නත්ථි මෙ සරණං අඤ්ඤං

අපි බෞද්ධයො හැටියට කොච්චර බොරු කියනවද අපේම බුදුහාමුදුරුවන්ට ? අපි බුදු ගෙයට යනවා. පාලියෙන් “නත්ථි මෙ සරණං අඤ්ඤං” කියලා තුන් වරක් කියනවා. ඒකෙ තේරුම “මට අන් සරණක් නැත. බුදු හිමියනි, ඔබ පමණය. එසේම දහම් හා සඟ සරණ ට ද. එතැන වැරැද්දක් නෑ. ඒ මොකද බුද්ධ, ධම්ම, සංඝ කියන්නෙ එකම පද්ධතියක මුහුණත් 3.

නැබැයි වැරැද්ද කරන්නෙ ඊළඟටයි. ඊළඟට අපි දෙවාලෙට ගිහිල්ලා කතරගම දෙවියන්ගෙන් හරි ඔය කාගෙන් හරි සිංහලෙන් “අනේ දෙයියනේ, මාව විභාගෙන් පාස් කරල දෙන්න. මට අරක දෙන්න. මට මේක දෙන්න. මං ඔබ වහන්සේට අරව දෙන්නම් – මේව දෙන්නම් – කියල කියනව.

හිතාගෙන ඉන්නෙ කතරගම දෙවියන්ට පාලි බැහැ කියලද ? පාලියෙන් බුදුහාමුදුරුවන්ට කියනවා, “මට ඔබ පමණය කියල”. සිංහලෙන් තව කාගෙන්වත් උදව් ඉල්ලනව. වැඩේ හරි ද ?

දෙවියො අපෙන් බලාපොරොත්තු වෙන්නෙ පින්. ඒ ගොල්ලො ඒ තත්ත්වෙට පත්වෙලා ඉන්නෙ පින් කළ නිසා. අපි දෙවියන්ට පඬුරු පාක්කුඩම් දෙනව නම්, තව පින් කළ ඇත්තො කොච්චර ඉන්නවද අප අවට, ඒ විදියට පුද පූජා සත්කාර කරන්න ?

හැබෑටම මට දැනුයි මතක් වුණේ. ඒ අයටත් ඒ විදියට පඬුරු පාක්කුඩම් දෙනව නෙ.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

6 Responses to නත්ථි මෙ සරණං අඤ්ඤං

  1. 100% agreed and timely post !! It’s only Buddhists who have parallel faiths. The issue is it’s integrated in to the religious institutions as well. If there are no devalaya’s in temples people would not be there.

    This is more a tradition coming from ancient days. Other religions prohibit another faith and Buddhism is not having strict laws in this regard.

    Good observation and good post !

  2. Bandaraya says:

    ඔබ කියන විදිහට අපි හැමෝම අවංක වෙන්න ගියොත් මේ ලෝකෙ අවුල් ජාලාවක් වෙනව.[ මම කියන එක ඇත්තද බලන්න ඕන නම් මාස තුනකට ඔබ අවංක වෙලා බලන්න.]
    ඔබ කියන එක ඇත්තයි… අපි මේ සම්බන්ධයෙන් ඉදිරියට යන්න ඕන තමයි. නමුත් ප්‍රායෝගිකව ඕක හරි අමාරුයි කරන්න.

  3. Wathsala Vithanage says:

    “හිතාගෙන ඉන්නෙ කතරගම දෙවියන්ට පාලි බැහැ කියලද ? පාලියෙන් බුදුහාමුදුරුවන්ට කියනවා, “මට ඔබ පමණය කියල”. සිංහලෙන් තව කාගෙන්වත් උදව් ඉල්ලනව. වැඩේ හරි ද ?” This is like our government, they scold western block in bitter Sinhala in front of local media but ask for their help like an obedient child in perfect English in a very diplomatic way. This is typical Sri Lankan way, government reflects it’s people.

  4. kumudupinto says:

    අපි අමාරුවෙන් හරි මේ දේ කළොත්, ඊළඟ පරම්පරාව සන්තෝසෙන් ඉඳියි. දැන් අමාරුව තියෙන්නෙ අපේ කලින් පරම්පරාව එක්කනෙ.

  5. indika kumara says:

    අපිට සරණ ඔබයි කියල දෙයියොන්ට කියන්නෙ නෑ නෙව….එතන තියෙන්නෙ ගනුදෙනුවක්….ඉල්ලන්නෙ පිහිටක් නෙව..දෙයියනේ මාව පාස් කරල දෙන්න දුන්නොත් පස්සෙ බාරයක්…පූජ වට්ටියක් කාරිය දෙන්න බැරියැ…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s