සෝවාන් වීම හා රහත් වීම

සෝවාන් වෙනකොට ක්ලේශයන් 3ක් කැඩෙනවා ලු. ඒවා නම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා හා සීලබ්බත පරාමාස කියන ඒවා යි.

සක්කාය දිට්ඨි කියන්නෙ මම ය මාගේ ය කියම හැඟීම. මගෙ පවුලට මගෙ අහවලාට දෙන්න ඕනෙ හන්ද නෙ මේ ඔක්කොම. මම කියන දේ නැති කිරීම ගැන ඒ කියන්නෙ අන් අය වෙනුවෙන් ජීවත් වීම ගැන කියල තියෙන්නෙ බුදු දහමෙ විතරක් නෙවෙයි මං හිතන්නෙ.

විචිකිච්ඡා කියන්නෙ බුද්ධා දී අටතැන ඇති සැකය. බුද්ධ, ධම්ම, සංඝ, ශික්ෂා පද, තමා පෙර විසුවේ ද යන වග, තමා පසුව වසන්නේද යන වග, ඒ කාරණා දෙකම (ඒ කියන්නෙ අවිච්ඡින්න බව නෙ.), හා පටිච්ච සමුප්පාදය ගැන ඇති සැකය යි.

ලස්සණ ම දේ ඊළඟ එකයි. සීලබ්බත පරාමාස. බුදු දහමින් හැර වෙන යම් දහමකින් තමාට විමුක්තිය (හෝ යම් ම සැනසීමක්) ලැබේ ය යන විශ්වාසය. ඒ කියන්නෙ සෝවාන් වූ කෙනෙක් දෙයියො ඉස්සරහ වැඳ වැටිල මුකුත් ඉල්ලන්න යන්නෙ නෑ. අනෙක් අයට හොරෙන් දෙයියන්ට පගාව දෙන්න යන්නෙ නෑ. යන්තර මන්තර ගුරුකම් කොඩිවිණ බන්ධන තොවිල් පවිල් විශ්වාස කරන්න යන්නෙ නෑ. එකම විස්වාසය මේ බුදු දහම පමණයි.

අප අවට බැලීමේදි අපට සෝවාන් අය බුරුතු පිටින් දැක ගන්න පුළුවන් කියල ද ඔබ හිතන්නෙ ? මගෙ එක් ආසාවක් තමයි මැරෙන්න ඉස්සෙල්ල සෝවාන් වෙච්ච කෙනෙක් එක්ක කතා කිරීම.

දැන් මං කතා කරන්න හිටිය දේ කියන්නම්. සසුනෙදි උත්තම සාදුගෙන් ප්‍රශ්ණයක් ඇසුවා යමෙක්. විශුද්ධි මාර්ගය කියන පොතේ හැටියට රහත් වූ කෙනෙකුට සෝවාන් මාර්ගස්ථ පුද්ගලයකුගෙ චිත්ත තත්ත්වයට පහළ වැටෙන්න පුළුවන් ද කියල. එතුමාගෙ උත්තරේ වුණේ “ඔව්. පුළුවන්.” කියන එකයි !

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

5 Responses to සෝවාන් වීම හා රහත් වීම

  1. rava says:

    රහත් වුනු කෙනෙක් සොවාන් වෙන්න පුළුවන් නමුත් සොවාන් වුණු කෙනෙක් පෘත්ග්ජනයෙක් වෙන්නෙ නැහැ.. එක අභිධර්මයෙ සදහන් වෙනවා…

    • kumudupinto says:

      හරියට හරි. ඉහළ සංයෝජන 5 කඩලා රහත් භාවයට පැමිණීනවා. ඒ හන්ද ඊළඟ භවයක් නෑ. ඒත් ඒ භවය තුළදීම මුල් සංයෝජන 5 කඩන්න පහළට එන්න වෙනවා.

  2. //රහත් වූ කෙනෙකුට සෝවාන් මාර්ගස්ථ පුද්ගලයකුගෙ චිත්ත තත්ත්වයට පහළ වැටෙන්න//

    මොකද්ද මේ කතාවෙ තේරුම ???????????

    • kumudupinto says:

      විසුද්ධි මාර්ගය කියවන්න. මෙයින් කියවෙන්නෙ සෝවාන් වෙනව කියන එක නෙවෙයි. සෝවාන් මාර්ගස්ථ පුද්ගලාකුගෙ තත්ත්වයට චිත්තය පහළ බසිනවා කියන එකයි.

      • Fiqri Ismail says:

        මම අහල තියෙන විදිහට විසුද්ධි මාර්ගය කියන්නෙ හරියට මුං ඇට හොද්දක් වගේ.. “යක්” ඇටත් තියෙන්න පුළුවන්…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s