චාලි චැප්ලින් හා අපි

චාලි චැප්ලින් කියන්නෙ අති විශිෂ්ඨ විකට නළුවෙක්. ඔහු තම ජීවිත කාලය පුරාම කළේ අනුන්ව හිනස්සන එක. එනුන්ව සතුටු කරන එක. අනුන්ගෙ දුක මොහොතකට හරි අමතක කරවන එක. ඒත් මා අසා ඇති පරිදි ඔහුගෙ ජීවිතය දුක් ගිනි ජාලාවක්. ඒත් ඒක අපට ඔහුගෙන් පෙනුනෙ නෑ.

ඒ වාගෙ අප අතර කොච්චර අය ඉන්නවද තමන්ගෙ දුක් කරදර තනිකම් කිසිවක් අනුන්ට කියන්නෙ නැතුව අපට බොහෝම සාමාන්‍ය මුහුණක් පෙන්නගෙන ඉන්න අය. අපි මොහොතකටවත් හිතන්නෙ නෑ, එ අයට යම්තමින් හෝ ප්‍රශ්ණයක් තියෙන බව. ඒ අය ඒ තරමටම සාමාන්‍යයි.

ගැටළුව තියෙන්නෙ ඇයි ඒ අය එහෙම ඉන්නෙ කියල ඇයි ඒ අය තමන්ගෙ ප්‍රශ්ණ දුක් කරදර අනුන්ට, අඩු ගණනෙ තමන්ගෙ කිට්ටු හිතවතුන්ටවත් නොකියන්නෙ ?

මට හිතෙන විදිය හේතු දෙකයි තියෙන්නෙ. එක්කො ඒ ගොල්ලො හුඟාක් සංවේදියි. තමන්ගෙ ප්‍රශ්ණ අනුන්ට කියල ඒ මිනිස්සුන්ගෙත් හිත් නරක් කරන්නෙ මොනවඩත කියල හිතනව ඇති. එහෙම නැත්නම් ඒ ගොල්ලන්ට ඇත්තටම කිට්ටු ය කියන අය නැතුව ඇති. හුඟාක් අය තමන් ඒ අයගෙ හිතවතුන් යැයි හිතුවත් ඔවුන් ඒ අයගෙ අභ්‍යන්තරයට ළං වෙලා නැහුව ඇති.

අපි අඩු ගණනෙ දැන්වත් ඒ අයට ළං වෙන්න උත්සාහ දරමු ද, අපටත් කවදා හරි එහෙම වෙන්න පුළුවන් කියන මානසිකත්වයෙන් වත් ?

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

10 Responses to චාලි චැප්ලින් හා අපි

  1. ” මට හිතෙන විදිය හේතු දෙකයි තියෙන්නෙ. එක්කො ඒ ගොල්ලො හුඟාක් සංවේදියි. තමන්ගෙ ප්‍රශ්ණ අනුන්ට කියල ඒ මිනිස්සුන්ගෙත් හිත් නරක් කරන්නෙ මොනවඩත කියල හිතනව ඇති……………………………………………………. හුඟාක් අය තමන් ඒ අයගෙ හිතවතුන් යැයි හිතුවත් ඔවුන් ඒ අයගෙ අභ්‍යන්තරයට ළං වෙලා නැතුව ඇති. ”

    ඔබ නිවරදියි…

  2. Wathsala Vithanage says:

    There is another possibility, when people are extremely stubborn and brave they will not share their troubles with others. They themselves will try to find solutions.

    • kumudupinto says:

      That is alright I suppose. We have to encourage such energies.

      • ඇත්තටම කියන්නේ, මමත් චාලි චැප්ලින් කෙනෙක් තමා.

        • kumudupinto says:

          මං හිතන හැටියට අපේ සමාජයේ ඔක්කොම නෙවෙයි නම් වැඩි දෙනෙක් චාලි චැප්ලින්ලා.

  3. මට හිතෙන විදිහට ඒකට වැඩිපුරම බලපාල තියෙන්නෙ, තමන් ඉන්නා සමාජය. ආශ්‍රය කරන අය. බොහෝ අය තමන්ගෙ තත්වයට ගැටළුවක් වේවි කියල කියන්නෙ නෑ. මොනව උනත් ඒ අය සතු ආකල්ප (attitudes) තමා. එහෙම අයට ලං වුනා කියල ලොකු වෙනසක් දකින එක ගැටළුවක්.

  4. “ඔහුගෙ ජීවිතය දුක් ගිනි ජාලාවක්. ඒත් ඒක අපට ඔහුගෙන් පෙනුනෙ නෑ.”
    “ඒ වාගෙ අප අතර කොච්චර අය ඉන්නවද තමන්ගෙ දුක් කරදර තනිකම් කිසිවක් අනුන්ට කියන්නෙ නැතුව අපට බොහෝම සාමාන්‍ය මුහුණක් පෙන්නගෙන ඉන්න අය. අපි මොහොතකටවත් හිතන්නෙ නෑ, එ අයට යම්තමින් හෝ ප්‍රශ්ණයක් තියෙන බව. ඒ අය ඒ තරමටම සාමාන්‍යයි”

    මම මේක ගත්තෙ සර් එදා මට කියපු කතාවට උදාහරණයක් විදියට. මට අසනීප වුන එක මූනෙන් පේන්නෑ, මම බොරු කලා කිව්වනෙ. ඒක ලෝකෙටම දානවා කියලත් කිව්වනෙ. මේ කතාවත් මට සමානයි. සර්ටත් මාව තේරුම් ගන්නබැරි වුණා එහෙනම්.😦

    • kumudupinto says:

      තමන්ට ලබන්න පුළුවන් කටුකම අත්දැකීමක් තමයි තමන් විහිළුවක් කරන කොට අනිත් අය ඒක සීරියස් විදියට ගැනීමත් තමන් සීරියස් දෙයක් කියන කොට අනිත් අය ඒක විහිළුවට ගැනීමත්.

  5. 🙂🙂🙂🙂🙂🙂🙂🙂
    මමත් විහිලුවට තමයි කලින් comment එක දැම්මේ. සීරියස් ගත්තෙ නැතෝ… 🙂🙂🙂🙂🙂🙂🙂🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s