වීරරත්න ගුරුතුමා ගැන තව රස කතාවක්

එදා ගණිතය ඩබල් පීරියඩ්. අපට ඉගෙන ගන්න තිබුණෙ කොටස් හා ව්‍යාපාර වස්තු පාඩම. ඒ පාඩම තමයි අමාරුම පාඩම කියලා අපි අහල තිබුණා.සී. ඇම්. වීරරත්න මහතා ආවා. එතුමා කෝට් එකක් එහෙම ඇඳගෙන ටයි එකක් දා ගෙන තමයි පන්තියට එන්නෙ. එදා කෝට් එක ගලවලා පුටුවෙ එල්ලුවා. “අද ළමයි පාඩම නෑ. පොත් වහන්න. පෑන් පැන්සල් පැත්තකින් තියන්න.” අපිත් බොහෝම සන්තෝසෙන් පොත් වැහුවා. පෑන් පැන්සල් පැත්තකින් තිබ්බා කියපු විදියටම. “අද මං කතාවක් කියනවා.”

එතුමා ගෙ කතා හරි ලස්සණයි. ඒ මදිවට රඟපාලා පෙන්නනව ත් නෙ. අපිත් කතාව අහන්න ලෑස්ති වුණා.

“ඕන්න එක ගමක යාළුවො දෙදෙනෙක් හිටියා. මේ දෙන්නා කතා වුණා සල්ලි ටිකක් දාලා කඩයක් දාන්න. පළමුවැන්නා මෙච්චරකුත් දෙවැන්නා මෙcච්චරකුත් දාලා කඩේ පටන් ගත්තා. පළවෙනි අවුරුද්දෙ මෙච්චර වියදම් වුණා. මෙච්චර ලාභයක් ආවා. හොඳයි කවුරු හරි කියන්න පළමුවැන්නට ඒකෙන් කීයක් යන්න ඕනෙද ? දෙවැන්නට කීයක් යන්න ඕනෙද ? ” අපිත් උත්තර දුන්නා.

ඊළඟට එතුමා කතාව රස කර කර කියාගෙන යනවා. “මේ කඩේ තියෙන්නෙ කෝච්චි ස්ටේසමක් ගාව. කෝච්චියෙන් බැහැලා ආව ගෑණු ළමයෙක් එක්ක දෙවැන්නා යාළු වුණා. ඒ ගෑණු ළමයා ටික කාලෙකින් අපේ දෙවෙනි යාළුවට කියනවා . ඔයා මොකටද හවුලෙ කඩ කරන්නෙ ? අපි දෙන්න එකතු වෙලා තනියම කඩයක් දාමු අනේ කියල. මේ මිනිහත් එකඟ වුණා. මේ මිනිහ පළමුවැන්නගෙන් තමන්ගෙ පංගුව ඉල්ලුවා. දැන් පළමුවැන්නා කීයක් දෙන්න ඕනෙද ? “අපිත් උත්තර දුන්නා.

මෙහෙම ගිහිල්ල ගිහිල්ල පීරියඩ් දෙක අවසානයේ එතුමා කියනවා “කොටස් හා ව්‍යාපාර වස්තු පළවෙනි පාඩම අවසානයි. ඊළඟ දවසෙ දෙවනි පාඩම. ” කියලා. එතකොටයි අපෙත් ඇස් ඇරුණෙ.

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

6 Responses to වීරරත්න ගුරුතුමා ගැන තව රස කතාවක්

  1. Hasitha says:

    මේ වගේ අයට තමා ගුරුවරු කියන්නේ. දැන් කාලේ හුඟක් ගුරුවරු කරන්නේ black board එකට පාඩම කරලා period එක ඉවර වුණාම යන එක

  2. ilandhariya says:

    මෙහෙම ගුරුවරු පතාපිය….
    දුටු දුටු තැන මල් පුදාපිය…

  3. ඈනොනිමස් says:

    ඔබ අවිවාහක විය යුතුයි. වයස 50ට වැඩියි. ජිවිත කාලයම ඉගැන්වීමට කැප කලා.. මම හරිද? වැරදිද?

    • kumudupinto says:

      කිසිම වැරැද්දක් නෑ. නමුත් නම කිව්ව නම් නේද හොඳ ?

  4. ඈනොනිමස් says:

    අපොයි බෑ.. ඒ උනාට ඔබතුමාට මම ගරු කරනවා. ඔබෙන් මම ඉගෙනගෙන නැතත් මට ඔබතුමාව මුණගැසී තිබෙනවා (පදනම් ආයතනයෙදි) ඔබෙන් ඉගෙනගත් මගේ මිතුරියක් ඔබගැන මැවූ චිත්‍රය සැබෑබව එදා මට වැටහුනා. මේ කථාව ඔබ පදනම් ආයත​නයේ දේශණයේදීත් කිව්වා.
    ඔබට ජය..

    එකදිගට පෝස්ට් පල කිරීම නිසා ඔබට බ්ලෝග් කරණය එපා උනොත් මහා පාඩුවක්. එමනිසා විවේකයක් ගන්න උත්සාහ කරන්න.

    • kumudupinto says:

      කොහොමටත් මට විවේකයක් ගන්න වෙලා. අද අපේ ආයතනයෙ අවුරුදු උත්සවය. හෙට අපිත් එක්ක වැඩ කරන කෙනෙක්ගෙ තාත්ත අන්තරා වෙලා. අපට මොණරාගල යන්න තියෙනවා. වෙලාවක් ලැබුණොත් විතරයි ලියන්න වෙන්නෙ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s