අවිශ්වාසය

මම කම්පියුටර්ලින්ක් ආයතනයෙ ඉන්දැද්දි ම්ට හරි වැඩක් වුණා. මම ඒ කාලෙ dBase III+ කියන දත්ත ගොනු සඳහා වන මෘදුකාංගය උගන්වනවා. ඒ එක් කණ්ඩායමකට ආවා එයාර් ලංකා ආයතනයෙ හරි ඕස්ට්ට්‍රේලියානු තානාපති කාර්යාලයෙ හරි සේවය කරන නිලධාරිනියන් පිරිසක්. මම ඒ කාලයෙත් හුඟාක් පාට එක්ක වැඩ කරනවා. ඒ කාලෙ මම දුන්න එක් අවවාදයක් තමයි, තමන් ලියන්නෙ හුඟාක් දිග ප්‍රෝග්‍රෑම් එකක් නම්, ඒකෙ එක් එක් කොටසක් යම් පාටකින් Block කරන්න ය කියල. ඒ කණ්ඩායමේ සිටි එක් කාන්තාවක් ඒ කිව්ව අවවාදය හරියටම පිළි පැද්දා.

ඒ කාලෙ ඊස්ට් වෙස්ට් ආයතනයෙ කළමනාකාර අධ්‍යක්ෂක නහිල් විජේසූරිය මහත්මයා තමන්ගෙ අළුත් පරිගණක අධ්‍යාපන ආයතනය දුවවන්න කෙනෙක් හොයන කලෙ. ඒ මහතාගෙ බිරිඳගෙ යාළුවෙක් අර මගෙ ගෝලයා. එයාගෙන් අහලා බලද්දි නහිල් කියල තියනවා “මට නෝට්ස් පොත් බලන්න ඕනෙ.” කියල. ඇයගේ නෝට්ස් පොත බලපු ගමන් නහිල් තීරණය කරලා මාව ගන්න.

ඒ කාලෙ යම්කිසි රැස්වීමකදි නහිල්ට මාව මුණ ගැහුණා. ඊට පස්සෙ දවසෙම මට කෝල් එකක් ආවා මුණ ගැහෙන්න එන්න කියලා. එතනදි නහිල් මට රැකියාවක් Offer කළා. එතකොට මගේ පිළිතුර වුණේ “මට මෙතනින් අස්වෙන්න හේතුවක් නෑ.” යන්නයි.

නහිල් කිව්වා “මම ඔයාගෙන් ඔයාගෙ පඩිය කීයද කියල අහන්නෙ නෑ. කීය වුණත් ඔයාගෙ පඩිය මම දෙගුණ කරනවා. ඒ එක්කම ඔයාට අසීමිත ඉන්ධන (Unlimited Petrol) එක්ක කාර් එකකුත් දෙනවා.” කියල. ඒ කාලෙ මම උත්තම සාදු ව දන්නෙ නෑ. ඒ එක්කම මගෙ ගිවිසුමේ තිබුණෙ එක් මාසයක කල් දීමකින් අස් වෙන්න පුළුවන් කියලයි. මම මාසයක් කල් දුන්නා අස් වෙන්න.

ඒත් කම්පියුටර්ලින්ක් ආයතනයෙ අධිපතිතුමා යමෙක් මාසයක් කල් දුන්නොත් අස් වෙන්න එවේලේම ඔහුව අස් කරනවා. මටත් කිව්වා ආයෙත් එන්න ඕනෙ නෑ කියල. ඒ කොච්චර කල් හිටිය කෙනෙක් ගැන වුණත් තියෙන අවිශ්වාසය හන්දයි. මම එතනින් නැවතුනා.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s