මල් නො ආ ගසකින් මල් ගැනීම

සුමනදාස සමරසිංහ මහත්තයගෙ “මිනිස් සිතේ හාස්කම්” පොත කියවූ මම ඒ න්‍යාය ප්‍රායෝගිකව අත්හදා බලන්න පරීක්ෂණයක් හෙව්ව. ඒ කාලෙ මම මොරටුව කැම්පස්. දෙවන වසර. අපේ ගෙවත්තෙ උඩ එල්ලන උඩවැඩියා පඳුරක් තිබුණා. කලින් ඒකෙ මල් ආවත් කාලෙකින් කිසිම මලක් ආවෙ නෑ. මම හිතුව ඒ ගස සමඟ මගෙ පරීක්ෂණය කරන්න.

මම හැමදාම කැම්පස් යන්න එළියට බැස්සහම මොහොතක් ඒ ගහ ළඟ නැවතුණා. ඊළඟට හිතින් මම ගසට මෙහෙම කිව්වා. “අනේ ඔයාගෙ මල් එන්නෙ නැති හන්ද අපි ඔයා දිහා බලන්නෙවත් නෑ. ඉක්මනට මල් දෙන්න. එතකොට මං විතරක් නෙවෙයි, මේ ගහ දකින හැමෝම ආසාවෙන් ආයෙත් පාරක් ඔයා දිහා බලයි.” මෙහෙම හිතෙන් කියල මම කැම්පස් ගියා.

හැබැයි මම වෙනදා විදියටමයි ඒ ගහට සාත්තු කළේ. වතුර විතරයි. විශේෂ පෝර මුකුත් නෑ. අනෙක් ගස්වලටත් එහෙමයි. වෙනදා වගේමයි.

දවස් එකොළහෙන් පොට්ටු ආවා. දහතුන් වෙනි හරි දාහතරවෙනි හරි දවසෙ මල් පිපුණා.

මම මේක දැන් මං වැඩ කරන ආයතනයෙ මෙයට ටික කලකට පෙර හිටි මගෙ ගෝලයකුට කිව්වා. එයා මේ පරීක්ෂණය අනෙක් පැත්තට කරන්න සැරසුනා. එයා හිටියෙ බෝඩිමක. ඒකෙ ජනෙල් පත්ත උඩ එයාම ගෙනාපු පැලයකට එයා ළඟට ගිහිල්ල මෙහෙම කියල තියෙනවා. “ඔයාට මං කැමති නෑ. ඔයාට මං ආදරේ නෑ.” දවස් කීපයකින් ගහ මැරෙන්නම ගිහින් ආයෙත් එයාට ගහට කියන්න වෙලා ඒ කළේ පරීක්ෂණයක් බවත් එයට අමනාප නොවන ලෙසත්. හරි අමාරුවෙන් ලු ඒ ගහ ආපහු යථා තත්ත්වයට ගෙනල්ල තියෙන්නෙ.

මේක විස්වාස නැත්නම් මං හොඳ පරීක්ෂණයක් කියන්නම්, කරල බලන්න. තම තමන්ගෙ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය ඇති නෙ. හැමදාම එයාව හම්බ වෙන්න යන්න කලින් හරි එයාට කතා කරන්න කලින් හරි මොහොතක් ඇඟ ලිහිල් කරලා පුටුවක වාඩි වෙන්න. ඊළඟට එයාට හිතෙන් හොඳටෝම බනින්න “තෝ ව (හරි තීව හරි) මට හම්බ වුණේ මගේම කරුමෙට. අනේ මට වෙච්ච කරුමයක්. මට කරදර කරන්නෙ නැතුව මගෙ පාඩුවෙ ඉන්න දීල හොඳ හිතින් මගෙ ජීවිතයෙන් ඈත්වෙන්න.” මේ විදියට විනාඩි 5ක් විතර හිතෙන් බැනලා කරන්නට ගිය වැඩේ කරන්න. ඕනෙ නම් දවස් 14ක් දෙන්නම්. වැඩේ කෙස් ගහටම හරි යයි.

හැබයි රජෝ ආයෙත් එහෙම එකක් ඉක්මනට පටන් ගන්නවා බොරු. ඒකට හේතු පස්සෙ කතා කරමු.

This entry was posted in 17. චිත්ත ධර්ම විද්‍යාව මගේ ඇසින්, සිංහල. Bookmark the permalink.

7 Responses to මල් නො ආ ගසකින් මල් ගැනීම

  1. Hasitha says:

    මේ ක්ෂේත්‍රය ගැන ඉන්දියානු ජාතික ජීව විද්‍යාඥ ආචාර්ය ජග්දිස් චන්ද්‍ර බෝස් (1858-1937) පර්යේෂණ කීපයක් ගැන මමත් කියවලා තියෙනවා

  2. මම මේ පොත කලින් කියවලා (කොහෙන්ද කියලා මතක නම් නෑ) , ලඟදි ආපහු හෙව්වා. ගාල්ලේ එකම තැනකවත් ඒක හොයාගන්න නෑනෙ. හරයක් නැති කථා නම් ඕනෙ තරම්.

    හොඳපොත් වඳවෙන කාලයක් ද මේ?

    කාටහරි මේක ලබාගන්න ක්‍රමයක් කියන්න පුළුවන් නම් ලොකුම උදව්වක්.

  3. මමත් මගේ ණය තුරුස් වලින් ගැලවිලා / නිදහස් මිනිසෙක් වේවා කියල දින 14 ක් නොවෙයි … දැන් අවුරුද්දක් තිස්සෙම පතනවා. කෝ තවම වුණේ නැහැනෙ….

    • kumudupinto says:

      එහෙම පතන විදියක් තියෙනවා. ඒක නිකම්ම පැතීමක් ම නෙවෙයි. ඉදිරි ලිපිවලදී එය පියවර වශයෙන් විස්තර කිරීමට උත්සාහ දරන්නම්.

  4. Wathsala Vithanage says:

    @hemantha samarakoon, if you want to get rid of debt and become a free man, then stop thinking of debt when you think of freedom, prosperity and happiness. Only think of freedom and prosperity, feel the joy from your mind and body enjoy just as you are going to get them tomorrow.

    • Wathsala Vithanage says:

      Enjoy just as you have already achieved the state you wanted right now (only prosperity and freddom do not think of debt).

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s