,3,4 වගේ අනුපිලිවෙලට ලබා ගතයුතු දෙයක් කියලයි. තව දුරටත් ඕක පැහැදිලි කරොත් හොදයි කියල මට නම් හිතෙන්නෙ.