සුමනදාස සමරසිංහ ගේ “මිනිස් සිතේ හාස්කම්”

මම ත් නුවර හිටි ජයන්නත කියල මගෙ යාළුවෙකුත් ඉරණම පත්තරේ පළ වූ “මම විෂ්ණු වෙමි” කියන ලිපියෙන් ඇරඹ මහා ආන්දෝලනයකට ලක් වූ ලිපි පෙළ කියවා අත්හදා බැලීම් කිහිපයක් ම කළා. ඒ අත්දැකීම් ගැන පස්සෙ කියන්නම් කො.

ඊළඟට යි එතුමා ගෙ “මිනිස් සිතේ හාස්කම්” කියන ප්[ඔත් පෙළ නිකුත් වුණේ. මට නම් ඒ පොත් පෙළෙන් හොඳම පොත පළවෙනි පොතයි. ඒ පොත්වලින් සුමනදාස සමරසිංහ මහත්තය කියන්න හැදුවෙ අප අපේ සිත මනා ලෙස හැසිරවීමෙන් නොකළ හැකි වැඩක් මේ මිහිපිට නැත ය යන්නයි !

අති විශිෂ්ඨ අදහසක්. පළමු වරටයි සිංහලෙන් මේ විදියට පොතක් හැටියට නිකුත් වුණේ. මම ඒ අදහස්වලින් සෑහෙන්න ප්‍රයෝජන ගත්තා. මම දන්නෙ නෑ, තවම ඒ පොත මිල දී ගන්න තියෙනවද කියල. පුළුවන් නම් හොයාගෙන කියවන්න.

This entry was posted in 17. චිත්ත ධර්ම විද්‍යාව මගේ ඇසින්, සිංහල. Bookmark the permalink.

5 Responses to සුමනදාස සමරසිංහ ගේ “මිනිස් සිතේ හාස්කම්”

  1. indika kumara says:

    සුමනදාස මහත්තය නැටුම් කලාව ගැන පොත් පත් ලියල තියනවද???/

    • arunishapiro says:

      ඉන්දික කුමාර, තාත්තා අතින් නැටුම් කලාව ගැන ලියැවිලා නැහැ. පහත සඳහන් ඒ පිළිබඳ පොතපත ගැන. සොයාගන්න හොඳම තැන ජාතික ලේඛනාගාරයයි.
      සිංහල නර්තන කලාව, මුදියන්සේ දිසානායක, කොළඹ 1995; Dances o‍f Sri Lanka, W. B. Makulloluwa; Sokari o‍f Sri Lanka, M. H. Goonailleke; Puppetry in Sri Lanka, J. Tiakasiri; series by Dept Cultural A‍ffairs: Yakun Natanava, Kolan Natanava, John Callaway, London, 1829; Ceremonial Dances of the Sinhalese, Otaker Pertold, Dehiwala, 1973; Mask and Mask Dancing in Ceylon, Justin Pieris, Ceylon Today, Vol. VI, No.1, Colombo, 1957; Sinhala Natum, M. D. Ragavan, Colombo, 1967; The Kandyan Dance, M. D. Ragavan, Cey.Today, Vol. IV, No.9, Colombo, 1955; The Vannam in Kandyan Dance, M. D. Ragavan, Cey. Today, Vol. V, No.2, Col. 1957.

  2. priyantha karunarathna says:

    දැනට අවුරුදු 20ට විතර කලින් මම මිනිස් සිතේ හාස්කම් පොත් 10ම බැලුවා.දැන්නම් ඒ සේරම මතක නෑ.ඒත් බලන්න වටින පොත් සෙට් එකක්.මම මේ ගැන විස්තර කීවම දැනට අවුරුදු 4ට විතර කලින් මගෙ මිතුරෙක් මහරගම පැත්තෙන් මේ පොත් කීපයක් හොයාගත්තා.ඒක නව මුද්‍රණයක්.පුලුවන් අය හොයගෙන බලන්න.

  3. arunishapiro says:

    කුමුදු, සුමේදට කළින් ඔයයි ජයන්තයි එහෙ ආවේ. ග්‍රීන්පාත් නිවසට ආපු මුල්ම පාඨකයෝ ඩිංගට ඔය දෙන්නත් අයිතියි. මම අම්මට ලියලා යවන්නම් මෙහෙම ඔයාව මුණ ගැසුන බව.

    තාත්තාගේ පොත් දැන් බාරව ඉන්නෙ නංගි, ගයානි සමරසිංහ. පොත් 40 ගාණකට අධික සංඛ්‍යාවක් එයා නැවත නැවත මුද්‍රණය කරනවා. තාත්තාගේ දේශන ඇතුලත් කැසට් පටි ද එයා වෙතින් ගන්න පුළුවන්. ලිපිනය තැ.පෙ. අංක 1, මත්තේගොඩ. දුරකතනය 011-575-3060

    • kumudupinto says:

      පුදුම මතකයක්. ඔබ හරියටම හරි. අපි සුමනදාස සමරසිංහ මහත්තයව මුණ ගැහෙන්න ගියාම එතුමා පුදුම වුණා කිසිම ප්‍රශ්ණයක් නැතිව න්‍යාය ඉගෙන ගන්න ආව කියල ඇහුවහම. මම නම් තවමත් ඒ න්‍යාය පාවිච්චි කරනවා. ඉඩ ඇතොත් කළ දේ ගැන ලියන්නම්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s