වට්ටක්කා ගෙඩියක ඇට ගණන

මගෙ ගුරුතුමා, උත්තම සාදු, තමා ළඟට එන අයගෙ රෝගවලටත් ප්‍රතිකාර කළා, හරිම අමුතු විදියකට. මේ ඒ එක් අවස්ථාවක්.

එක් අවස්ථාවක එතුමා ළඟට ආ පුද්ගලයෙක්, තමාගේ කකුලේ පතුලේ ඇති ගල් තැලුමක් හොඳ නොවන බවත්, එය නිතරම වේදනා දෙන බවත් ඒ අවස්ථාවේදී ද එය තදින් වේදනා දෙන බවත් පැවසුවා. ඒ රෙදි බිස්නස් කරන කෙනෙක්.

මගේ ගුරුතුමා පළමුව ඔහුගෙන් ඇසුවා, තමාට යම් රෙදි කෑල්ලක් දී එහි අද මිල ඇසුවොත් කියන්න පුළුවන් ද කියා. ඔහුගේ පිළිතුර වූයේ අවසාන රුපියලට එය පැවැසිය හැකි බවයි. ඊළඟ ප්‍රශ්ණය වූයේ එවෙලේ වට්ටක්කා ගෙඩියක් ගෙනැවිත් දුන්නොත් එය නොකපා ඇතුළේ ඇති ඇට ගණන පැවසිය හැකි ද කියා යි. එය නොකළ හැකි බව ඔහු පැවසුවා.

“ආ, තමා නොදන්න දේවලුත් තියෙනව එහෙනම්.” එතුමා පැවසුවා. ඔහු හිස වැනීමෙන් එය පිළි ගත්ත. “ධැන් බලන්න ඒ ගල් තැලුම තියෙනවද කියල” එතුමා විමසුවා. පිළිතුර වුයේ විස්මයාත්මක ව “නැත්” යන්නයි.

යම්කිසි කෙනෙකුට කියන්න පුළුවන් මෙය සැලසුම් සහගත ව කළ දෙයක් හැටියට. මේ කතව ඒ සැක දුරු කරන්නයි.

මගේ බාල සොහොයුරාට මුත්‍රා බොක්කේ ගල් නිතරම හැදෙනවා. ඒක හැදුනාම වේදනාව ඉවසා ගන්න බැරුව කෑ ගහනවා. මම මගේ ගුරුතුමා දැන හැඳින ගත් කාලයේත් ඕක හැදුනා. මා කළේ වහාම ඔහුව ගුරුතුමා ළඟට ගෙන යාමයි. ඔහුව බිම දිගා කර ඔහුගේ එක් පයක මහපට ඇඟිල්ල තමාගේ කකුලේ මහපට ඇඟිල්ලෙන් අල්ලාගෙන යම් චිත්ත සමාධියකට සම වැදුනා. මල්ලිගි කෑ ගැසීම ටික ටික අඩු වේගන ගියා. ටික වේලාවකට පසුව “දැන් හොඳද ” කියා ඇසූ විට තව ටිකක් ඇති බව් මල්ලී පිළිතුරු දුන්නා. “එහෙම නම් ආඵු වැඩි කරලා තමයි නොඳ කරන්න වෙන්නේ ” යැයි පැවසූ ගුරුතුම නැවත තම කාර්යය පටන් ගත්තා.

නැවත මල්ලී කෙඳිරි ගන්නට පටන් ගත්තා. ටික ටික එය කෑ ගැසීමකට හැරුණා. නැවතත් ටික වේලාවකින් එය ක්‍රමයෙන් අඩුව ගියා. මා දන්නා තරමින් අද වන තෙක් එය නැවත සෑදුනේ නෑ. අවසානයේ දී ඔහුට අවවාද වශයෙන් ලැබුණේ තමාගේ අවශ්‍ය කටයුතුවලට තම වැඩිමහල් සොහොයුරා (ඒ කියන්නේ මා ) උදව් කරනු ඇති බවත්, සියළු ප්‍රශ්ණ මා හට කිව යුතු බවත් ය. මේ සැක නැතිව ඉදිරිපත් කළ හැකි කාරණයක්.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

4 Responses to වට්ටක්කා ගෙඩියක ඇට ගණන

  1. Hasitha says:

    උත්තම සාදු ගැන මාත් අහලා තියෙනවා. ඒත් හම්බෙන්න නම් අවස්ථාවක් ලැබුණේ නැහැ. උත්තම සාදු අපවත් වෙලා කියලා තම මම දන්නේ. උත්තම සාදු ගැන තවත් කතා තියෙනවා නම් කියන්න.

  2. සු says:

    මේ කියන උත්තම සාදු තාම ඉන්නවද ? මුණගැහෙන්න ඇත්නම් කියල හිතෙනවා .. පුළුවන්නම් වැඩි විස්තර කියන්න. මේ බ්ලොග් එකත් කියවන්න ආස හිතෙන බ්ලොග් එකක්. දිගටම ලියන්න. ජය වේවා !

  3. kumudupinto says:

    උත්තම සාදු නම් අප අතරින්, ඒ කියන්නෙ ඒ හිටපු කයෙන් සමු ගත්තා 2002 දී. ඒත් මේ වාගෙ උපදෙස් ගන්න පුළුවන් තව සාදු කෙනෙක් (අපි ආමන්ත්‍රණය කරන්නෙ එහෙමයි ) ඉන්නවා ධීරවංශ සාදු කියල. දැනට වැඩ වාසය කරන්නෙ කතරහම සේනාසනයක. ඒත් හැම මාසයකම සාමාන්‍යයෙන් පළමු හෝ දෙවන සෙනසුරාදා පිටිපන කණිෂ්ඨ විද්‍යාලයට වඩිනවා සීල ව්‍යාපරයක් කරන්න. ඒ එන දවස් ගැන වැඩි විස්තර 2755035 හි ගාමිණී මහතාගෙන් ලබා ගත හැකියි.

  4. sorry.com says:

    උත්තම සාදු ගැන තවත් කතා තියෙනවා නම් කියන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s