ජ්‍යොතිෂය විශ්වාස කළ යුතු ද ?

මම කිසි විටෙක ජ්‍යොතිෂය විශ්වාස කරන්න හෝ අවිශ්වාස කරන්න යැයි කියන්නේ නෑ. ඒත් අපි පහළ ඇති කරුණු ටිකක් විමසිල්ලෙන් බලමු.

අපි කවුරු හරි චක්කරේ වැරැද්දුවට ගණිතය විෂයයට දොස් කියන්නේ නෑ. හාමුදුවරු දුස්සීල වුණාට බුද්ධාගමට දොස් කියන්නෙ නෑ. ඩැයිවර්ලා ළමයින්ව හැප්පුවට කාර් කොම්පැණිවලට දොස් කියන්නේ නෑ. කසිකබල් දේශපාලඥයො හන්ද දේශපාලන විද්‍යාව උසස් පෙළ විෂයයක් හැටියට නොකර ඉන්නෙත් නෑ., ඒත් අපි නූගත් ජ්‍යොතිශාස්ත්‍රඥයො කියන වැරදි හන්ද මුළු ජ්‍යොතිෂය විෂයටම ගර්හා කරනවා. ඒක හරි ද ?

අනෙක අඩු ගණනේ ජ්‍යොතිෂය අකුරක්වත් ඉගෙන ගෙන නෙවෙයි නෙ අපි ඒ විෂයයට ගරහන්නෙ. ඒක හරි ද ?

තුන්වෙනුව අපි රසායන විද්‍යාවෙ පරමාණුක ව්‍යුහය ගැන බිහි වූ මත විමසා බලමු. මුලින්ම කිව්වා ප්ලම් පුඩිමක ප්ලම්ස් විදියට ය පරමාණු විසිරිලා තියෙන්නෙ කියල. පස්සෙ ඒ පිහිටීම කවච දක්වා වර්ධනය වුණා. ඊළඟට කාක්ෂික පිළිබඳ මතය ආවා. ඒත් අපි තවම සාමාන්‍ය පෙළට උගන්වන්නෙ කවච. ඊළඟට පරමාණුවක පිහිටීම ගැන නිශ්චිතවම කියන්න බැරි බව කිව්වා. ඒත් අපි තවම උසස් පෙළට කාක්ෂික උගන්වනවා. සාමාන්‍ය පෙළෙහි උගන්වන දේ උසස් පෙළෙහි වෙනස් වෙනවා. උසස් පෙළෙහි උගන්වන දේ සරසවියෙදි වෙනස් වෙනවා. මෙතරම් නිශ්චිත නැති දෙයක් ය අපි ඉගෙන ගත්තෙ කියල දැන ගත්තායින් පස්සෙවත් අපි රසායන විද්‍යාවට දොස් කියනවද ?

සාපේක්ෂතා වාදය ආවායින් පස්සෙ නිව්ටන් නියම හෙල්ලුනා. අද අපට හරියටම කියන්න පුළුවන්ද සාපේක්ෂතා වාදය හරියටම හරි ය කියල. එහෙමත් නැත්නම් අපි සාපේක්ෂතා වාදයෙහි සියළුම දේ හොයාගෙන ඉවරද ? ඒත් අපි තවම භෞතික විද්‍යාවට දොස් කියන්නෙ නෑ.

මෙච්චර විද්‍යාව දියුණු ය කියන කාලෙක ක්‍රිස්තු වර්ෂ 2000 ගැන හරියටම ලෝකය දැනගෙන හිටියද ? එතනදි සමහර දියුණු රටවල අය පවා හැසිරුණු හැටි අමතක ද ?

අපි අනෙක් හැම විෂයයක් ගැනම පර්යේෂණ කරනවා. කලින් හොයා ගත්ත මතයක් වැරදී අළුත් මතයක් ඉදිරියට එනවා. ඒත් ඒ විෂයය ගැන ලෝකය වැරදියට හිතන්නේ නෑ. එහෙම නම් ඇයි ජ්‍යොතිෂය ගැන මෙබඳු ප්‍රතිචාර ? ඇයි අපට බැරි ජ්‍යොතිෂය බොරු නම් ඒ පිළිබඳ ව යම් පර්යේෂණයක් කරල ඒ දේ ඔප්පු කරන්න බැරි.

මතක තියා ගන්න ජ්‍යොතිෂයත් විෂයයක්. ඒකෙත් රසායන විද්‍යාවෙ හරි භෞතික විද්‍යාවෙ හරි වගේම ඒකට පෞද්ගලික වූ නීතිරීති රැසක් හා දත්ත සමුදායයක් තිබෙනවා. ඒ හන්ද අපි ජ්‍යොතිෂයටත් විෂයයක් වාගෙ සලකමු ද ?

ඒ එක්කම මෙයට වසර ගණනාවකට පෙර ආර්. ජී. ද එස්. වෙත්තිමුණි කියන ඉංජිනේරු ශිල්පියා “බුදු දහම, ආගම හා විද්‍යාව සමඟ සම-විසම වන අයුරු” කියලා අපූරු පොතක් ලිව්වා. මම හිතන්නෙ ඒකෙ මුල් පිටපත ඉංග්‍රීසි. ඒත් මට කියවන්න හම්බ වුණේ පරිවර්තනය. ඒ පොතේ ඔය හුඟාක් තර්කවලට උත්තර තියෙනවා. මම කියන්නෙ ජ්‍යොතිෂය වැරදි ය කියන තර්කවලට නොවේ. අනෙක් බොහෝ විෂයයන් පරම සත්‍ය ය කියන තර්කවලට.

ඒක විෂයයක් ය කියන පදනමේ ඉඳගෙන ඒකෙ කරුණු ඉගෙන ගෙන අපි තර්ක කරමු.

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

4 Responses to ජ්‍යොතිෂය විශ්වාස කළ යුතු ද ?

  1. දනුක says:

    ජෝතිෂ්‍යය 100% නැතත් විශ්වාස කරන්න ඕන. ජෝතිෂ්‍යය වැරදී කිව්වොත් මම කීයටවත් ඒකට එකඟ වෙන්නෑ.ජෝතිෂ්‍යයෙන් කිව්ව ගොඩක් දේවල් සනාථ වෙලා තියනවා. සමහර දේවල් වැරදිලත් තියනවා. එකක් වැරදුනාට මුළු ජෝතිෂ්‍යයටම ගරහන එකනම් වැරදියි.

    2nd Para එකේ 3rd Line එකේ වැරැද්දක් තියනවා…..🙂

  2. sulaga says:

    බොහොම වැදගත් මාතෘකාවක්.
    අවධානය යොමුකලාට ස්තූතියි…

    ආර්. ජී. ද එස්. වෙත්තිමුණි කියන ඉංජිනේරු ශිල්පියා “බුදු දහම, ආගම හා විද්‍යාව සමඟ සම-විසම වන අයුරු”

    මේ පොත හරි පරිවර්ථනය හරි ගන්න පුලුවන් තැනක් දන්නවද?

    • kumudupinto says:

      සමා වන්න. පොත් සාප්පුවක හොයනවා වෙනුවට එක්කෝ පුස්තකාලයක හොයන්න. එහෙමත් නැත්නම් පත්තරේ දැන්වීමක් දාන්න වෙයි පොතක් තියෙන කෙනෙක්ගෙන් මිලයට ගන්න. ඒ මොකද ඕක මුද්‍රණය වුණේ බොහෝ කාලයකට පෙර හන්ද.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s