Data Cable එක

Digitronics ආයතනය ටික ටික අභාවයට ගියා. මගේ ඊළඟ පියවර විය යුතුව තිබුණෙ Digitronics ආයතනය වැඩි දියුණු කරලා කොළඹට පැමිණීම. ඒත් ඒකට ආයෝජනය කරන්න මට හයියක් තිබුණෙ නෑ. ඒ හන්ද මං කොළඹ අමරාන් ආයතනයෙ Software Manager හා Training Manager හැටියට රැකියාවට ආවා.

මං නුවර Digitronics ආයතනයෙ පරිගණක ගන්න හා අනෙක් වියදම්වලට යාළුවන්ට හා මුදලාලිලාට ණය වූ ප්‍රමාණය ගෙවා ගන්න විදියක් නෑ. මේක විසඳන්න නම් පඩියෙන් සෑහෙන කොටසක් ඉතිරි කර ගත යුතුයි. ඒක සෙල්ලමක් නෙවි. ඒකට විසඳුම හැටියට මම අපූරු පියවරක් ගත්තා.

උදේට ගෙදරින් හොඳට කාල එනව. හැබැයි ගෙදරින් බත් ගෙනියන පුරුද්දක් මගේ කවදාවත් තිබුණෙ නෑ. ඊළඟට දවල්ට නොකා ඉන්නවා. හවසට අපහු ගිහිල්ලා කෑම කනවා. මේ විදියට ඉතිරි කරගෙන කොහොම හරි මුදලාලිගෙන් ගැලවුණා. යාළුවන්ගෙ ණය ගෙව්වෙ ඊට හුඟ කාලෙකට පස්සෙ.

මෙතන වැඩ කරද්දිත් ලස්සණ සිදුවීමක් වුණා. දවසක් දුරකථන ඇමතුමක් ආවා, ප්‍රින්ටරය වැඩ කරන්නෙ නෑ කියල. වැරැද්ද දෘඩාංගවල වෙන්නත් පුළුවන්. මෘදුකාංගවල වෙන්නත් පුළුවන්. ඒ නිසා මාත් ඒ ආයතනයෙ Hardware Manager සුරේෂුත් මේ ගමනට එකතු වුණා.

එතන අධිපති වෙලා හිටියෙ කාන්තාවක්. ඈය එකල ලෝකය පිළි ගත් පරිගණක ඩිප්ලෝමාවක හිමිකාරියක්. සුරේෂ් මුලින්ම දෘඩාංගවල ප්‍රශ්ණයක් ඇද්දැයි බැලුවා. කම්පියුටරයට Power එනවා. ප්‍රින්ටරයට Power එනවා. ඊළඟට Data Cable එක. “කෝ මේකෙ Data Cable එක” ඔහු ඇයගෙන් විමසුවා. ඇගෙ පිළිතුර වුණේ “මොකක්ද ඒ ? “යන්නයි. “ඇයි කම්පියුටරයෙ ඉඳලා ප්‍රින්ටරයට Data යන Cable එක.” “ආ එහෙමත් එකක් ඕනෙද ?” ඇය විමසුවා.

ඇය හිතල තියෙන්නෙ කම්පියුටරයෙ Power Cable එක දිගේ බිත්තියට Data ගිහිල්ල ආපහු ප්‍රින්ටරයෙ Power Cable එක දිගේ ආපහු එනව කියල වෙන්න ඇති.”ඇයි ප්‍රින්ටරය ගන්න කොට එහෙම එකක් දුන්නෙ නැද්ද ?” “දුන්න. ඒක හරියට වැඩ කරන්නෙ නැහැ කියලා ආපහු ගෙනිච්චා. ආයෙත් ගෙනාවෙ නැහැ. මං හිතුවෙ නෑ, ඒක ඕන වෙයි කියල” ඇය කිසිම ලජ්ජාවක් නැතිව පිළිතුරු දුන්නා.

ඕන්න අපට මුහුණ පාන්න සිද්ද වුණු දේවල්.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

2 Responses to Data Cable එක

  1. කුම්භකර්ණයා says:

    patta

  2. indika kumara says:

    ගෑනු ගොඩ්ක් දේවල් වයර් ලස් විදිහට දකින්නෙ….ඒකනෙ කෙල්ලෙක් කලින් මීට් උනාම කියන්නෙ….අපි කථාකරකර ඉමු…එපා අල්ලන්න එන්න මාව….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s