ජ්‍යොතිෂය සඳහා සංකීර්ණ පරිගණක වැඩ සටහනක්

අමරාන් ආයතනයෙ වැඩ කරන කාලයේ ඒ ආයතනයෙ සභාපති තැන්පත් ආරියසිරි අරංගල්ලගේ මැතිතුමා සමඟ කිට්ටු සම්බන්ධකමක් පැවැත් වූ පුද්ගලයො දෙදෙනෙක් තමයි කපිතාන් කුලරත්න මහත්මයා හා ගුණපාල මුතුතන්ත්‍රී මහත්මයා. ඒ දෙනම දැන් ජීවතුන් අතර නෑ. ඒ දෙන්නාම ඉතා දක්ෂ ජ්‍යොතිශාස්ත්‍රඥයින්. ඒ දෙන්නාගෙ උදව්වෙන් මං අපූරු පරිගණක වැඩ සටහනක් කළා GW BASIC වලින්.

ඒ කාලෙ අපට දිනය, වෙලාව හා ස්ථානය දුන්නහම ග්‍රහ පිහිටීම් ගණනය කර ගන්න විදියක් තිබුණෙ නෑ. ඒ හන්ද ඒ වැඩේ කර ගත්තෙ කියන මෘදුකාංගය උදව් කර ගනිමින්. ඒ මහත්වරු දෙපළට අවශ්‍ය වෙලා තිබුණෙ ග්‍රහ පිහිටීම් හොයන්න නෙවෙයි. කේන්ද්‍රයට අදාල වෙනත් විස්තර ගණනය කර ගන්නයි.

මේ වැඩ සටහනට ඇතුළු කළ යුතු දත්ත වුණේ යම් කෙනෙකු උපස් දිනය, වේලාව හා ස්ථානය (අක්ෂාංශ හා දේශාංශක ) වූ අතර ප්‍රතිඵලය වශයෙන් මට මතක හැටියට පිටු 60ක පමණ විස්තරයක් ලැබුණා.

යම්කිසි කෙනෙකුගේ කේන්ද්‍රය සඳහා එක් එක් ග්‍රහයකුගේ දීප්ත යනාදී අවස්ථාවනුත්, ක්‍රිෂ්ණමූර්ති පද්ධති සඳහා වන දත්ත සමූහයකුත්, අෂ්ටක වර්ග සඳහා බින්දුවල විස්තරත් ඉන්දියාවේ බී. වී. රාමන් මහත්මයගෙ පොතක තිබුණු ග්‍රහ යෝග සියයාක් අතුරින් එම කේන්ද්‍රයේ ඇත්තේ කුමන ඒවා ද හා ඒවායේ ප්‍රතිඵල මොනවාද යන්න ගැනත් මෙහි සඳහන් වුණා.

ඒ එක්කම උපන් මොහොතේ සිට වසර 120ක් යන තෙක් මහ දශා, අතුරු දශා හා විදශා වල විස්තරයකුත් මෙහි අඩංගු වුණා. හුඟාක් අය ආකර්ශණය වුණේ අන්න ඒ කොටසටයි.

දැන් ඒ වැඩ සටහන හොයා ගන්නවත් නෑ. ඒත් ඒ විස්තරය ලබා ගත් සමහරු තවමත් ඒක ළඟ තබාගෙන ඉන්න බව නම් ආරංචියි.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

10 Responses to ජ්‍යොතිෂය සඳහා සංකීර්ණ පරිගණක වැඩ සටහනක්

  1. මුදිතා says:

    ඒ වගේ වැඩසටහන් තවමත් හොයන පිරිස් ඉන්නවා. මා හොඳින්ම දන්න කිහිපදෙනෙක්ම ඒ වගේ මෘදුකාංගයක් හොයාගන්න බොහොම මහන්සි වෙනවා. වර්තමානයේ තිබෙන ඉහළ තාක්ෂණයෙන් වුවත් බොහෝ දෙනෙකුට කරන්න අපහසු කටයුතු බොහොමයක් ඔබතුමන්ලා ඒ කාලයේ කරලා තිබෙන බව පෙනෙනවා. ඒ වැඩසටහන දැං හොයාගන්න නැති එක ගැන කියන්න තියෙන්නේ ඇත්තටම ‘අපරාදේ…’ කියලා තමයි.

  2. ගීතික says:

    දැන් හදහනක් බලන්නත් 300 / 500 විතර ගන්නවා. මගෙ ලගත් star එකක් නම් තියෙනවා ඒත් ඒකෙන් වෙනත් විස්තර හොයන්න බැහැ. ඔය කියන වැඩස‍ටහන හොයාගන්න බැරිද ?

    • kumudupinto says:

      මම හිතන්නෙ, වෙලාව තියෙනව නම්, ව්‍යාපෘතියක් හැටියට ජ්‍යොතිෂය ඉගෙන ගෙන ඒ සඳහා පරිගණක වැඩ සටහනක් ලියන්න උත්සාහ කරනව නම් හොඳයි නේද ?

  3. ගීතික says:

    ඒක තමයි හොදම දේ

  4. indika kumara says:

    අප රාදෙ වෙලාව කන වැඩක්….පුලුවන්නම් කැල්කියුලේසන් එකකින් අපි කන කැරට් වල අහිතකර රසායන කීයක් ඉතිරිවෙලා තියනවද කියල හොයන්න….
    *වගාවට යොදන කෘමිනාශක වර්ග….
    *ඒවා යොදන වාර ගනන….
    *එවිට බෝගයේ වයස…..
    *යෙදූ කෘමිනාශකයේ සක්‍රිය කාලය….
    මම හිතන්නෙ ඉතිරි උන ටික අපිට හොයන්න පුලුවන් වෙයි….

  5. ඒ දවස් වල කරල තියෙන වැඩේ නම් අතිශයින් පැසසිය යුත්තක්.එහි ගණිතමය ක්‍රියාවලිය ලාංකික විවෘත මෘදුකාංග නිර්මාණ ශිල්පීන්ට නිරාවරණය කිරීමෙන් වඩා හොද මෘදුකාංගයක් නිර්මාණය කිරීමට හැකියාවක් ලැබෙන බව නම් පැවසිය යුත්තකි.

    එපමණක් නොව ජ්‍යෝතිෂ මෘදුකාංගයකින් කේන්ද්‍ර සටහනේ ගණිතමය කොටස හා බොහෝ යෝග නිරවුල්ව ජ්‍යෝතිෂ වේදියෙකුට අදුනා ගැනීමට හැකිවන අතර පලාපල කීමට නම් මිනිස් මනසක්ම අවැසි වන්නේය.

    • Wathsala Vithanage says:

      I have done some initial work on a new type of a software which tries to identify astrological patterns. There are many astrological patterns (Yoga) identified by astrological branches like Parashar, Lal Kitab, etc. However I believe that these yogas should be reviewed within the modern context, and there might be yogas unseen by Pandith Parashar, etc during their times but prominent in our times. To achieve this I’m trying to use a computational pattern recognition method named as Self Organizing Feature Map (SOFM). SOFM is an unsupervised machine learning algorithm which will cluster similar features together. Process is iterative and we will cluster each cluster again using SOFM until we end up with most prominent astrological planetary combinations common to most of the folks in each cluster. Once this knowledge is available modern astrologers will start using these newly found and revised sets of yoga.

  6. Tharanga Sujeeva says:

    ජ්‍යොතිෂය තනිවම ඉගෙන ගතහැකි පොත් පත් හෝ වෙබ් අඩවි දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකොග

    • kumudupinto says:

      ඉස්සර නුගේගොඩ තිබුණ මොඩන් පොත් සමාගම කියල පොත් සාප්පුවක්. නුගේගොඩ හන්දියයි ගම්සබා හන්දියයි අතර. එතන තිබුණ හොඳ පොත්. හැබැයි, ජ්‍යොතිෂයට උඩිනුයි බුදුදහම තියෙන්නෙ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s