ජ්‍යොතිෂය පරිගණක වැඩ සටහන ගැන තවදුරටත්

ඇත්තටම මම කලින් ලිපියෙ මතක් කළා වගෙ අපට ඕනෑම මොහොතක එක් එක් ග්‍රහයෙක් සිටිනා තැන ගණනය කරන සමීකරණ ලැබුනෙ නෑ. ඒ සඳහා අපි කළේ Astro කියන මෘදුකාංගය භාවිතා කරල එක් එක් ග්‍රහයෙකුගේ සායන පිහිටීම (බටහිර රටවල් ගණනය කරන භෞතික පිහිටීම ) හොයල ඒකෙන් ඒ වසරට හිමි අයනාංශ අඩු කරල නිරයන පිහිටීම හොයා ගත්ත එකයි.

මේ සායන පිටීම් අපේ පරිගණක වැඩ සටහනට දාලයි එසේ නිරයන පිහිටීම් හොයා ගත්තෙ. ඊක් එක් වසරට හිමි අයනාංශ ගණනය කිරීමට යම් සමීකරණයක් අපට පෙනුනෙ නැති හන්ද ඒ ටික Array එකකට දැම්මා.

එක් එක් ග්‍රහයා සඳහා වගේම එක් එක් රාශිය සඳහා ත් තිබුණෙ 2D Arrays. ඒකට හේතුව එක් එක් ග්‍රහයාට වගේම එක් එක් රාශියකට ත් එක දත්තයකට වඩා තිබීම. උදාහරණ වශයෙන් ශනි තුලා රාශියට උච්ච වගේම සිකුරු එම රාශියට ස්වක්ෂේත්‍රයි. බුද මිත්‍රයි. මේවාගෙ කරුණු තියා ගත්තෙ 2D Arrays වලයි.

ඊළඟට සඳුගෙ පිහිටීම අනුව උපන් නැකතත්, ඒ වගේම දශා ශේෂයත් හොයල ඒ අනුව මහ දශා අතු දශා විදශා ටික ගණනය කරගෙන කරගෙන කියා. බී. වී. රාමන් මහත්මයගෙ “යෝග සියය” කියන පොතේ යෝග 99ක් ම දාන්න ඒ තරම් මහන්සි වෙන්න වුණේ නෑ. ඒත් මං Program එක ලිව්ව විදිය හන්ද ද කොහෙද කාල සර්ප යෝගය මේ Program එක ඇතුළට ගන්න නම් ටිකක් හිතන්න වුණා.

අනෙක් සියළුම දේ එක්කො if – else නැත්නම් ගණනය කිරීම්.

ඔන්න ඔහොමයි ඒ ජ්‍යොතිෂය සඳහා වූ Program එක GWBasic වලින් ලිව්වෙ. ඒත් මතක තියා ගන්න GWBasic කියන්නෙ Non-Structured ගණයට අයත් පරිගණක භාෂාවක්. ඒ කියන්නෙ ඒකෙ Procedures නෑ.Objects නෑ ඇත්තෙ එක් එක් නියෝගයකට දමන Line Numbers පමණයි. ඔක්කෝම නියෝග එක යට එකයි ලියන්න තිබුණෙ. ඒත් Sub Routines කියල ජාතියක් තිබුණා.

දැනට ඒ ගැන ඔය විස්තර ටික ඇති නේ.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s